නුඹේ පියවරුන් ළඟට යාමට නුඹේ දවස් සම්පූර්ණවූ කල, මම නුඹේ පුත්‍රයෙක්වූ නුඹේම දරුවෙක් නුඹට පසුව පිහිටුවා, ඔහුගේ රාජ්‍යය ස්ථිරකරන්නෙමි.
ගීතාවලිය 89:5 - Sinhala Revised Old Version ස්වාමිනි, ස්වර්ගයෝ ඔබගේ ආශ්චර්යයන් වර්ණනාකරන්නෝය; ශුද්ධවන්තයන්ගේ රැස්වීමේදී ඔබගේ විශ්වාසකම වර්ණනාකරනු ලබන්නේය. Sinhala New Revised Version අහෝ සමිඳුනි! ඔබ කරන අසිරිමත් ක්‍රියා ගැන අහස් තලය ගී ගයන්නේ ය. සුරලොව පිරිස් ඔබේ විශ්වාසවන්තකම ගැන ගීතිකා කරන්නෝ ය. Sinhala New Revised Version 2018 අහෝ සමිඳුනි! ඔබ කරන අසිරිමත් ක්‍රියා ගැන අහස් තලය ගී ගයන්නේ ය. සගලොව පිරිස් ඔබේ විශ්වාසවන්තකම ගැන ගීතිකා කරන්නෝ ය. |
නුඹේ පියවරුන් ළඟට යාමට නුඹේ දවස් සම්පූර්ණවූ කල, මම නුඹේ පුත්‍රයෙක්වූ නුඹේම දරුවෙක් නුඹට පසුව පිහිටුවා, ඔහුගේ රාජ්‍යය ස්ථිරකරන්නෙමි.
ඉතින් අඬගසන්න; නුඹට උත්තරදෙන කෙනෙක් ඇද්ද? නුඹ ශුද්ධ තැනැත්තන්ගෙන් කවරෙකු දෙසට හැරෙන්නෙහිද?
නුඹේ ශරීර ඵලයෙන් නුඹේ සිංහාසනයෙහි හිඳුවන්නෙමියි කියාද, නුඹේ පුත්‍රයෝ මාගේ ගිවිසුමද මා ඔවුන්ට උගන්වන ශික්ෂාද රක්ෂා කරන්නෝ නම්,
අහස උන්වහන්සේගේ ධර්මිෂ්ඨකම ප්‍රකාශකරන්නේය; මක්නිසාද දෙවියන්වහන්සේම විනිශ්චයකාරයාණෝය.
උන්වහන්සේ වනාහි ශුද්ධවන්තයන්ගේ සභාවේදී ඉතා භයානකවූ, තමන් අවට සිටින සියල්ලන්ට වඩා භයවිය යුතුවූ දෙවිකෙනෙක්ය.
ආකාශය උන්වහන්සේගේ ධර්මිෂ්ඨකම ප්‍රකාශකරයි, සියලු මනුෂ්‍ය වර්ගයෝ උන්වහන්සේගේ මහිමය දුටුවෝය.
ස්වර්ගයෙනි, ගී කියන්න, මක්නිසාද ස්වාමීන්වහන්සේ ඒක කළසේක; පොළොවේ පහත් තැන් ඝෝෂාකරන්න; කඳුද වනයද එහි සියලු ගස්ද යන නුඹලා ප්‍රීතියෙන් ශබ්ද නගන්න. මක්නිසාද ස්වාමීන්වහන්සේ යාකොබ් මිදූසේක, ඉශ්‍රායෙල් කරණකොටගෙන ගෞරව ලබාගන්නසේක.
මක්නිසාද අපට ළදරුවෙක් උපන්නේය, අපට පුත්‍රයෙක් දෙනලද්දේය; ආණ්ඩුවද උන්වහන්සේගේ කර පිට තිබෙන්නේය. උන්වහන්සේගේ නාමය අපූර්වය, මන්ත්‍රීවරයාය, පරාක්‍රමවත් දෙවියන්වහන්සේය, සදාකාල පියාණෝය, සමාදානයේ කුමාරයායයි කියනු ලබන්නේය.
ගිනිමය ගංගාවක් උන්වහන්සේ ඉදිරියෙන් ගලාගන ගියේය. දහසක් වර දහස් දෙනෙක් උන්වහන්සේට සේවයකළෝය, දස දහසක් වර දසදහස් දෙනෙක්ද උන්වහන්සේ ඉදිරියේ සිටියෝය. විනිශ්චයකාර සභාව හිඳගත්තාය, පොත්ද දිග අරිනලද්දේය.
එසේ කළේ අපගේ ස්වාමිවූ ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ දෙවියන්වහන්සේ විසින් අභිප්‍රායකරනලද සදාකාල අභිප්‍රායේ ප්‍රකාරයට,
ඔහු මෙසේ කීවේය: ස්වාමීන්වහන්සේ සීනයිහි සිට ආසේක, සේයිර්හි සිට ඔවුන් කෙරෙහි උදාවූසේක, උන්වහන්සේ පාරාන් කන්දෙන් බැබළුණු සේක, දසදහසක් ශුද්ධවන්තයන් අතරේ සිට ආසේක. ඔවුන් උදෙසා ගිනිමය වූ ව්‍යවස්ථාවක් උන්වහන්සේගේ දකුණතෙහි තිබුණේය.
දෙවියන්වහන්සේ නාඳුනන්නන්ටත් අපගේ ස්වාමිවූ යේසුස්වහන්සේගේ ශුභාරංචියට කීකරු නොවන්නන්ටත් ප්‍රතිඵල දෙන කල,
ඔවුන් ඒ දේවල් ගැන සේවයකරන්නේ තමුන්ට නොව නුඹලාට බව ඔවුන්ට එළිදරව් කරනලද්දේය. ස්වර්ගයෙන් එවනලද ශුද්ධාත්මයාණන්වහන්සේ කරණකොටගෙන ශුභාරංචිය නුඹලාට ප්‍රකාශකළ තැනැත්තන් ලවා දැන් ඒවා දන්වනලද්දේය; ඒ දේවල් බලා දැනගන්ට දේවදූතයෝ ආශාවෙති.