ගීතාවලිය 86:11 - Sinhala Revised Old Version ස්වාමිනි, ඔබගේ මාර්ගය මට ඉගැන්නුව මැනව; ඔබගේ සැබෑකමෙහි හැසිරෙන්නෙමි. ඔබගේ නාමයට භයවෙන පිණිස මාගේ සිත එකඟකළ මැනව. Sinhala New Revised Version සමිඳුනි, ඔබේ සත්‍යයෙහි පමණක් ගමන් කරන පිණිස ඔබේ මාර්ගය මට පෙන්නුව මැනව. ඔබේ නාමයට ගරු කරන පිණිස හිතවත්කමින් ම හද එක් කළ මැනව. Sinhala New Revised Version 2018 සමිඳුනි, ඔබේ සත්‍යයෙහි පමණක් ගමන් කරන පිණිස ඔබේ මාර්ගය මට පෙන්නුව මැනව. ඔබේ නාමයට ගරු කරන පිණිස හිතවත්කමින් ම හද එක් කළ මැනව. |
ස්වාමිනි, ඔබගේ මාර්ගය මට ඉගැන්නුව මැනව; මාගේ සතුරන් නිසා සමතලා මාර්ගයෙක්හි මා ගෙනගිය මැනව.
ස්වාමිනි, මාගේ සතුරන් නිසා ඔබගේ ධර්මිෂ්ඨකමෙහි මා ගෙනගිය මැනව; මා ඉදිරියෙහි ඔබගේ මාර්ගය සමතලා කළ මැනව.
ඔවුන්ගේ සිත බෙදී තිබේ; දැන් ඔවුන් අච්චුවිඳිනවා ඇත. උන්වහන්සේම ඔවුන්ගේ පූජාසන පෙරළාදමා, ඔවුන්ගේ රූපස්තම්භ නාස්තිකරනසේක.
එප්‍රායිම්ද: දේවරූපවලින් මට තවත් කම මොකදැයි කියනවා ඇත. මමම ඔහුට උත්තරදුනිමි, ඔහු සලකන්නෙමි. මම වනාහි කොළ නොවේලෙන දේවදාර ගසක් මෙන්ය; නුඹේ ඵල ලැබී තිබෙන්නේ මාගෙන්ය.
ගෙවල් මුදුනේ සිට අහස් සේනාවට නමස්කාරකරන්නන්ද, ස්වාමීන්වහන්සේට, දිවුරා මල්කාම් නමිනුත් දිවුරා නමස්කාරකරන්නන්ද,
සැබෑකමේ ව්‍යවස්ථාව ඔහුගේ මුඛයෙහි තිබුණේය, අධර්මිෂ්ඨකමක් ඔහුගේ තොල්වල සම්බ නොවීය. ඔහු සමාදානයෙන්ද අවංකකමෙන්ද මා සමඟ හැසිර, බොහෝ දෙනෙකු අපරාධයෙන් හරවාගත්තේය.
තවද ඔව්හු දවසින් දවස නොකඩවම එක්සිත්ව දේවමාළිගාවේ සිටිමින්, ගෙදරදී රොටි කඩමින්, ප්‍රීතියෙනුත් අවංක සිතිනුත් කෑම කමින්, දෙවියන්වහන්සේට ස්තුති ප්‍රශංසාකරමින්,
නුඹලාට ස්වාමීන්වහන්සේගේ කුසලානෙන්ද යක්ෂයන්ගේ කුසලානෙන්ද බොන්ට නුපුළුවන. ස්වාමීන්වහන්සේගේ මේසයටද යක්ෂයන්ගේ මේසයටද පංගුකාරයන් වන්ට නුඹලාට නුපුළුවන.
නුමුත් සර්පයා තමාගේ ප්‍රයෝගයෙන් ඒව රැවටුවාක්මෙන් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි පවතින අවංකකමෙන්ද පිරිසිදුකමෙන්ද යම්විධියකින් නුඹලා වෙන්කොට නුඹලාගේ සිත් දූෂ්‍යකරනු ලැබේදෝ කියා භයවෙමි.
එනම්, සැබෑව යේසුස්වහන්සේ තුළ තිබෙන ප්‍රකාර නුඹලා උන්වහන්සේගෙන්ම අසා, උන්වහන්සේ තුළ උගන්වනු ලැබුවහුය.
තවද නුඹලා වචනයෙන් හෝ ක්‍රියාවෙන් හෝ මොකක් කරතත්, සියල්ලම ස්වාමිවූ යේසුස්වහන්සේගේ නාමයෙන් කරමින්, උන්වහන්සේ කරණකොටගෙන පියවූ දෙවියන්වහන්සේට ස්තුතිකරන්න.
පියාණන්වහන්සේගෙන් අප ආඥා ලැබූ ලෙසම නුඹේ දරුවන්ගෙන් සමහරුන් සත්‍යතාවෙහි හැසිරෙනවා මට සම්බවුණ බැවින් ඉතා ප්‍රීතිවෙමි.