ඔහුගේ මුඛය ශාපයෙන්ද රැවටිල්ල හා බලාත්කාරයෙන්ද පිරී තිබේ. ඔහුගේ දිව යට නපුරුකම හා අයුතුකම ඇත.
ගීතාවලිය 52:1 - Sinhala Revised Old Version එම්බා බලවන්තය, නුඹ නපුරු ක්‍රියායෙහි කුමට පාරට්ටුකරගන්නෙහිද? දෙවියන්වහන්සේගේ කරුණාව නිතරම පවත්නේය. Sinhala New Revised Version එම්බා බලවන්තය! ඔබේ දුෂ්ටකම ගැන පාරට්ටු කරගන්නේ මන් ද? දෙවියන් වහන්සේගේ කරුණාව සදහට ම පවත්නේ ය. Sinhala New Revised Version 2018 එම්බා බලවන්තය! ඔබේ දුෂ්ටකම ගැන පාරට්ටු කරගන්නේ මන් ද? දෙවියන් වහන්සේගේ කරුණාව සදහට ම පවත්නේ ය. |
ඔහුගේ මුඛය ශාපයෙන්ද රැවටිල්ල හා බලාත්කාරයෙන්ද පිරී තිබේ. ඔහුගේ දිව යට නපුරුකම හා අයුතුකම ඇත.
නුමුත් ස්වාමීන්වහන්සේගේ කරුණාව තමන්ට භය ඇත්තන් කෙරෙහි සදාකාලයෙන් සදාකාලයටද, උන්වහන්සේගේ ධර්මිෂ්ඨකම දරුවන්ගේ දරුවන්ටද පවත්නේය.
මක්නිසාද විදේශීහු මට විරුද්ධව නැගිට සිටිති, බලාත්කාරකරන්නෝද මාගේ ප්‍රාණය හානිකරන්ට සෙවුවෝය. ඔව්හු තමුන් ඉදිරියෙහි දෙවියන්වහන්සේ තබා නොගත්තෝය.
බලව, ඔවුන්ගේ කටින් ශබ්ද නික්මවති; ඔවුන්ගේ තොල්වල කඩු ඇත. මක්නිසාද: ඇසෙන්නේ කාටදැයි ඔව්හු කියති.
බලව, ඔහු අයුතුකම ප්‍රසූතකිරීමට වේදනා විඳියි; එසේය, ඔහු නපුරුකම ගැබ්ගෙන, බොරුව ප්‍රසූතකෙළේය.
සියලු අපරාධ කාරණා ගැන එනම් ගොනෙකු ගැන හෝ කොටළුවෙකු ගැන හෝ බැටළුවෙකු ගැන හෝ වස්ත්‍රයක් ගැන හෝ නැතිවූ කොයි ප්‍රකාර දෙයක් ගැන හෝ මේ ඒකයයි යමෙක් කීවොත් දෙපක්ෂයේ කාරණය දෙවියන්වහන්සේ වෙතට පැමිණේවා; දෙවියන්වහන්සේ විසින් වරදට පත්කරන තැනැත්තා තමාගේ අසල්වාසියාට දෙගුණයක් දිය යුතුය.
ධර්මිෂ්ඨකමින් හඬගසන කෙනෙක්වත් සැබෑකමින් නඩුකියන කෙනෙක්වත් නැත. ඔව්හු හිස්කම කෙරෙහි විශ්වාසය තබා බොරු කියති; ඔව්හු නපුර පිළිසිඳගෙන අයුක්තිය බිහිකරති.
ඔවුන්ගේ දිව මරණයේ ඊගසක්ය; ඒක වංචාව කථාකරයි. යමෙක් සමාදානයෙන් තමාගේ අසල්වාසියාට කටින් කථාකරන නුමුත් සිතින් ඔහු ගැන ප්‍රයෝගයක් යොදයි.
නපුර වීර්යයෙන් කරන්ට දෑත පොවා තිබේ; අධිපතියාද විනිශ්චයකාරයාද තෑග්ගක් ඉල්ලති; උත්තමයාද තමාගේ සිතේ නපුරු ආශාව කියයි. එසේ ඔව්හු ඒක යොදාගනිති.
කේලාම් කියන්නෝව, දෙවියන්වහන්සේට පිළිකුල්වූවෝව, නින්දාකරන්නෝව, උඩඟුවූවෝව, පාරට්ටුකරගන්නෝව, නපුරු දේවල් උපදවන්නෝව, මවුපියන්ට අකීකරුවෝව,
මක්නිසාද මනුෂ්‍යයෝ තමුන්ටම ප්‍රේමකරන්නෝව, මුදලට ප්‍රේමකරන්නෝව, පාරට්ටුකරගන්නෝව, උදාරම්කාරයෝව, අපහාසකරන්නෝව, මවුපියන්ට අකීකරුවන්නෝව, ස්තුතිවන්ත නොවන්නෝව, අභක්තිකයෝව,
තවද ඒ දවසේදී සාවුල්ගේ වැඩකාරයන්ගෙන් එක්කෙනෙක්වූ සාවුල්ගේ එඬේරුන්ගේ ප්‍රධානියා වන දොවෙග් නම්වූ ඒදොමිය මනුෂ්‍යයෙක් ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි එහි නැවතී සිටියේය.