ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




ගීතාවලිය 66:6 - Sinhala Revised Old Version

උන්වහන්සේ මුහුද වියළි බිමක් කළසේක. ඔව්හු ගංගාව මැදින් පයින් ගියෝය. එහිදී අපි උන්වහන්සේ කෙරෙහි ප්‍රීතිවීමුව.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

එතුමාණෝ මුහුද වියළි බිමක් කළ සේක. සෙනඟ එය මැදින් පයින් ගමන් කළෝ ය. එබැවින් එතුමන් තුළ අපි ප්‍රීති ප්‍රමෝද වන්නෙමු.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

එතුමාණෝ මුහුද වියළි බිමක් කළ සේක. සෙනඟ එය මැදින් පයින් ගමන් කළෝ ය. එබැවින් එතුමාණෝ තුළ අපි ප්‍රීති ප්‍රමෝද වන්නෙමු.

පරිච්ඡේදය බලන්න



ගීතාවලිය 66:6
13 හුවමාරු යොමු  

උන්වහන්සේ මුහුද බෙදා ඔවුන් ඒ මැදින් යන්ට සැලැස්වූසේක; උන්වහන්සේ ජලධාරාවන් කන්දක් මෙන් සිටෙවුසේක.


එහෙත් ඉශ්‍රායෙල් පුත්‍රයෝ මුහුද මැද වියළි භූමිය පිට ගියෝය; ජලය දකුණෙන්ද වමෙන්ද ඔවුන්ට තාප්පයක් වූයේය.


සෙනඟ යොර්දානෙන් එතරට යන්ට තමුන්ගේ කූඩාරම්වලින් නික්මගිය විට ගිවිසුම් පෙට්ටිය ගෙනයන පූජකයෝ සෙනඟට පෙරටුවෙන් සිටියෝය.


ඉහළින් බැස එන ජලය නැවතී ඉතා දුරට, ශාරෙතාන් ඉදිරිපිට තිබෙන නුවරවූ ආදාම් දක්වා, එක ගොඩක් වී නැංගේය. අරබා සමභූමියෙහි මුහුද එනම් ලුණු මුහුද දෙසට බැස යන ජලය තීන්දුවටම වෙන්වී ගියේය. සෙනඟද යෙරිකෝව ඉදිරියෙහි එතරට ගියෝය.


ස්වාමීන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය ගෙනයන පූජකයෝ යොර්දාන් මැද වියලි භූමිය පිට ස්ථිරව සිටියෝය, මුළු සෙනඟ යොර්දානෙන් සම්පූර්ණයෙන් එතර වනතෙක් සියලු ඉශ්‍රායෙල්වරු වියලි බිම පිට ගියෝය.


නුඹලා ඔවුන්ට කථාකර: ඉශ්‍රායෙල්වරු මේ යොර්දානෙන් මෙතර වියලි බිම පිට ආවෝය.