සාලෙම්හි රජවූ මෙල්කිසදෙක් රොටි හා මුද්‍රිකපානය ගෙනායේය. හෙතෙම මහෝත්තම දෙවියන්වහන්සේගේ පූජකයා විය.
ගීතාවලිය 76:3 - Sinhala Revised Old Version එහිදී උන්වහන්සේ දුන්නේ ඊගස් හා පලිහද කඩුව හා සටනද බින්දසේක. Sinhala New Revised Version එහි දී එතුමාණෝ සතුරන්ගේ ඊ සැරය බිඳ දැමූ සේක. ඔවුන්ගේ කඩුවට, පලිහට හා යුද අවියට එලෙස ම කළ සේක. Sinhala New Revised Version 2018 එහි දී එතුමාණෝ සතුරන්ගේ ඊ සැරය බිඳ දැමූ සේක. ඔවුන්ගේ කඩුවට, පලිහට හා යුද අවියට එලෙස ම කළ සේක. |
සාලෙම්හි රජවූ මෙල්කිසදෙක් රොටි හා මුද්‍රිකපානය ගෙනායේය. හෙතෙම මහෝත්තම දෙවියන්වහන්සේගේ පූජකයා විය.
යෙහෝෂාපාට්ද ඔහුගේ සෙනඟද ඔවුන්ගෙන් කොල්ලය ගන්ට ආ කල වස්තුවද මළකඳන්ද අනර්ඝ බඩුද ඔවුන්ට සම්බවුණේය; ගෙනයන්ට බැරි තරමට ඔව්හු ඒවා ගළවාගත්තෝය. කොල්ලය අධික බැවින් ඔවුන් තුන් දවසක් ඒවා එකතුකරමින් සිටියෝය.
එවිට ස්වාමීන්වහන්සේ දේවදූතයෙකු එවූසේක, ඔහු අෂූර්හි රජුගේ කඳවුරේ සියලු බලවන්ත යුද්ධකාරයන්ද ප්‍රධානීන්ද අධිපතීන්ද සිඳදැමුවේය. මෙසේ ඔහු ලජ්ජා මුහුණින් යුක්තව තමාගේ දේශයට හැරීගියේය. ඔහු තමාගේ දෙවියන්ගේ ගෘහයට ගිය විට, තමාට දාව උපන් තැනැත්තෝ එහිදී ඔහු කඩුවෙන් මැරුවෝය.
උන්වහන්සේ පොළෝ කෙළවර දක්වා යුද්ධ නවත්වනසේක; දුන්න බිඳ, හෙල්ලය කපාදමා, රථ ගින්නෙන් දවනසේක.
මක්නිසාද ලේ ගැන විභාග කරන්නාවූ උන්වහන්සේ ඔවුන් සිහිකරනසේක. දිළිඳාගේ මොරගැසීම මතකනැති නොකරනසේක.