ස්වාමිනි, දෙවිවරුන් අතරේ ඔබට සමාන කිසිවෙක් නැත; ඔබගේ ක්‍රියාවන්ට සමානවූ ක්‍රියාද නැත.
අහෝ සමිඳුනි! දෙවිවරුන් අතර ඔබට සමාන අන් කෙනෙක් නැත්තේ ය. ඔබේ ක්‍රියාවන්ට සම කළ හැකි අන් ක්‍රියා ද නැත්තේ ය.
මම මාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ නාමයට ගෘහයක් ගොඩනගා උන්වහන්සේ ඉදිරියෙහි සුවඳ දුම් ඔප්පුකරන පිණිසත්, නිරන්තර පිදීමේ රොටි තබන පිණිසත්, උදේ සවසද සබත් දවස්වලද අමාවක්වලද අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ නියම මංගල්‍යවලදීද දවන පූජා ඔප්පුකරන පිණිසත්, ඒක උන්වහන්සේට කැපකරන්ට යමි. මේක සදාකල්ම ඉශ්‍රායෙල්ට නියෝගයක්ය.
මක්නිසාද ස්වාමීන්වහන්සේ මහත් බවත් අපේ ස්වාමීන්වහන්සේ සියලු දෙවිවරුන්ට වඩා උසස් බවත් දනිමි.
මහත් ආශ්චර්යයන් කරන එකම තැනන්වහන්සේට [ස්තුතිකරව්]; මක්නිසාද උන්වහන්සේගේ කරුණාව සදාකල් පවත්නේය.
මක්නිසාද ආකාශයෙහි කවරෙක් ස්වාමීන්ට සමානකළ හැකිද? බලවතුන්ගේ පුත්‍රයන්ගෙන් කවරෙක් ස්වාමීන්ට සමාන වන්නේද?
උන්වහන්සේ වනාහි ශුද්ධවන්තයන්ගේ සභාවේදී ඉතා භයානකවූ, තමන් අවට සිටින සියල්ලන්ට වඩා භයවිය යුතුවූ දෙවිකෙනෙක්ය.
සේනාවන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්ස, යාඃ නම්වූ ඔබ හා සමාන බලසම්පන්න කෙනෙක් කවරේද? ඔබගේ විශ්වාසකම ඔබ හාත්පසය.
මක්නිසාද ස්වාමීන්වහන්සේ මහත් දෙවිකෙනෙක්ය, සියලු දෙවිවරුන්ට වඩා මහත් රජකෙනෙක්ය.
ස්වාමීන්වහන්ස, දෙවිවරුන් අතරේ ඔබට සමාන කවුද? ශුද්ධකමින් මහිමවත්වූ, ප්‍රශංසාවලින් භයංකරවූ, පුදුම දේ කරන්නාවූ ඔබ සමාන කවුද?
එසේ ආරොන් මිසරයේ ජල කෙරෙහි තමාගේ අත දිගුකෙළේය; එවිට මැඩියෝ නැගී ඇවිත් මිසර දේශය වසාගත්තෝය.
එහෙයින් නුඹලා දෙවියන්වහන්සේ කාට සමකරන්නහුද? නොහොත් කොයි රූපාකාරයක් උන්වහන්සේට සමානකරන්නහුද?
ඉතින් නුඹලා මා කාට සමාන කරනවාද? මා එක සමානව සිටින්නේ කාටදැයි ශුද්ධ තැනැන්වහන්සේ අසනසේක.
යාකොබ්ගේ උරුම-කොටසවූ තැනන්වහන්සේ ඒවාට සමාන නැත; උන්වහන්සේ වනාහි සියලු දේම මැවූ තැනන්වහන්සේය; ඉශ්‍රායෙල්ද උන්වහන්සේගේ උරුම-ගෝත්‍රයය. උන්වහන්සේගේ නාමය සේනාවල ස්වාමීන්වහන්සේය.
එබැවින් ෂද්‍රක්ගේද මේෂක්ගේද අබේද්-නෙගෝගේද දෙවියන්වහන්සේට විරුද්ධව දෝෂ කියන සියලු සෙනඟද ජාතීන්ද භාෂාවන්ද කැබෙලිකොට, ඔවුන්ගේ ගෙවල් කසළගොඩක් කරන හැටියට නියමයක් කරමි. මක්නිසාද මේ ආකාරයෙන් ගළවාගන්ට පුළුවන්වූ වෙන දෙවිකෙනෙක් නැතැයි කීවේය.
අහෝ, ස්වාමීවූ දෙවියන්වහන්ස, ඔබගේ උතුම්කමද බලවත් හස්තයද ඔබගේ මෙහෙකරුවාට පෙන්වන්ට ඔබ පටන්ගත්සේක. මක්නිසාද ඔබගේ ක්‍රියාවලද ඔබගේ බලපරාක්‍රමයේද හැටියට කරන්ට පුළුවන් වෙන මොන දෙවිකෙනෙක් ස්වර්ගයෙහිවත් පොළොවෙහිවත් ඇත්තේද?
නොහොත් නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ මිසරයේදී නුඹලාගේ ඇස් ඉදිරියෙහි නුඹලා උදෙසා කළ සියල්ල ලෙස වෙන යම් දෙවිකෙනෙක් ඇවිත් පරීක්ෂණවලින්ද ලකුණුවලින්ද පුදුමවලින්ද යුද්ධයෙන්ද බලවත් හස්තයකින්ද දිගුකළ බාහුවකින්ද මහත් භයංකරකම්වලින්ද එක ජාතියක් වෙන ජාතියක් මධ්‍යයෙන් තමන්ට ගන්ට හැදුයේද?