Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




උත්පත්ති 14:18 - Sinhala Revised Old Version

18 සාලෙම්හි රජවූ මෙල්කිසදෙක් රොටි හා මුද්‍රිකපානය ගෙනායේය. හෙතෙම මහෝත්තම දෙවියන්වහන්සේගේ පූජකයා විය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

18 තවද, සාලෙම්හි රජ වූ පරමෝත්තම දෙවියන් වහන්සේගේ පූජක වූ මෙල්කිසෙදෙක් රොටි සහ මිදියුස ගෙනැවිත්

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

18 තවද, සාලෙම්හි රජ වූ පරමෝත්තම දෙවියන් වහන්සේගේ පූජක වූ මෙල්කිසෙදෙක් පූප සහ මිදියුස ගෙනැවිත්

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




උත්පත්ති 14:18
23 හුවමාරු යොමු  

යේසුස්වහන්සේ මෙල්කිසදෙක්ගේ පිළිවෙළේ හැටියට සදාකාලේටම උත්තම පූජකයෙක් වී, අප උදෙසා පෙරටුව යන්නෙක් මෙන් එහි ඇතුල්වූසේක.


නුඹ මෙල්කිසදෙක්ගේ පිළිවෙළින් සදාකාලයටම පූජකයෙකැයි ස්වාමීන්වහන්සේ දිවුළසේක; එය වෙනස් නොකරනසේක.


එලෙසම වෙන තැනක: නුඹ මෙල්කිසදෙක්ගේ පිළිවෙළ ප්‍රකාර සදාකල්ම පූජකයෙක්ව සිටින්නේයයි උන්වහන්සේ කියනසේක.


තමන්වහන්සේට කීකරුවෙන්නාවූ සියල්ලන්ටම සදාකාල ගැළවීමේ කර්තෘවූසේක.


උන්වහන්සේගේ මණ්ඩපය සාලෙම්හිය, උන්වහන්සේගේ වාසස්ථානය සියොන්හිය.


ඈ පාවුල් සහ අප පස්සේ එමින්: මේ මනුෂ්‍යයෝ ගැළවීමේ මාර්ගය නුඹලාට ප්‍රකාශ කරන්නාවූ, මහෝත්තම දෙවියන්වහන්සේගේ දාසියෝයයි මොරගසා කීවාය.


මහෝත්තමවූ දෙවියන්වහන්සේට, එනම් මට සියලු දේ කරදෙන්නාවූ දෙවියන්වහන්සේට හඬගසන්නෙමි.


ස්වාමීන්ගේ ධර්මිෂ්ඨකම පරිද්දෙන් උන්වහන්සේට ස්තුතිකරන්නෙමි. මහෝත්තමවූ ස්වාමීන්ගේ නාමයට ප්‍රශංසා ගී කියන්නෙමි.


ඔහු: මාගේ දියණියෙනි, ස්වාමීන්වහන්සේගෙන් නුඹට ආශීර්වාද ලැබේවා. නුඹ දිළිඳු හෝ පොහොසත් හෝ තරුණයන් පස්සේ නොගිය කාරණයෙන් නුඹ පටන්ගැන්මට වඩා අන්තිමේදී වැඩි කරුණාව පෙන්වූයෙහිය.


එබැවින් අපට ප්‍රස්තා ඇති හැටියට සියල්ලන්ටම, ප්‍රධානකොට ඇදහිල්ලේ පවුලට අයිතිවූවන්ට, යහපත්කම්කරමු.


එසේ ද වුවත් අතින් සෑදුවාවූ ගෘහවල මහෝත්තමයාණන්වහන්සේ වාසය නොකරනසේක; අනාගතවක්තෘවූ කියන හැටියට:-


මම ස්වාමීන්වහන්සේ ඉදිරියට කුමක් රැගෙන ඇවිත් උසස්වූ දෙවියන්වහන්සේට වඳිම්ද? මම දවන පූජාද අවුරුද්දක්වූ එළවස්සන්ද රැගෙන උන්වහන්සේ ඉදිරියට පැමිණෙම්ද?


දෙවියන්වහන්සේට ස්තුති යාගය පුදව; මහෝත්තමයාණන්ට නුඹේ භාර ඉෂ්ට කරව.


දාවිත් යාබෙෂ්-ගිලියද් මනුෂ්‍යයන් වෙතට පණිවිඩකාරයන් යවමින්: නුඹලාගේ ස්වාමියාවූ සාවුල්ට නුඹලා මේ කරුණාව පෙන්වා ඔහු තැන්පත්කළ බැවින් ස්වාමීන්වහන්සේගෙන් නුඹලාට ආශීර්වාද වේවා.


එසේය, සාලමේ රජවූ, මහෝත්තම දෙවියන්වහන්සේගේ පූජකයෙක්වූ, මේ මෙල්කිසදෙක් ආබ්‍රහම් රජුන් මැරීමෙන් හැරී එද්දී සම්මුඛව ඔහුට ආශීර්වාදකෙළේය.


මනුෂ්‍යයාගේ සිත සතුටුකරන මුද්‍රිකපානයත්, ඔහුගේ මුහුණ පැහැපත්කරන්ට තෙලුත්, සිත ශක්තිමත්කරන ආහාරත් හටගන්වනසේක.


මෙලෙස නුඹලා ඉශ්‍රායෙල් පුත්‍රයන්ගෙන් ලබන නුඹලාගේ ඒ සියලුම දසයෙන් කොටස්වලින් නුඹලාත් ස්වාමීන්වහන්සේට එසවීමේ පූජාවක් ඔප්පුකර ස්වාමීන්වහන්සේගේ එසවීමේ පූජාව පූජකවූ ආරොන්ට දෙන්න.


දෙවියන්වහන්සේගේ වචන අසන්නාවූ, මහෝත්තමයාණන් ගැන දැනගැන්ම ඇත්තාවූ, වැටී ඉඳ පැහැදුණු ඇස් ඇතුව සර්වපරාක්‍රමයාණන්ගේ දර්ශනය දකින්නාවූ තැනැත්තාගේ කීම මෙසේය:


එහිදී උන්වහන්සේ දුන්නේ ඊගස් හා පලිහද කඩුව හා සටනද බින්දසේක.


ඒ වචනය රජුගේ මුඛයෙහි තිබෙද්දීම අහසෙන් හඬක් පැමිණ: එම්බා නෙබුකද්නෙශර් රජ, රාජ්‍යය නුඹෙන් පහවිය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්