Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගීතාවලිය 72:8 - Sinhala Revised Old Version

8 උන්වහන්සේ මුහුදෙන් මුහුදටත් ප්‍රාත් ගංගාව පටන් පොළොවේ කෙළවර දක්වාත් අධිපතිකම් කරන්නේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

8 මුහුදින් මුහුදට එතුමාගේ රජ දහන පැතිරේ වා! යුප්‍රටීස් නදියේ සිට පොළොවේ කෙළවර දක්වා එසේ ම වේ වා!

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

8 මුහුදින් මුහුදට එතුමාගේ රජ දහන පැතිරේ වා! යුප්‍රටීස් නදියේ සිට පොළොවේ කෙළවර දක්වා එසේ ම වේ වා!

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගීතාවලිය 72:8
10 හුවමාරු යොමු  

මම එප්‍රායිම් කෙරෙන් රථයද යෙරුසලමෙන් අශ්වයාද සිඳදමන්නෙමි, යුද්ධ දුන්නද සිඳිනු ලබන්නේය; උන්වහන්සේද ජාතීන්ට සමාදානය ප්‍රකාශකරනසේක. උන්වහන්සේගේ ආණ්ඩුව මුහුදෙන් මුහුදටත් ගංගාවේ පටන් පොළොවේ සීමා දක්වාත් වන්නේය.


මම නුඹේ සීමාව රතු මුහුද පටන් පිලිස්තිවරුන්ගේ මුහුද දක්වාද වනාන්තරය පටන් ගංගාව දක්වාද තබන්නෙමි. මක්නිසාද නුඹ විසින් දේශයේ වැසියන් නුඹ ඉදිරියෙන් පන්නාදමන පිණිස ඔවුන් නුඹේ අතට පාවාදෙන්නෙමි.


ඔහුගේ අත මුහුද පිටත් ඔහුගේ දකුණු අත ගංගා පිටත් තබන්නෙමි.


ඒකේ අතු මුහුද දක්වාත් ඒකේ රිකිළි ප්‍රාත් ගංගාව දක්වාත් විහිද ගියේය.


මාගෙන් ඉල්ලව, එවිට නුඹේ උරුමයට ජාතීන්ද නුඹේ කොටසට පොළොවේ සීමාන්තය දක්වාද දෙන්නෙමි.


සත්වෙනි දේවදූතයාද පිම්බේය; එවිට: ලෝකයේ අධිපතිකම අපගේ ස්වාමීන්වහන්සේටද තමන් ක්‍රිස්තුස්වහන්සේටද වූයේය. උන්වහන්සේ සදාකාලේටම රජකම්කරනසේකැයි කියන මහත් ශබ්ද ස්වර්ගයෙහි විය.


ඔහුගේ වංශය සදාකල්ද ඔහුගේ සිංහාසනය මා ඉදිරියෙහි සූර්යයා මෙන්ද පවතින්නේය.


සාලමොන් ඔහුගේ පියාණන් වෙනුවට රජකොට ආලේපකරනු ලැබූ බව තීර්හි රජවූ හීරාම් අසා තමාගේ සේවකයන් ඔහු වෙතට එවුවේය. මක්නිසාද හීරාම් සෑම කල්හිම දාවිත්ට ස්නේහ ඇත්තෙක් විය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්