ගීතාවලිය 38:15 - Sinhala Revised Old Version මක්නිසාද, ස්වාමිනි, මම ඔබ කෙරෙහි බලා සිටිමි. මාගේ දෙවිවූ ස්වාමිනි, ඔබම උත්තර දෙනසේක. Sinhala New Revised Version සමිඳුනි, මාගේ විශ්වාසය ඔබ කෙරෙහි ය. මාගේ දෙවි සමිඳුනි, ඔබ මට පිළිතුරු දෙනු නියත ය. Sinhala New Revised Version 2018 සමිඳුනි, මාගේ විශ්වාසය ඔබ කෙරෙහි ය. මාගේ දෙවි සමිඳුනි, ඔබ මට පිළිතුරු දෙනු නියත ය. |
දෙවියන්වහන්ස, ඔබ මට උත්තරදෙන නිසා මම ඔබට හඬගැසීමි. ඔබගේ කන් මා දෙසට යොමුකොට මාගේ බස් ඇසුව මැනව.
උන්වහන්සේට පීඩාකළ විට, උන්වහන්සේ යටත්වී තමන්ගේ මුඛය නෑර සිටිසේක; මරන්ට ගෙනයන බැටළු පැටවකු මෙන්ද බැටළු දෙනක් ලෝම කපන්නන් ඉදිරියෙහි නිශ්ශබ්දව සිටින්නාක්මෙන්ද උන්වහන්සේ තමන් මුඛය නෑර සිටිසේක.