තමාගේ මන්ත්‍රණය ලෙස නොකළ බව අහිතොපෙල් දැක, තමාගේ කොටළුවා සූදානම්කොට පිටත්ව ස්වකීය නුවරෙහි තිබුණ ඔහුගේ ගෙදරට ගොස්, තමාගේ ගෙදර කාරණා සකස්කොට තබා, එල්ලී මැරුණේය; ඔහු තම පියාගේ සොහොන්ගෙයි තැන්පත් කරනු ලැබීය.
ගීතාවලිය 37:15 - Sinhala Revised Old Version ඔවුන්ගේ කඩුව ඔවුන්ගේම හෘදයට ඇතුල්වන්නේය. ඔවුන්ගේ දුනුද බිඳිනු ලබන්නේය. Sinhala New Revised Version එහෙත්, ඔවුන්ගේ කඩුපත ඔවුන්ගේ ම හදවත තුවාළ කරයි; ඔවුන්ගේ දුන්න බිඳ දමනු ලැබේ. Sinhala New Revised Version 2018 එහෙත්, ඔවුන්ගේ කඩුපත ඔවුන්ගේ ම හදවත තුවාළ කරයි; ඔවුන්ගේ දුන්න බිඳ දමනු ලැබේ. |
තමාගේ මන්ත්‍රණය ලෙස නොකළ බව අහිතොපෙල් දැක, තමාගේ කොටළුවා සූදානම්කොට පිටත්ව ස්වකීය නුවරෙහි තිබුණ ඔහුගේ ගෙදරට ගොස්, තමාගේ ගෙදර කාරණා සකස්කොට තබා, එල්ලී මැරුණේය; ඔහු තම පියාගේ සොහොන්ගෙයි තැන්පත් කරනු ලැබීය.
රජුගේ රටවල සිටි අනික් යුදෙව්වරුද රැස්ව, තමුන්ගේ ජීවිතාරක්ෂාව සඳහා විරුද්ධව සිට, තමුන්ගේ සතුරන්ගෙන් නිදහස්වී, තමුන්ගේ වෛරකාරයන්ගෙන් හැත්තෑ පන්දහසක් මරාදැමුවෝය; නුමුත් කොල්ලයට අත නොපෙවුවෝය.
ඒවා ප්‍රීතිමත්වූ, එකිනෙකාට තෑගි කොටස් අරින්නාවූ, දිළිඳුන්ට දන් දෙන්නාවූ මංගල්‍ය දවස් කරගන්ට කියා ඔවුන්ට නියමකෙළේය.
ස්වාමීන්වහන්සේ ස්වකීය මෙහෙකරුවන්ගේ ආත්මය මුදනසේක. උන්වහන්සේ කෙරෙහි විශ්වාසකරන කිසිවෙක්වත් වරදට පත්කරනු නොලබන්නේය.
නොදැනී විනාශය ඔහු පිටට පැමිණේවා; ඔහු සඟවා තිබූ දැලට ඔහුම අසුවේවා; ඔහු විනාශයට පැමිණ එහි වැටේවා.
නිශ්චලවව්, මා දෙවියන්වහන්සේ බව දැනගනිව්. ජාතීන් අතරේ උසස්වන්නෙමි, පොළොවෙහි උසස්වන්නෙමි.
උන්වහන්සේ පොළෝ කෙළවර දක්වා යුද්ධ නවත්වනසේක; දුන්න බිඳ, හෙල්ලය කපාදමා, රථ ගින්නෙන් දවනසේක.
තවද ඔහු තමාගේ දෙවිවූ නිස්රොක්ගේ ගෘහයෙහි නමස්කාරකරද්දී ඔහුගේ පුත්‍රවූ අද්‍රම්මෙලෙක්ද ෂරෙශෙර්ද ඔහු කඩුවෙන් මරා අරාරාත් දේශයට සැඟවී ගියෝය. ඔහුගේ පුත්‍රවූ ඒසර්-හද්දොන් ඔහු වෙනුවට රජවිය.
මක්නිසාද ඈට එනම් බබිලෝනියට විරුද්ධව නාස්තිකරන්නා පැමිණියේය, ඇගේ බලවන්තයෝ අසුවුණෝය, ඔවුන්ගේ දුනුද කඩාදමනු ලැබුවේය. මක්නිසාද ස්වාමීන්වහන්සේ විපාකදෙන දෙවියන්වහන්සේය, උන්වහන්සේ ප්‍රතිඵලදෙනවාම ඇත.
ඒ කාලයේදී මම ඔවුන් උදෙසා වනයේ මෘගයන්ද ආකාශයේ පක්ෂීන්ද භූමියේ බඩගායන සතුන්ද සමඟ ගිවිසුමක් කරන්නෙමි. දුන්නද කඩුවද යුද්ධයද දේශයෙන් නැතිකරදමා, ඔවුන් සුවසේ සැතපෙන්ට සලස්වන්නෙමි.
ඔව්හු කඩුවෙන් අෂූර් දේශයද ඇතුල්වෙන තැන්වල නිම්රොද් දේශයද පාලනයකරනවා ඇත. මෙසේ අෂූරියයා අපේ දේශයට එන කලත් අපේ සීමාවලට පය තබන කලත් උන්වහන්සේ ඔහුගෙන් අප ගළවනසේක.
එවිට සාවුල් තමාගේ ආයුධ ගෙනයන්නාට කථාකොට: අර අචර්මඡේදිතයන් ඇවිත් මට ඇන අවනම්බු නොකරන පිණිස නුඹේ කඩුව ඇද මට අනින්නැයි කීය. නුමුත් ඔහුගේ ආයුධ ගෙනයන්නා එසේ කරන්ට කැමතිවුණේ නැත; මක්නිසාද ඔහු ඉතා භයව සිටියේය. එවිට සාවුල් තමාගේ කඩුව රැගෙන එය පිට වැටුණේය.