ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




ගීතාවලිය 65:10 - Sinhala Revised Old Version

ඔබ එහි හීවිටි බොහෝසේ තෙමමින්, එහි පිඩලි සමතලා කරනසේක. ඔබ වැස්සෙන් එය බුරුල්කරමින්, එහි පැළෑටිවලට ආශීර්වාදකරනසේක.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

එහි හීවිටි බොහෝ සේ දියෙන් පොඟවා පස් පිඬලි සමතලා කරන සේක. ඒ පිට බහුල ව වැසි වස්වා, පොළොව බුරුල් කර එහි වගාවට ආසිරි දෙන සේක.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

එහි හීවිටි බොහෝ සේ දියෙන් පොඟවා පස් පිඬලි සමතලා කරන සේක. ඒ පිට බහුල ව වැසි වස්වා, පොළොව බුරුල් කර එහි වගාවට ආසිරි දෙන සේක.

පරිච්ඡේදය බලන්න



ගීතාවලිය 65:10
7 හුවමාරු යොමු  

උන්වහන්සේ ඒවාට අණකරන සියල්ලම මිනිස් වාසයවූ ලෝකය මතුපිට එයින් සිද්ධවෙන පිණිස, ඒවා උන්වහන්සේගේ නියමය ප්‍රකාර හැම දිශාවලට හැරී යන්නෝය.


උන්වහන්සේ තමන් උඩුමහල්වලින් කඳු තෙමනසේක. පොළොව ඔබගේ ක්‍රියාවල ඵලයෙන් තෘප්තියට පැමිණෙන්නීය.


උන්වහන්සේ අහස වලාකුළින් වසනසේක, පොළොවට වැසි වස්වනසේක, කඳුවල තෘණ අටගන්වනසේක.


ඔබගේ රැළ එහි වාසයකළාය. දෙවියන්වහන්ස, ඔබගේ යහපත්කමින් ඔබ දුප්පතුන්ට උවමනාදේ සපයාදුන්සේක.


මම නියම සෘතුවෙහි නුඹලාගේ වර්ෂාවල් දෙන්නෙමි, දේශය එහි වර්ධනයන් දෙන්නීය, කෙතේ ගස්ද ඒවායේ ඵල දෙන්නේය.


මාගේ ශික්ෂාව වර්ෂාව මෙන් බසින්නේය, මාගේ කථාව පිනිමෙන්ද, ළා තණකොළ පිට වැසිපොද මෙන්ද, තණකොළ පිට වැස්ස මෙන්ද පහළ වන්නේය.