Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගීතාවලිය 35:8 - Sinhala Revised Old Version

8 නොදැනී විනාශය ඔහු පිටට පැමිණේවා; ඔහු සඟවා තිබූ දැලට ඔහුම අසුවේවා; ඔහු විනාශයට පැමිණ එහි වැටේවා.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

8 නොදැනුවත්ව ම ඔව්හු විපතට යත් වා! තමන් දැමූ දැලෙහි තුමූ ම අසු වෙත් වා! තමන් කැපූ වළෙහි තුමූ ම වැටෙත් වා!

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

8 නොදැනුවත්ව ම ඔව්හු විපතට යත් වා! තමන් දැමූ දැලෙහි තුමූ ම අසු වෙත් වා! තමන් කැපූ වළෙහි තුමූ ම වැටෙත් වා!

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගීතාවලිය 35:8
18 හුවමාරු යොමු  

එහෙත් ඒ දවස මලපතක් මෙන් හදිසියෙන් නුඹලා කෙරේ නොපැමිණෙන පිණිස, අධික කෑමෙන්ද බීමත්කමින්ද මේ ජීවිතයේ වෙහෙසින්ද නුඹලාගේ සිත් බර නොවන හැටියට බලාගන්න.


දුෂ්ටයා තමාගේ අපරාධවලින්ම අසුවන්නේය, තමාගේ පාප නමැති ලනුවලින් බඳිනු ලබන්නේය.


ජාතීහු තමුන් හෑරූ වළේ කිඳාගොස් සිටිති. ඔවුන් රහසින් හෙළූ දැලට ඔවුන්ගේම පා අසුවී තිබේ.


සමාදානයය, අනතුරක් නැත කියා කියන විට ගර්භණියට විලිරුජාව පැමිණෙන්නාක්මෙන් හදිසියෙන් ඔවුන් පිටට විනාශය පැමිණේ; ඔව්හුද කිසිසේත් නොගැළවෙන්නෝය.


ඒ නිසා විපත්තිය නුඹ පිටට පැමිණෙන්නේය; ඒක මතුරා හරින්ට නුඹ නොදන්නෙහිය. නුඹට පහකරගන්ට බැරි නාස්තියක් නුඹ පිටට වැටෙන්නේය. නුඹ නොදන්න විනාශයක්ද හදිසියෙන් නුඹ පිටට පැමිණෙන්නේය.


ඔව්හු මාගේ පාදවලට දැලක් එළූය; මාගේ ආත්මය අවනතව තිබේ. ඔව්හු මා ඉදිරියේ වළක් හෑරුවෝය; තුමූම ඒ මැදට වැටුණෝය.


බොහෝ වර තරවටු ලැබත් තමාගේ කුළල තදකරගන්නා ගැළවීමක් නැතුව හදිසියෙන් පොඩිකරනු ලැබේ.


එසේ හාමාන් විසින් මොර්දෙකයිට සෑදූ එල්ලුම්ගහේම හාමාන් එල්ලා දැමුවෝය. ඉක්බිති රජුගේ කෝපය සංසිඳුණේය.


සාවුල් දාවිත්ට කථාකොට: මෙන්න, මාගේ වැඩිමහල් දුවවූ මේරබ් නුඹට භාර්යාව කොට දෙන්නෙමි. නුඹ වූකලී මා උදෙසා වික්‍රමාන්විතව ස්වාමීන්වහන්සේගේ යුද්ධයන් කරන්නැයි කීවේය. මක්නිසාද සාවුල්: මාගේ අත නොව පිලිස්තිවරුන්ගේ අත ඔහු පිටට වැටේවයි සිතුවේය.


නුමුත් දෙවියන්වහන්සේ ඔවුන්ට විදිනසේක; ඊගහකින් හදිසියෙන් ඔවුන්ට තුවාල වන්නේය.


තමාගේ මන්ත්‍රණය ලෙස නොකළ බව අහිතොපෙල් දැක, තමාගේ කොටළුවා සූදානම්කොට පිටත්ව ස්වකීය නුවරෙහි තිබුණ ඔහුගේ ගෙදරට ගොස්, තමාගේ ගෙදර කාරණා සකස්කොට තබා, එල්ලී මැරුණේය; ඔහු තම පියාගේ සොහොන්ගෙයි තැන්පත් කරනු ලැබීය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්