ගීතාවලිය 41:11 - Sinhala Revised Old Version මාගේ සතුරා මා කෙරෙහි ජය ඝෝෂා නොපවත්වන්නේය, ඔබ මා කෙරෙහි ප්‍රිය බව මෙයින් දනිමි. Sinhala New Revised Version ඔවුන්ට ජය අත් නොවන විට ඔබ මා කෙරෙහි ප්‍රිය බව මම දනිමි. Sinhala New Revised Version 2018 ඔවුන්ට ජය අත් නොවන විට ඔබ මා කෙරෙහි ප්‍රිය බව මම දනිමි. |
නැත්නම්: ඔහුගෙන් ජයගතිමියි මාගේ සතුරා කියන්නේය; මා චංචලවන කල මාගේ එදිරිකාරයෝද ප්‍රීතිවන්නෝය.
ස්වාමීන්වහන්සේ තමන් කෙරෙහි භය ඇත්තන්ටත් තමන්ගේ කරුණාව ගැන බලාසිටින්නන්ටත් ප්‍රසන්නවනසේක.
මාගේ දෙවියන්වහන්ස, ඔබ කෙරෙහි විශ්වාසකෙළෙමි, මම ලජ්ජා නොවෙම්වා; මා කෙරෙහි ජය නාද පවත්වන්ට මාගේ සතුරන්ට ඉඩ නුදුන මැනව.
ස්වාමිනි, ඔබ මට උපකාරකොට සැනසූ බැවින්, මට වෛරවෙන්නන් විසින් දැක ලජ්ජාවන පිණිස, මා සඳහා ශුද්ධ නිමිත්තක් පෙන්නුව මැනව.
ස්වාමීන්වහන්සේට ගී කියන්න, ස්වාමීන්වහන්සේට ප්‍රශංසාකරන්න. මක්නිසාද උන්වහන්සේ දිළින්දාගේ ප්‍රාණය නපුරකරන්නන්ගේ අතින් නිදහස් කළසේක.
උන්වහන්සේ තමන් කෙරෙන් අධිපතීන්ද බලයලත්තන්ද පහකොට, ප්‍රසිද්ධයෙන් ඔවුන් දක්වා, කුරුසිය කරණකොටගෙන ඔවුන්ගෙන් ජයගත් බව ප්‍රකාශකළසේක.