Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගීතාවලිය 17:6 - Sinhala Revised Old Version

6 දෙවියන්වහන්ස, ඔබ මට උත්තරදෙන නිසා මම ඔබට හඬගැසීමි. ඔබගේ කන් මා දෙසට යොමුකොට මාගේ බස් ඇසුව මැනව.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

6 දෙවිඳුනි, ඔබ මට පිළිතුරු දෙන නිසා මම ඔබට හඬගසමි. මා අයැදුමට කන් යොමු කළ මැනව; මාගේ බස් ඇසුව මැනව.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

6 දෙවිඳුනි, ඔබ මට පිළිතුරු දෙන නිසා මම ඔබට හඬගසමි. මා අයැදුමට කන් යොමු කළ මැනව; මාගේ බස් ඇසුව මැනව.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගීතාවලිය 17:6
10 හුවමාරු යොමු  

උන්වහන්සේ මා දෙසට කන් නැමූ බැවින් ජීවත්ව සිටින තෙක් මම උන්වහන්සේට යාච්ඤාකරන්නෙමි.


මාගේ විපත්ති දවසේදී ඔබට යාච්ඤා කරන්නෙමි; මක්නිසාද ඔබ මට උත්තරදෙනසේක.


මාගේ යාච්ඤාව ඔබ ඉදිරියට පැමිණේවා; ඔබගේ කන මාගේ මොරගැසීමට යොමුකළ මැනව.


මම වනාහි දෙවියන්වහන්සේට යාච්ඤාකරන්නෙමි; එවිට ස්වාමීන්වහන්සේ මා ගළවනසේක.


ස්වාමීන්වහන්ස, ඔබගේ කන නමා ඇසුව මැනව; ස්වාමීන්වහන්ස, ඔබගේ ඇස් ඇර බැලුව මැනව; ජීවමාන දෙවියන්වහන්සේට අපහාසකරන පිණිස සෙනකෙරීබ් කියා එවූ වචන ඇසුව මැනව.


එබැවින් අපේ දෙවිවූ ස්වාමීන්වහන්ස, ඔබ, ඔබ පමණක්ම, ස්වාමීන්වහන්සේ බව පොළොවේ සියලු රාජ්‍යවල් දැනගන්නා පිණිස ඔහුගේ අතින් අප ගැළෙවුව මැනවයි කීවේය.


භයින් සිටිව්, පව් නොකරව්. යහනේදී තොපගේම සිතින් විමසා නිශ්චලවව්.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්