Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 සාමුවෙ 21:7 - Sinhala Revised Old Version

7 තවද ඒ දවසේදී සාවුල්ගේ වැඩකාරයන්ගෙන් එක්කෙනෙක්වූ සාවුල්ගේ එඬේරුන්ගේ ප්‍රධානියා වන දොවෙග් නම්වූ ඒදොමිය මනුෂ්‍යයෙක් ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි එහි නැවතී සිටියේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

7 තවද, ඒ දවසේ දී සාවුල්ගේ වැඩකාරයන්ගෙන් එක් කෙනෙකු වූ ඔහුගේ එඬේරුන්ගේ ප්‍රධානියා වන දොවෙග් නම් ඒදොම් වැසියෙකු වන මිනිසෙක් ආගමික යුතුකමක් ඉටු කරන පිණිස එහි නැවතී සිටියේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

7 තවද, ඒ දවසේ දී සාවුල්ගේ වැඩකාරයන්ගෙන් එක් කෙනෙකු වූ ඔහුගේ එඬේරුන්ගේ ප්‍රධානියා වන දොවෙග් නම් ඒදොම් වැසියෙකු වන මිනිසෙක් ආගමික යුතුකමක් ඉටු කරන පිණිස එහි නැවතී සිටියේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 සාමුවෙ 21:7
21 හුවමාරු යොමු  

එවිට සාවුල්ගේ මෙහෙකරුවන්ගේ ප්‍රධානියාව සිටිය ඒදොමිය දොවෙග් උත්තරදෙමින්: යෙස්සේගේ පුත්‍රයා නොබ්හි සිටින අහිතුබ්ගේ පුත්‍රවූ අහිමෙලෙක් ළඟට එනවා දුටිමි.


ෂාරොන්හි ගොදුරු කෑ ගවයන් කෙරෙහි ෂාරෝනිය ෂිත්රයිද මිටියාවත්වල උන් ගවයන් කෙරෙහි අද්දයිගේ පුත්‍රවූ ෂාපාත්ද පත්ව සිටියෝය.


මේ සෙනඟ තොල්වලින් මට ගෞරවකරති; නුමුත් ඔවුන්ගේ සිත මා කෙරෙන් දුරුව තිබේ.


ඒඵාව කුඩාකර, ෂෙකෙල මහත්කර, හොර තරාදිවලින් වංචාකම්කරන්නාවූ, දුප්පතුන් රිදීවලටද දිළින්දා වහන් සඟළකටද ගන්ටත් බොල් ධාන්‍ය විකුණන්ටත් ලැබෙන හැටියට,


එසේ ඔව්හු සෙනඟක් එන්නාක්මෙන් නුඹ ළඟට ඇවිත්, මාගේ සෙනඟ මෙන් නුඹ ඉදිරියෙහි හිඳගෙන, නුඹේ වචන අසති, නුමුත් ඔව්හු ඒවා නොපවත්වති. මක්නිසාද තමුන්ගේ කටින් ඔව්හු බොහෝ ආදරය පෙන්වති, නුමුත් ඔවුන්ගේ සිත ඔවුන්ගේ ලාභය පස්සේ යන්නේය.


ඔහුට පාත රටෙහිත් සමභූමියෙහිත් බොහෝ සිවුපාවුන් සිටි නිසා ඔහු කාන්තාරයෙහි මුර කොටු ගොඩනගා බොහෝ ජලාසයන්ද සෑදුවේය. ඔහු ගොවි කර්මාන්තයට ප්‍රසන්නව සිටි බැවින් කඳුවලත් සරු කෙත්වලත් ගොවියෝද මිදිවතු වවන්නෝද ඔහුට සිටියෝය.


මෙසේ සාවුල් ඉශ්‍රායෙල් කෙරෙහි රජකම ලැබුවායින් පසු වටකර සිටි තමාගේ සියලු සතුරන් වන මෝවබ්වරුන්ටත් අම්මොන් පුත්‍රයන්ටත් ඒදොම්වරුන්ටත් ශෝබාහි රජුන්ටත් පිලිස්තිවරුන්ටත් විරුද්ධව යුද්ධ කෙළේය. ඔහු ගිය ගිය තැන ජයගත්තේය.


ඒ වේලාවට සාවුල් කෙතේ සිට හරකුන් පස්සෙන් ආවේය. තවද: සෙනඟ අඬන්නේ කුමන කාරණයක් නිසාදැයි සාවුල් ඇසුවේය. ඔව්හු යාබෙෂ්හි මනුෂ්‍යයන්ගේ වචන ඔහුට දැන්නුවෝය.


එහෙත් ගෙරාර්හි එඬේරු: මේ වතුර අපගේය කියමින් ඊසාක්ගේ එඬේරුන් සමඟ විවාදකළෝය. ඔවුන් ඔහු හා සමඟ විවාදකළ බැවින් ඔහු ඒ ළිඳට ඒසෙක් යන නම තැබීය.


දාවිත් අහිමෙලෙක්ට කථාකොට: මෙහි නුඹ ළඟ හෙල්ලයක් හෝ කඩුවක් නැද්ද? රජ්ජුරුවන්ගේ කටයුත්ත ඉක්මන් බැවින් මාගේ කඩුවවත් ආයුධවත් නොගෙනායෙමියි කීවේය.


දාවිත්ද: ඒදොමිය දොවෙග් එහි සිටිය බැවින් ඔහු සාවුල්ට නිසැකින්ම දන්වන බව මම ඒ දවසේදී දැනගතිමි. නුඹේ පිය වංශයේ සියල්ලන්ගේ මරණයට හේතුවූයේ මමය.


එළුබැටළු රැළවල් කෙරෙහි හග්රිය යාසීස්ද පත්ව සිටියෝය. මේ සියල්ලෝ දාවිත් රජුගේ සම්පත්වල අධිපතියෝව සිටියෝය.


අන්‍යවූ කිසිවෙක් ශුද්ධවූ දෙයින් නොකෑ යුතුය. පූජකයා ළඟ සිටින ආගන්තුකයෙක්වත් කුලියට ගත් වැඩකාරයෙක්වත් ශුද්ධවූ දෙයින් නොකෑ යුතුය.


එහෙත් පූජකයෙකුගේ දුව වැන්දඹුවක්ව නොහොත් අත්හරිනු ලැබ දරුවන් නැතුව ඇගේ පියාගේ ගෙට හැරී ඇවිත් සිටී නම්, ඇගේ තරුණ වයසේදී මෙන් ඇගේ පියාගේ භෝජනවලින් ඈට කන්ට පුළුවන. නුමුත් අන්‍යවූ කිසිවෙක් එයින් නොකෑ යුතුය.


සිහින් පිටි ගෙන එයින් රොටි දොළොසක් පුලුස්සන්න. එක එක රොටිය ඒඵාවකින් දසයෙන් දෙපංගුවකින් සාදන්න.


ඔහු ඒවා ඉශ්‍රායෙල් පුත්‍රයන් උදෙසා නිරන්තර ගිවිසුමක් වන පිණිස හැම සබත් දවසේම ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි නිතරම පිළිවෙළට තබන්නේය.


හෙතෙම ස්වාමීන්වහන්සේගෙන් ඔහු උදෙසා විචාරා, ඔහුට ආහාර දී, පිලිස්තියයාවූ ගොලියත්ගේ කඩුවත් ඔහුට දුන්නේයයි කීවේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්