Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




මීකා 7:17 - Sinhala Revised Old Version

17 ඔව්හු සර්පයෙකු මෙන් දූවිල්ල ලෙවකන්නෝය; පොළොවේ බඩගායන සතුන් මෙන් ඔව්හු තමුන්ගේ බලකොටුවල සිට වෙවුලමින් නික්ම එන්නෝය. ඔව්හු අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේ වෙතට භයෙන් යුක්තව පැමිණෙන්නෝය, නුඹ නිසාද භයවෙනවා ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

17 ඔවුන් සර්පයන් මෙන් දූවිල්ල ලෙවකනු ඇත. පොළොවේ බඩ ගා යන සතුන් මෙන් ඔවුන්ගේ බලකොටුවලින් වෙවුලමින් නික්ම එනු ඇත. ඔවුන් අපේ දෙවි සමිඳාණන් වෙත බියෙන් ඇලළී එනු ඇත. ඔබ තුමාණන් නිසා බියපත් වනු ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

17 ඔවුන් සර්පයන් මෙන් දූවිල්ල ලෙවකනු ඇත. පොළොවේ බඩ ගා යන සතුන් මෙන් ඔවුන්ගේ බලකොටුවලින් වෙවුලමින් නික්ම එනු ඇත. ඔවුන් අපේ දෙවි සමිඳාණන් වෙත බියෙන් ඇලළී එනු ඇත. ඔබ තුමාණන් නිසා බියපත් වනු ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




මීකා 7:17
27 හුවමාරු යොමු  

රජවරු නුඹ ඇතිකරන පියවරුද ඔවුන්ගේ බිසෝවරු නුඹේ කිරිමවුවරුද වන්නෝය. ඔව්හු මුහුණින් බිමට නැමී නුඹට වැඳ, නුඹේ පාදවල ධූලි ලෙවකන්නෝය; නුඹද ස්වාමීන්වහන්සේ වන මා කෙරෙහි බලාපොරොත්තු වන අය ලජ්ජාවට නොපැමිණෙන බව දැනගන්නෙහිය.


වනයෙහි වසන්නෝ උන්වහන්සේ ඉදිරියෙහි වැඳ වැටෙන්නෝය; උන්වහන්සේගේ සතුරෝද ධූලි ලෙවකන්නෝය.


විදේශීහු මලානිකව, තමන් සැඟවී හුන් තැන්වලින් වෙවුලමින් පිටත එන්නෝය.


බලව, යුදෙව්වරුව නොසිට තුමූ යුදෙව්වරුයයි බොරුවෙන් කියන්නාවූ, සාතන්ගේ සිනගෝගයේවූ අය ඇවිත් නුඹේ පාද ඉදිරියෙහි වැඳවැටෙන්ටත් මම නුඹට ප්‍රේමකළ බව දැනගන්ටත් සලස්වන්නෙමි.


නුඹලාද මාගේ කඳුවල මිටියාවතින් පලායනවා ඇත; මක්නිසාද කඳුවල මිටියාවත ආශෙල් දක්වා වන්නේය. එසේ යූදාහි රජවූ උස්සියාගේ දවස්වලදී නුඹලා පොළෝකම්පාව ඉදිරියෙන් පලාගියාක්මෙන් නුඹලා පලායනවා ඇත. මාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේද ඔබ සමග සියලු ශුද්ධවන්තයන්ද එනවා ඇත.


සමහරවිට බලාපොරොත්තුවක් තිබේය කියා තමාගේ මුඛය දූවිල්ලෙහි තබාගන හිඳීවා.


මා විසින් ඔවුන්ට කරන මුළු යහපත ගැන අසන්නාවූ පොළොවේ සියලු ජාතීන් අතරේ මේ නුවර මට ප්‍රීතිමත් නමක්ද ප්‍රශංසාවක්ද ගෞරවයක්ද වන්නේය, මා විසින් ඊට කරදෙන මුළු යහපත නිසාත් සමාදානය නිසාත් ඔව්හු භයව වෙවුලන්නෝය.


බලව, ඔවුන් අල්ලන පිණිස මම මසුන් අල්ලන්නන් බොහෝදෙනෙකු එවන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක. ඉන්පසු සියලු කඳුවලද සියලු හෙල්වලද පර්වත විවරවලද ඔවුන් දඩයම්කරන පිණිස බොහෝ දඩයක්කාරයන් එවන්නෙමි.


වෘකයාද බැටළුවස්සාද එකට තෘණ කන්නෝය, සිංහයා හරකා මෙන් පිදුරු කන්නේය. ධූලි සර්පයාගේ කෑම වන්නේය. මාගේ ශුද්ධ කන්දේ සීමා තුළෙහි කිසි අනතුරු කිරීමක්වත් විනාශකිරීමක්වත් නැතැයි ස්වාමීන්වහන්සේ කියනසේක.


ගින්න කැලෑව දල්වන්නාක්මෙන්ද ගින්න වතුර උතුරවන්නාක්මෙන්ද ඔබ ඉදිරියෙන් කඳු දියවයන්ටත් යෙදුණොත් හොඳය!


නුඹට පීඩාකළ අයගේ පුත්‍රයන්ද නැමි නැමී නුඹ වෙතට එනවා ඇත; නුඹව සුළුකළ සියල්ලන්ද නුඹේ පාමුල වැඳවැටෙනවා ඇත; ඔවුන් නුඹට: ස්වාමීන්වහන්සේගේ නුවරය කියාත් ඉශ්‍රායෙල්ගේ ශුද්ධ තැනන්වහන්සේගේ සියොන්ය කියාත් කියනවා ඇත.


එවිට බස්නාහිර සිට ස්වාමීන්වහන්සේගේ නාමයටත් නැගෙනහිර සිට උන්වහන්සේගේ තේජසටත් මනුෂ්‍යයෝ භයවන්නෝය. මක්නිසාද ස්වාමීන්වහන්සේගේ හුස්මෙන් පිඹහරින්නාවූ, හිර වෙවී ගලන්නාවූ ජලධාරාවක් මෙන් උන්වහන්සේ එනසේක,


එබැවින් බලවත් සෙනඟ ඔබට ගෞරවකරන්නෝය, භයානක ජාතීන්ගේ නගරයද ඔබට භයවන්නේය.


ස්වාමිනි, ඔවුන්ට භය පැමිණෙවුව මැනව, ජාතීහු තමුන් මනුෂ්‍යයන් පමණක් බව දැනගනිත්වා.


ඔවුන් දෙදෙනා ගොස් පිලිස්තිවරුන්ගේ මුර සමුදාවට පෙනුණාහ. පිලිස්තිවරු: අන්න, හෙබ්‍රෙව්වෝ සැඟවී සිටින ගුහාවලින් පිටතට එතියි කීවෝය.


ඔව්හු යෝෂුවාට උත්තරදෙමින්: මුළු දේශය නුඹවහන්සේලාට දෙන්ටත් නුඹවහන්සේලා ඉදිරියෙන් දේශයේ සියලු වැසියන් විනාශකරදමන්ටත් නුඹවහන්සේලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ තමන්ගේ මෙහෙකරුවූ මෝසෙස්ට අණකළ බව ඔබගේ දාසයන්ට සැබවින් දන්වන්ට යෙදුණේය; එබැවින් අපි නුඹවහන්සේලා නිසා අපේ ප්‍රාණ ගැන ඉතා භයව මේ දේ කෙළෙමුව.


ඔව්හු සාගතයෙන් ක්ෂයවෙමින්, දවන උෂ්ණයෙන්ද සැර වසංගතයෙන්ද නැතිවී යන්නෝය; මෘගයන්ගේ දත්ද දූවිල්ලේ බඩගායන සතුන්ගේ විෂද ඔවුන්ට විරුද්ධව යවන්නෙමි. පිටතදී කඩුවද


විදේශීහු මලානිකවී තමුන් සැඟවී හුන් තැන්වලින් වෙවුලමින් පිටත එන්නෝය.


යූදා අවට දේශවල සියලු රාජ්‍යයන් පිටට ස්වාමීන්වහන්සේගෙන් භීතියක් පැමුණුණ නිසා ඔව්හු යෙහෝෂාපාට්ට විරුද්ධව යුද්ධ නොකළෝය.


එසේය, සියලු රජවරු උන්වහන්සේ ඉදිරියෙහි වැඳ වැටෙන්නෝය. සියලු ජාතීහු උන්වහන්සේට මෙහෙකරන්නෝය.


පාළු මිටියාවත්වලද පර්වත විවරවලද සියලු කටු ගස්වලද සෑම ගොදුරු බිම්වලද රඳන්නෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්