ගීතාවලිය 71:7 - Sinhala Revised Old Version මම බොහෝ දෙනෙකුට විස්මයක් මෙන් වෙමි; නුමුත් ඔබ මාගේ බලවත් රක්ෂාස්ථානයය. Sinhala New Revised Version මම වනාහි බොහෝ දෙනෙකුට ගැටළුවක් මෙන් වූයෙමි. මන්ද, ඔබ මාගේ බලවත් රක්ෂස්ථානය වූ සේක. Sinhala New Revised Version 2018 මම වනාහි බොහෝ දෙනෙකුට ගැටළුවක් මෙන් වූයෙමි. මන්ද, ඔබ මාගේ බලවත් රක්ෂස්ථානය වූ සේක. |
මාගේ ගැළවීමත් මාගේ උතුම්කමත් දෙවියන්වහන්සේගෙන්ය; මාගේ ශක්තියේ පර්වතයත් මාගේ රක්ෂාස්ථානයත් දෙවියන්වහන්සේ තුළෙහිය.
ජනයෙනි, සෑමවිටම උන්වහන්සේ කෙරෙහි විශ්වාසකරව්; උන්වහන්සේ ඉදිරියේ නුඹලාගේ සිත් වගුරුවව්. දෙවියන්වහන්සේ අපට රක්ෂාස්ථානයක්ය.
සැබවින් අධමයෝ නිෂ්ඵලකමය, උත්තමයෝද බොරුවක්ය. තරාදියෙහි දැමුවොත් ඔවුන් ඉහළට යනවා ඇත; ඔව්හු එක්වූවත් නිෂ්ඵලකමට වඩා සැහැල්ලුය.
බලව, මමද ස්වාමීන්වහන්සේ මට දුන් දරුවෝද සියොන් කන්දෙහි වසන සේනාවල ස්වාමීන්වහන්සේ කෙරෙන් ඉශ්‍රායෙල්ට ලකුණුද පුදුමද පිණිස සිටිමුව.
මාගේ බලයද මාගේ බලකොටුවද විපත්ති දවසේදී මාගේ රක්ෂාස්ථානයද වූ ස්වාමීන්වහන්ස, ජාතීහු පොළොවේ සීමාවලින් ඔබ වෙතට ඇවිත් කථාකොට: කිසි ප්‍රයෝජනයක් නැති නිෂ්ඵලකම වන බොරුකාරකමම අපේ පියවරු උරුමකරගෙන සිටියෝය.
ඉතින් උත්තම පූජකයාවූ යෝෂුවා, නුඹ අසන්න, නුඹ ඉදිරියෙහි ඉඳගන්නාවූ නුඹේ සහායකාරයන්ද සලකුණක් පිණිස වූ මනුෂ්‍යයන් බැවින් ඔව්හුද අසත්වා. මක්නිසාද මාගේ මෙහෙකරුවාවූ පැළෑටිය පැමිණෙන්ට සලස්වන්නෙමි.
සිමියොන් ඔවුන්ට ආශීර්වාදකර, උන්වහන්සේගේ මවුවූ මරියාට කථාකොට: බලව, මේ ළදරුවා ඉශ්‍රායෙල්හි බොහෝ දෙනෙකුගේ වැටීම පිණිසත් නැගිටීම පිණිසත් විරුද්ධව කථාකරනු ලබන ලකුණක් පිණිසත් නියමවී සිටියි;
එවිට ඔව්හු පේතෘස්ගේද යොහන්ගේද නිර්භීතකම දැක, ඔවුන් අපණ්ඩිතවූ නූගත් මනුෂ්‍යයන් බව දැන මවිතවූවෝය; ඔවුන් යේසුස්වහන්සේ සමඟ සිටි බව ඔව්හු ඇඳින්නෝය.
මක්නිසාද ප්‍රේරිතවූ අප මරණයට නියමකරනලද්දන් මෙන් අන්තිමයන් කොට දෙවියන්වහන්සේ දැක්වූසේකැයි සිතමි. මක්නිසාද, අපි ලෝකයටත් දේවදූතයන්ටත් මනුෂ්‍යයන්ටත් ප්‍රදර්ශනයක් කරනු ලබමුව.