ඔහු කථාකරද්දීම තවත් කෙනෙක් ඇවිත්: දෙවියන්වහන්සේගේ ගිනි අහසෙන් වැටී බැටළුවන්ටත් මෙහෙකරුවන්ටත් ඇවිළී, ඔවුන් දවා දැමුවේය; ඔබට දන්වන්ට ගැළවුණේ මා පමණක්මයයි කීවේය.
ගීතාවලිය 45:3 - Sinhala Revised Old Version බලවන්තයාණෙනි, ඔබගේ තේජස හා මහිමය නමැති කඩුව ඉඟටියෙහි බැඳගත මැනව. Sinhala New Revised Version ප්‍රතාපවත් නිරිඳුනි, ඔබේ මඟුල් කඩුව ඉඟටියෙහි බැඳගන්න; ඔබ වික්‍රමාන්විත ය; තේජාන්විත ය. Sinhala New Revised Version 2018 ප්‍රතාපවත් නිරිඳුනි, ඔබේ මඟුල් කඩුව ඉඟටියෙහි බැඳගන්න; ඔබ වික්‍රමාන්විත ය; තේජාන්විත ය. |
ඔහු කථාකරද්දීම තවත් කෙනෙක් ඇවිත්: දෙවියන්වහන්සේගේ ගිනි අහසෙන් වැටී බැටළුවන්ටත් මෙහෙකරුවන්ටත් ඇවිළී, ඔවුන් දවා දැමුවේය; ඔබට දන්වන්ට ගැළවුණේ මා පමණක්මයයි කීවේය.
මාගේ ආත්මය ස්වාමීන්ට ප්‍රශංසාකරව; මාගේ දෙවිවූ ස්වාමිනි, ඔබ ඉතා උතුම්සේක; ඔබ ගෞරවයෙන් හා මහිමයෙන් සැරසී සිටිනසේක.
ඔබගෙන් ලැබුණු ගැළවීම කරණකොටගෙන ඔහුගේ ප්‍රශංසාව මහත්ය. ඔබ ගෞරවය හා මහිමය ඔහු පිට තබනසේක.
මක්නිසාද රජතෙම ස්වාමීන් කෙරෙහි විශ්වාසකරයි, මහෝත්තමයාණන්ගේ කරුණාගුණයෙන් ඔහු නොසෙල්වී සිටින්නේය.
ගෞරවයත් මහිමතාවත් උන්වහන්සේ ඉදිරියෙහිය. ශක්තියත් අලංකාරයත් උන්වහන්සේගේ ශුද්ධස්ථානයෙහිය.
වනයේ ගස් අතරේ ජම්බු ගස යම්සේද, පුත්‍රයන් අතරේ මාගේ ප්‍රේමවන්තයාත් එසේය. මම ඔහුගේ සෙවණෙහි ප්‍රීතියෙන් හිඳගතිමි, ඔහුගේ ඵලද මාගේ කටට මිහිරි විය.
ඔහුගේ කම්මුල් සුවඳ ගස් පාත්තියක්ද සුවඳ පැළ ඇති ගොඩැලිද මෙන්ය. ඔහුගේ තොල් මානෙල් මෙනි, දියවර ගන්ධරස එයින් වෑහෙන්නේය.
උන්වහන්සේ මාගේ මුඛය තියුණු කඩුවක් මෙන් කොට, තමන්ගේ අත් සෙවණෙහි මා සැඟෙවුසේක; උන්වහන්සේ මා මුවහත්කර තිබෙන ඊගසක් මෙන් කොට, තමන්ගේ කොපුවේ වසා තබා:
උන්වහන්සේ සියල්ලන්ගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කරණකොටගෙන සමාදානයේ යහපත් ආරංචිය ප්‍රකාශකරවමින් ඉශ්‍රායෙල් පුත්‍රයන්ට එවනලද වචනය නුඹලා දන්නහුය;
මක්නිසාද ක්‍රිස්තුස්වහන්සේ නැසුණෙත් නැවත ජීවත්වුණෙත් මළවුන්ගේද ජීවතුන්ගේද ස්වාමීන්වහන්සේ වන පිණිසය.
උන්වහන්සේ දෙවියන්වහන්සේගේ මහන්තත්වයේ ප්‍රභාවයද උන්වහන්සේගේ දේවත්වයේ ස්වරූපයද වනසේක්, තමන්ගේ බලපරාක්‍රමයේ වචනයෙන් සියල්ල දරමින්, පව් ගැන පවිත්‍රවීමක් කළ පසු, උසස්ථානවල මහෝත්තමයාණන්වහන්සේගේ දකුණු පැත්තේ හිඳගත්සේක.
මක්නිසාද දෙවියන්වහන්සේගේ වචනය ජීවමානය, බලවත්ය, කොයිම දෙමුහත් කඩුවකටවත් වඩා තියුණුය, ප්‍රාණය හා ආත්මයද සන්ධි හා ඇටමිදුළුද වෙන්කරන තරමට කාවදින්නේය, සිතේ සිතිවිලිද අදහස්ද විමසන්නේය.
ඉතින් අප කියන දේවලින් ප්‍රධාන එක නම් ස්වර්ගවල මහෝත්තමයාණන්වහන්සේගේ සිංහාසනයේ දකුණු පැත්තේ හිඳගත්තාවූ,
අපගේ ගැළවුම්කාරවූ එකම දෙවියන්වහන්සේට අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කරණකොටගෙන ගෞරවයද මහන්තත්වයද පරාක්‍රමයද බලයද සියලු කාලවලට ප්‍රථමයෙන් සහ දැනටත් සදාකාලේටත් වේවා. ආමෙන්.
උන්වහන්සේ ස්වකීය දකුණතෙහි තාරකා සතක් ඇතුව සිටිසේක. උන්වහන්සේගේ මුඛයෙන් දෙමුවහත් තියුණු කඩුවක් නික්මුණේය. උන්වහන්සේගේ මුහුණ තදින් බබළන සූර්යයා මෙන්ය.
ජාතීන්ට පහරදෙන පිණිස උන්වහන්සේගේ මුඛයෙන් තියුණු කඩුවක් නික්මෙයි. උන්වහන්සේ යදණ්ඩකින් ඔවුන් ආණ්ඩු කරනසේක. උන්වහන්සේ සර්වපරාක්‍රම දෙවියන්වහන්සේගේ කෝපයේ උදහස නමැති මුද්‍රිකපැස මඩිනසේක.
අනික් අය අශ්වයා පිට වැඩහුන් තැනන්වහන්සේගේ කඩුවෙන්, එනම් උන්වහන්සේගේ මුඛයෙන් නික්මුණු කඩුවෙන්, මරනු ලැබුවෝය. ඔවුන්ගේ මාංසවලින් සියලු පක්ෂීහු තෘප්තියට පැමුණුණෝය.
ඒහුද් තෙමේ රියනක් දිග ඇති දෙමුවහත් කඩුවක් සාදාගෙන එය තමාගේ දකුණු කළවේ තමාගේ ඇඳුම් යට බැඳගන ගොස්,