උන්වහන්සේ විශාල ස්ථානයකට මා ගෙනාසේක. උන්වහන්සේ මා කෙරෙහි ප්‍රසන්නවූ බැවින් මා මිදූසේක.
ගීතාවලිය 31:9 - Sinhala Revised Old Version ස්වාමිනි, මට කරුණාකළ මැනව, මක්නිසාද මම දුකින් සිටිමි. මාගේ ඇස, එසේය, මාගේ ආත්මයත් ශරීරයත් ශෝකයෙන් වැහැරයයි. Sinhala New Revised Version සමිඳුනි, මට කරුණා කළ මැනව. මම දුකින් මිරිකී සිටිමි. මාගේ දෑස ද ගතසිත ද සෝදුකින් වෑරී ඇත. Sinhala New Revised Version 2018 සමිඳුනි, මට කරුණා කළ මැනව. මම දුකින් මිරිකී සිටිමි. මාගේ දෑස ද ගතසිත ද සෝදුකින් වෑරී ඇත. |
උන්වහන්සේ විශාල ස්ථානයකට මා ගෙනාසේක. උන්වහන්සේ මා කෙරෙහි ප්‍රසන්නවූ බැවින් මා මිදූසේක.
ස්වාමීන්වහන්සේ මාගේ ධර්මිෂ්ඨකම ලෙස මට විපාක දුන්සේක; මාගේ අත්වල පිරිසිදුකම ලෙස මට ප්‍රතිඵල දුන්සේක.
මාගේ මාංසයත් සිතත් ක්ෂයවේ. දෙවියන්වහන්සේ මාගේ සිතේ ශක්තියද සදාකාලයට මාගේ කොටසද වනසේක.
පීඩාව නිසා මාගේ ඇස ක්ෂයවේ. ස්වාමිනි, දවස්පතා ඔබට යාච්ඤා කෙළෙමි, ඔබ දෙසට මාගේ අත් දිගුකෙළෙමි.
නිෂ්ඵලවූ උපකාර ගැන බලාසිටීමෙන් අපේ ඇස් තවම ක්ෂයවන්නේය. ගළවන්ට බැරි ජාතියක් ගැන මුර කුළුනු උඩ අපි බලා සිටියෙමුව.