ඉරමුදුන් වේලාව පසුවී සවස යාගය ඔප්පුකරන වේලාව දක්වා ඔව්හු ධර්මවාක්‍ය දෙසුවෝය; නුමුත් කිසි හඬක්වත් උත්තරදුන් කිසිවෙක්වත් සැලකූ කෙනෙක්වත් නොවීය.
ගීතාවලිය 65:2 - Sinhala Revised Old Version යාච්ඤා අසන තැනන්වහන්ස, මාංසමයවූ සියල්ලෝම ඔබ වෙතට පැමිණෙන්නෝය. Sinhala New Revised Version මන්ද, ඔබ අපේ යැදුමට සවන් දෙන සේක. සියල්ලෝ තම තමන්ගේ පව් නිසා ඔබ වෙත ආ යුත්තෝ ය. Sinhala New Revised Version 2018 මන්ද, ඔබ අපේ යැදුමට සවන් දෙන සේක. සියල්ලෝ තම තමන්ගේ පව් නිසා ඔබ වෙත ආ යුත්තෝ ය. |
ඉරමුදුන් වේලාව පසුවී සවස යාගය ඔප්පුකරන වේලාව දක්වා ඔව්හු ධර්මවාක්‍ය දෙසුවෝය; නුමුත් කිසි හඬක්වත් උත්තරදුන් කිසිවෙක්වත් සැලකූ කෙනෙක්වත් නොවීය.
ස්වාමීන්වහන්ස, මට උත්තර දුනමැනව, ස්වාමිවූ ඔබ දෙවියන්වහන්සේ බවත් මේ සෙනඟගේ සිත් නැවත හරවාගත්තේ ඔබම බවත් මොවුන් දැනගන්නා පිණිස මට උත්තර දුනමැනවයි කීවේය.
උන්වහන්සේට යාච්ඤාකෙළේය; උන්වහන්සේ ඔහුට ඇහුම්කන්දී ඔහුගේ කන්නලව්ව අසා යෙරුසලමටත් ඔහුගේ රාජ්‍යයටත් නැවත ඔහු පැමිණෙවුසේක. එවිට ස්වාමීන්වහන්සේ දෙවියන්වහන්සේ බව මනස්සේ දැනගත්තේය.
පොළොවේ සියලු සීමාවෝ සිහිකරමින් ස්වාමීන් වෙතට හැරෙන්නෝය. ජාතීන්ගේ සියලු ගෝත්‍රයෝ ඔබ ඉදිරියෙහි නමස්කාරකරන්නෝය.
පොළොවේ සියල්ලෝම ඔබට නමස්කාරකරන්නෝය, ඔබට ගී කියන්නෝය; ඔබගේ නාමයට ගී කියන්නෝයයි දෙවියන්වහන්සේට කියව්.
ස්වාමිනි, ඔබ මැවූ සියලු ජාතීහු ඔබ ඉදිරියට ඇවිත් නමස්කාරකරමින්, ඔබගේ නාමයට ගෞරවකරන්නෝය.
එසේය, උන්වහන්සේ කථාකොට: යාකොබ්ගේ ගෝත්‍ර නැගිටවීමටත් ආරක්ෂා කරනලද ඉශ්‍රායෙල්වරුන් හැරවීමටත් නුඹ මාගේ සේවකයා වුණාට මදිය. පොළොවේ කෙළවර දක්වා මාගේ ගැළවීම වන පිණිස නුඹ අන්‍ය ජාතීන්ට එළියක් කොටද දෙන්නෙමියි කියනසේක.
තවද අමාවකක් අමාවකක් පාසාද සබත් දවසක් සබත් දවසක් පාසාද මා ඉදිරියෙහි නමස්කාරකරන්ට සියලු මනුෂ්‍යයෝ එන්නෝයයි ස්වාමීන්වහන්සේ කියනසේක.
කැබෙලිකොට කඩන්නා නුඹේ මුහුණට විරුද්ධව නැගී ආයේය. බලකොටුව රැකවල්කර, මාර්ගය මුරකර, ඉඟටි බලවත්කර, නුඹේ ශක්තිය ඉතා බලවත්කරගන්න.
කොර්නේලියස්, නුඹේ යාච්ඤාව අසනලද්දේය, නුඹේ දානද දෙවියන්වහන්සේගේ ඇස් හමුවෙහි සිහිකරන ලද්දේය.
සත්වෙනි දේවදූතයාද පිම්බේය; එවිට: ලෝකයේ අධිපතිකම අපගේ ස්වාමීන්වහන්සේටද තමන් ක්‍රිස්තුස්වහන්සේටද වූයේය. උන්වහන්සේ සදාකාලේටම රජකම්කරනසේකැයි කියන මහත් ශබ්ද ස්වර්ගයෙහි විය.