රජවාසල සිටි රජුගේ සියලු සේවකයෝද හාමාන්ට නැමී වැන්දෝය. මක්නිසාද ඔහු ගැන රජ එසේ අණකර තිබුණේය. නුමුත් මොර්දෙකයි ඔහුට හිස නැමුවේවත් වැන්දේවත් නැත.
ගීතාවලිය 49:18 - Sinhala Revised Old Version ඔහු ජීවත්ව සිටියදී තමා ගැනම පාරට්ටුකරගත්තේවී නුමුත්, නුඹ නුඹටම ශුභසිද්ධකරගන්නා කල්හි මනුෂ්‍යයන් නුඹට ප්‍රශංසා කරන නුමුත්, Sinhala New Revised Version මිනිසෙක් සිය ජීවිත කාලයේ දී තෘප්තියට පත් වී සිටියත්, තමන් ගැන පුරසාරම් දෙඩුවත්, ඔහුගේ දියුණුව ප්‍රශංසාවට ලක් වූවත්, Sinhala New Revised Version 2018 මිනිසෙක් සිය ජීවිත කාලයේ දී තෘප්තියට පත් වී සිටියත්, තමන් ගැන පුරසාරම් දෙඩුවත්, ඔහුගේ දියුණුව ප්‍රශංසාවට ලක් වූවත්, |
රජවාසල සිටි රජුගේ සියලු සේවකයෝද හාමාන්ට නැමී වැන්දෝය. මක්නිසාද ඔහු ගැන රජ එසේ අණකර තිබුණේය. නුමුත් මොර්දෙකයි ඔහුට හිස නැමුවේවත් වැන්දේවත් නැත.
නොහොත් රන් ඇත්තාවූ, තමුන්ගේ ගෙවල් රිදීයෙන් පුරවා ගත්තාවූ අධිපතීන් සමඟ, මට නිශ්චලයෙන් ඉන්ට තිබුණේය.
මක්නිසාද දුෂ්ටයා තමාගේ සිතේ ආශාව ඉෂ්ටවීම ගැන පාරට්ටුකරගනියි, ලෝභි තැනැත්තේද ස්වාමීන් අත්හරියි, එසේය, උන්වහන්සේ හෙළාදකියි.
ඒ වස්තු යම් නපුරු සිද්ධියකදී නැතිවෙයි; මෙසේ ඔහුට දාව පුත්‍රයෙක් සිටියත් ඔහු අතේ කිසිත් නැත.
නුමුත් එප්‍රායිම් කථාකොට: සැබවින් මම පොහොසත්වී සිටිමි, සම්පත් ලබාගන සිටිමි. මාගේ සියලු වැඩ අතරේ පාපයවූ අයුතුකමක් මට තිබෙන බව ඔවුන්ට සම්බ නොවන්නේයයි කීය.
ප්‍රාණය, නුඹට බොහෝ අවුරුදු ගණනකට හොඳවූ බොහෝ දේ රැස්කර තිබේ. පහසුගෙන, කා බී, ප්‍රීතියෙන් සිටින්නැයි මාගේ ප්‍රාණයට කියමියි කීවේය.
තවද එබඳු කෙනෙක් මේ දිවුරුමේ වචන අසන විට: මම මාගේ සිතේ මුරණ්ඩුකමින් හැසිරෙම් නුමුත් මට සමාදානය ලැබේයයි කියමින් පිපාසායට බේබදුකම එකතුකරන පිණිස තමාගේ සිතතුළ තමාට ආශීර්වාද කරගත්තොත්,
සම්පත් ඇති ඔහුට කථාකොට–නුඹට සමාදානය වේවා, නුඹේ පවුලටත් සමාදානය වේවා, නුඹට ඇති සියල්ලටත් සමාදානය වේවා.