එවිට ස්වාමිවූ දෙවියන්වහන්සේ සර්පයාට කථාකොට: තා මේක කළ බැවින් සියලු තිරිසනුන්ටත් වනයේ සියලු සත්වයන්ටත් වඩා තෝ ශාප ලද්දෙක්ය; තෝ බඩගායමින් තාගේ ජීවිතයේ සියලු දවස්වලම ධූලි කන්නෙහිය.
ගීතාවලිය 72:9 - Sinhala Revised Old Version වනයෙහි වසන්නෝ උන්වහන්සේ ඉදිරියෙහි වැඳ වැටෙන්නෝය; උන්වහන්සේගේ සතුරෝද ධූලි ලෙවකන්නෝය. Sinhala New Revised Version එතුමන් අබිමුව මරුකතර වැසියෝ වැඳ වැටෙන්නෝ ය; එතුමාගේ සතුරෝ මුණින්තළා වී වැඳ වැටෙන්නෝ ය; Sinhala New Revised Version 2018 එතුමාණෝ අබිමුව මරුකතර වැසියෝ වැඳ වැටෙන්නෝ ය; එතුමාගේ සතුරෝ මුණින්තළා වී වැඳ වැටෙන්නෝ ය; |
එවිට ස්වාමිවූ දෙවියන්වහන්සේ සර්පයාට කථාකොට: තා මේක කළ බැවින් සියලු තිරිසනුන්ටත් වනයේ සියලු සත්වයන්ටත් වඩා තෝ ශාප ලද්දෙක්ය; තෝ බඩගායමින් තාගේ ජීවිතයේ සියලු දවස්වලම ධූලි කන්නෙහිය.
ස්වාමීන්වහන්සේ මාගේ ස්වාමීන්ට කථාකොට: මා විසින් නුඹේ සතුරන් නුඹේ පාපුටුව කරනතෙක් මාගේ දකුණු පැත්තෙහි හිඳින්නැයි කීසේක
උන්වහන්සේ ජාතීන් අතරෙහි විනිශ්චයකරනසේක, මළකඳන්වලින් දේශයන් පුරවමින්, බොහෝ රටවල අධිපතීන් ගසාහෙළනසේක.
පොළොවේ පුෂ්ටිමත් සියල්ලෝ අනුභවකොට නමස්කාරකරන්නාහුය. ධූලියට බසින්නෝ, එනම් තමුන්ගේ දිවි රැකගත නොහැකි අය, උන්වහන්සේ ඉදිරියෙහි වැඳ වැටෙන්නාහුය.
රජවරු නුඹ ඇතිකරන පියවරුද ඔවුන්ගේ බිසෝවරු නුඹේ කිරිමවුවරුද වන්නෝය. ඔව්හු මුහුණින් බිමට නැමී නුඹට වැඳ, නුඹේ පාදවල ධූලි ලෙවකන්නෝය; නුඹද ස්වාමීන්වහන්සේ වන මා කෙරෙහි බලාපොරොත්තු වන අය ලජ්ජාවට නොපැමිණෙන බව දැනගන්නෙහිය.
ඔව්හු සර්පයෙකු මෙන් දූවිල්ල ලෙවකන්නෝය; පොළොවේ බඩගායන සතුන් මෙන් ඔව්හු තමුන්ගේ බලකොටුවල සිට වෙවුලමින් නික්ම එන්නෝය. ඔව්හු අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේ වෙතට භයෙන් යුක්තව පැමිණෙන්නෝය, නුඹ නිසාද භයවෙනවා ඇත.
එසේ වුවත් මා තමුන් කෙරේ රජකම්කරනවාට කැමති නූණාවූ මේ මාගේ සතුරන් මෙහි ගෙනැවිත්, මා ඉදිරියෙහි මරන්නැයි කීවේයයි කීසේක.