ගීතාවලිය 6:8 - Sinhala Revised Old Version අයුතුකම් කරන සියල්ලෙනි, මා කෙරෙන් පහව යව්; මක්නිසාද ස්වාමීන්වහන්සේ මාගේ විලාප ශබ්දය ඇසූසේක. Sinhala New Revised Version සියලු පවිටුනි, මා වෙතින් යන්න; මන්ද, සමිඳාණෝ මා විලාප හඬ ඇසූ සේක. Sinhala New Revised Version 2018 සියලු පවිටුනි, මා වෙතින් යන්න; මන්ද, සමිඳාණෝ මා විලාප හඬ ඇසූ සේක. |
මක්නිසාද ඔබවහන්සේ මාගේ ආත්මය මරණයෙන්ද මාගේ ඇස් කඳුළෙන්ද මාගේ පාද පැකිලීමෙන්ද ගැළවූසේක.
ස්වාමීන්වහන්සේ තමන්ට යාච්ඤාකරන සියල්ලන්ට, එනම් සැබවින් උන්වහන්සේට යාච්ඤාකරන සියල්ලන්ට, ළංව සිටිනසේක.
මාගේ ජීවිතය කනගාටුවෙන්ද මාගේ අවුරුදු සුසුම්ලීමෙන්ද ගෙවී තිබේ. මාගේ අයුතුකම නිසා මාගේ ශක්තිය පිරිහෙයි, මාගේ ඇටද ක්ෂයවී තිබේ.
ඔබ මාගේ මුළාවයාම් ගණිනසේක. මාගේ කඳුළු ඔබගේ භාජනයෙහි තැබුව මැනව; ඒවා ඔබගේ පොතෙහි ලියනලද්දේ නොවේද?
මක්නිසාද සෙනඟ සියොන්හි යෙරුසලමේ වාසයකරන්නෝය. නුඹ තවත් අඬන්නේ නැත; උන්වහන්සේ නුඹේ මොරගැසීමේ හඬට නුඹට දයාවෙනවාම ඇත; ඇසුණු කෙණෙහිම උන්වහන්සේ නුඹට උත්තරදෙනවා ඇත.
අහෝ ස්වාමීන්වහන්ස, මා සැබෑකමිනුත් සම්පූර්ණ සිතකිනුත් ඔබ ඉදිරියෙහි හැසිර, ඔබගේ ඇස් හමුවෙහි හරිව තිබෙන දේ කළ බව සිහිකළ මැනවයි කියා තදින් ඇඬුවේය.
නුඹ ගොස් හෙසකියාට මෙසේ කියන්න–නුඹේ පියා වන දාවිත්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: මම නුඹේ යාච්ඤාව ඇසීමි, නුඹේ කඳුළු දුටිමි. නුඹේ වයසට අවුරුදු පහළොහක් එකතුකරන්නෙමි.
එවිට උන්වහන්සේ වම් පැත්තේ සිටින්නන්ට කියනසේක්: ශාපලත්තෙනි, මා කෙරෙන් පහව යක්ෂයාටත් ඔහුගේ දූතයන්ටත් සූදානම්කර තිබෙන සදාකාල ගින්නට යන්න.
එවිට මම: කිසිකලෙකත් නුඹලා නොහැඳින්නෙමි. අධර්මිෂ්ඨකම් කරන්නෙනි, මා කෙරෙන් අහක්ව යන්නැයි ඔවුන්ට කියන්නෙමි.
නුමුත් උන්වහන්සේ කථාකොට: නුඹලා කොතැනින් ආවාද කියා නොදනිමි; අයුතුකම් කරන සියල්ලෙනි, මා වෙතින් යන්නැයි කියන්නේය.
උන්වහන්සේ මාංසවත්ව සිටි දවස්වලදී තමන්වහන්සේ මරණයෙන් ගළවන්ට පුළුවන්වූ තැනන්වහන්සේට බලවත් හැඬීමෙන් හා කඳුළින් යුක්ත යාච්ඤා සහ කන්නලව් ඔප්පුකර, තමන්ගේ දේවභය නිසා උත්තර ලැබ,