මාගේ ස්වාමිවූ ආබ්‍රහම්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට ප්‍රශංසා වේවා, මක්නිසාද උන්වහන්සේ තමන්ගේ කරුණාවත් සැබෑකමත් මාගේ ස්වාමියා වෙතින් අත්නොහළසේක. මා වනාහි මාර්ගයේ සිටියදී ස්වාමීන්වහන්සේ මාගේ ස්වාමියාගේ සහෝදරයන්ගේ ගෙදරට මා පැමිණෙවුසේකැයි කීය.
ගීතාවලිය 25:6 - Sinhala Revised Old Version ස්වාමිනි, ඔබගේ මෘදුවූ දයාබරකම්ද කරුණාගුණයන්ද සිහිකළ මැනව; මක්නිසාද ඒවා පෙර සිට පවත්නේය. Sinhala New Revised Version සමිඳුනි, ඔබේ කරුණා ගුණයත්, තිර පෙමත් සිහි කළ මැනව. මේවා ඔබේ චිරාගත ගුණාංගයෝ ය. Sinhala New Revised Version 2018 සමිඳුනි, ඔබේ කරුණා ගුණයත්, තිර පෙමත් සිහි කළ මැනව. මේවා ඔබේ චිරාගත ගුණාංගයෝ ය. |
මාගේ ස්වාමිවූ ආබ්‍රහම්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට ප්‍රශංසා වේවා, මක්නිසාද උන්වහන්සේ තමන්ගේ කරුණාවත් සැබෑකමත් මාගේ ස්වාමියා වෙතින් අත්නොහළසේක. මා වනාහි මාර්ගයේ සිටියදී ස්වාමීන්වහන්සේ මාගේ ස්වාමියාගේ සහෝදරයන්ගේ ගෙදරට මා පැමිණෙවුසේකැයි කීය.
තවද යාකොබ්: මාගේ පියා වන ආබ්‍රහම්ගේ දෙවියන්වහන්ස, මාගේ පියා වන ඊසාක්ගේ දෙවියන්වහන්ස, නුඹේ රටටත් නුඹේ නෑයන් වෙතටත් හැරී යන්න, මම නුඹට යහපත කරන්නෙමියි මට වදාළවූ ස්වාමීන්වහන්ස,
දෙවිවූ ස්වාමීන්වහන්ස, ඔබගේ අභිෂේකලත් තැනැත්තාගේ මුහුණ ඉවත නොහැරෙවුව මැනව. ඔබගේ මෙහෙකරුවූ දාවිත්ට දුන් කරුණාවල් සිහිකළමැනවයි කියා යාච්ඤාකෙළේය.
තවද සබත් දවස ශුද්ධ ලෙස පවත්වන පිණිස පිරිසිදුවී ඇවිත් දොරටු රැකවල් කරන්ටය කියා මම ලෙවීවරුන්ට අණකළෙමි. මාගේ දෙවියන්වහන්ස, මේ නිසාත් මා සිහිකර, ඔබගේ කරුණාවේ මහත්කම පරිද්දෙන් මට දයාවී වදාළ මැනව.
ඔබගේ මහත් අනුකම්පාව නිසා ඔබ ඔවුන් කාන්තාරයෙහි අත් නොහැරියසේක. මාර්ගයේ ඔවුන් ගෙනගිය වලා ටැඹ දවාලේවත්, ඔවුන් යා යුතු මාර්ගයේදී ඔවුන්ට එළිය දුන් ගිනි ටැඹ රාත්‍රියේවත් ඔවුන් කෙරෙන් පහ නොවීය.
නුමුත් ස්වාමීන්වහන්සේගේ කරුණාව තමන්ට භය ඇත්තන් කෙරෙහි සදාකාලයෙන් සදාකාලයටද, උන්වහන්සේගේ ධර්මිෂ්ඨකම දරුවන්ගේ දරුවන්ටද පවත්නේය.
ස්වාමීන්ට ප්‍රශංසාකරව්. ස්වාමීන්ට ස්තුතිකරව්; මක්නිසාද උන්වහන්සේ යහපත්ය. උන්වහන්සේගේ කරුණාව සදාකල් පවත්නේය.
මා ජීවත්වන පිණිස ඔබගේ අනුකම්පාව මා කරා පැමිණේවා. මක්නිසාද ඔබගේ ව්‍යවස්ථාව මාගේ ප්‍රීතියය.
ස්වාමිනි, ඔබගේ දයාව මාගෙන් නොවැලැක්වුව මැනව. ඔබගේ කරුණාගුණයත් සැබෑකමත් නිතර මා ආරක්ෂාකෙරේවා.
එහෙත් ස්වාමිනි, මම වනාහි පිළිගන්නා කාලයකදී මාගේ යාච්ඤාව ඔබට පුදමි. දෙවියන්වහන්ස, ඔබගේ අධික දයාවෙන්, ඔබගේ ගැළවීමේ සැබෑකමින් මට උත්තරදුන මැනව.
ස්වාමිනි, මට උත්තරදුන මැනව; මක්නිසාද ඔබගේ කරුණාගුණය යහපත්ය. ඔබගේ දයාබරකම් රාශිය ලෙස මා දෙසට හැරුණ මැනව.
උන්වහන්සේ ඉශ්‍රායෙල් වංශය කෙරෙහි ඇති ස්වකීය කරුණාවත් විශ්වාසකමත් සිහිකළසේක. පොළොවේ සියලු සීමාවෝ අපේ දෙවියන්වහන්සේගේ ගැළවීම දුටුවෝය.
ඔබවහන්සේ මුදාගත් සෙනඟ ස්වකීය කරුණාවෙන් යුක්තව ගෙනගියසේක. ඔබගේ ශුද්ධ වාසස්ථානයට ස්වකීය ශක්තියෙන් ඔවුන්ට මග පෙන්වූසේක.
ස්වාමීන්වහන්සේ ඔහු ඉදිරිපිටින් වඩිමින්: ස්වාමීන්වහන්සේය, ස්වාමීන්වහන්සේය, උන්වහන්සේ අනුකම්පාවෙන් පූර්ණවූ දයාවන්තවූ උදහස්වීමට ප්‍රමාදවන්නාවූ අධිකතර කරුණාව සහ සැබෑකමද ඇත්තාවූ දෙවි කෙනෙක්ය.
දුෂ්ටයා තමාගේ මාර්ගයද අධර්මිෂ්ඨ මනුෂ්‍යයා තමාගේ යෝජනාද අත්හැර, ස්වාමීන්වහන්සේ වෙතට හැරී ඒවා, උන්වහන්සේ ඔහුට අනුකම්පාකරනවා ඇත; අපේ දෙවියන්වහන්සේ වෙතට ඔහු හැරී ඒවා, මක්නිසාද උන්වහන්සේ අතිශයින් කමාවෙනවා ඇත.
ස්වර්ගයේ සිට ඇස් යොමා, ඔබගේ ශුද්ධකම සහ තේජසේ නිවාසයේ සිට බැලුව මැනව. ඔබගේ ජ්වලිතකම සහ බලවත් ක්‍රියා කොයිද? මා කෙරෙහි වූ ඔබගේ දයාවද අනුකම්පාද නැවතී තිබේ.
එප්‍රායිම් මාගේ ප්‍රිය පුත්‍රයාද? ඔහු ප්‍රසන්නවූ දරුවෙක්ද? මක්නිසාද මම ඔහුට විරුද්ධව කථාකරන සෑම විටම ඔහු නැවත සිහිකරමි. එබැවින් මාගේ හෘදය ඔහු ගැන කම්පාවන්නේය; සැබවින්ම ඔහුට අනුකම්පාකරන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක.
නැවත ප්‍රීති හඬද සන්තෝෂ හඬද මනමාලයාගේ හඬද මනමාලීගේ හඬද: සේනාවල ස්වාමීන්වහන්සේට ස්තුතිකරන්න, මක්නිසාද ස්වාමීන්වහන්සේ යහපත්සේක, උන්වහන්සේගේ කරුණාව සදාකාලේටම පවත්නේයයි කියන්නන්ගෙත් ස්වාමීන්වහන්සේගේ ගෘහයට ස්තුති පූජා ගෙනෙන්නන්ගෙත් හඬද ඇසෙනවා ඇත. මක්නිසාද මම මුලදී මෙන් දේශයේ වාල්කම පහකරන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක
මාගේ දෙවියන්වහන්ස, ඔබගේ කන් නමා ඇසුව මැනව; ඔබගේ ඇස් හැර අපේ අසරණකමද ඔබගේ නාමය දරන නුවරද බැලුව මැනව. මක්නිසාද අපේ කන්නලව් අප විසින් ඔබ ඉදිරියෙහි ඔප්පුකරන්නේ අපේ ධර්මිෂ්ඨකම් නිසා නොව ඔබගේ මහත් අනුකම්පාවල් නිසාය.
ස්වාමීන්වහන්ස, මම ඔබගේ ප්‍රවෘත්තිය අසා භයවීමි. ස්වාමීන්වහන්ස, අවුරුදු අතරතුරේ ඔබගේ ක්‍රියාකිරීම ප්‍රාණවත්කළ මැනව. අවුරුදු අතරතුරේ දැන්වුව මැනව; උදහසේදී අනුකම්පාව සිහිකළ මැනව.
උන්වහන්සේට පෙරටුව යන්නෙහිය. ඒ දයාබරකමෙන් අඳුරෙහිද මරණ සෙවණෙහිද සිටින්නන්ට එළිය දෙන පිණිසත්,
දයාබර කරුණාවල පියවූද සෑම සැනසිල්ලේ දෙවිවූද අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පියවූ දෙවියන්වහන්සේට ප්‍රශංසාවේවා.
එසේය, ක්‍රිස්තුස් යේසුස්වහන්සේගේ ඇලුම්කමින් මට නුඹලා සියල්ලන් කෙරෙහි කොපමණ ආශා ඇත්තෙම්ද කියා දෙවියන්වහන්සේ මට සාක්ෂි වනසේක.
ඉතින් ක්‍රිස්තුස්වහන්සේ තුළ යම් අස්වැසිල්ලක් ඇත්නම්, ප්‍රේමයේ යම් සැනසිල්ලක් ඇත්නම්, ආත්මයාණන් වහන්සේගේ යම් පංගුකාරකමක් ඇත්නම්, යම් ආදරයක් සහ දයාබරකමක් ඇත්නම්,
එබැවින් දෙවියන්වහන්සේගේ ශුද්ධවූ ප්‍රේමවන්තවූ තෝරාගත්තවුන් මෙන් දයාබර හිතක්ද ගුණවන්තකමක්ද යටත්කමද මෘදුකමද ඉවසිලිවන්තකමද පැළඳගෙන,
නුමුත් ලෝකයේ වස්තු ඇත්තා තමාගේ සහෝදරයාගේ හිඟකම දැක ඔහුට අනුකම්පා නොකළොත්, දෙවියන්වහන්සේගේ ප්‍රේමය ඔහු තුළ පවතින්නේ කෙසේද?