Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 ලේකම් 6:42 - Sinhala Revised Old Version

42 දෙවිවූ ස්වාමීන්වහන්ස, ඔබගේ අභිෂේකලත් තැනැත්තාගේ මුහුණ ඉවත නොහැරෙවුව මැනව. ඔබගේ මෙහෙකරුවූ දාවිත්ට දුන් කරුණාවල් සිහිකළමැනවයි කියා යාච්ඤාකෙළේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

42 දෙවි සමිඳුනි, ඔබේ අභිෂේක ලත් තැනැත්තා වෙතින් අහකට නොහැරෙනු මැනව. ඔබේ මෙහෙකරු වූ දාවිත්ට ඔබ දැක්වූ කරුණාව ප්‍රසාදයෙන් සිහි කළ මැනව.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

42 දෙවි සමිඳුනි, ඔබේ අභිෂේක ලත් තැනැත්තා වෙතින් අහකට නොහැරෙනු මැනව. ඔබේ මෙහෙකරු වූ දාවිත්ට ඔබ දැක්වූ කරුණාව ප්‍රසාදයෙන් සිහි කළ මැනව.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 ලේකම් 6:42
11 හුවමාරු යොමු  

නුඹලාගේ කන් යොමා මා ළඟට ඇවිත් අසන්න; එවිට නුඹලාගේ ප්‍රාණය ජීවත්වන්නේය. මමද දාවිත්ගේ සහතික කරුණාවල් වන සදාකාල ගිවිසුමක් නුඹලා සමඟ කරන්නෙමි.


ස්වාමිනි, දාවිත්ගේ දුක් සියල්ල ඔහු උදෙසා සිහිකළ මැනව;


තවත් කුණුවීමට නොහැරෙන ලෙස දෙවියන්වහන්සේ විසින් උන්වහන්සේ මළවුන්ගෙන් නැගිටෙවු බවට මෙයාකාරයෙන් කීසේක, එනම්: දාවිත්ගේ ශුද්ධවූ ස්ථිරවූ ආශීර්වාද නුඹලාට දෙන්නෙමියි යනුයි.


ස්වාමිවූ දෙවියන්වහන්සේගේ ආත්මය මා කෙරෙහිය; මක්නිසාද දිළිඳුන්ට ශුභාරංචිය දේශනා කරන්ට ස්වාමීන්වහන්සේ මා ආලේප කළසේක; බිඳුණු සිත් ඇත්තන් සුවකරන්ටද, වහලුන්ට නිදහසත් හිරකාරයන්ට හිරගෙයින් මිදීමත් ප්‍රකාශකරන්ටද,


ඔබගේ මෙහෙකරුවූ දාවිත් නිසා ඔබගේ අභිෂේකලත් නැනැත්තාගේ මුහුණ ඉවත් නොකළ මැනව.


මාගේ කරුණාව සදාකල් ඔහු උදෙසා පවත්වන්නෙමි, මාගේ ගිවිසුම ඔහු සමඟ ස්ථිරව පවතින්නේය.


මාගේ විශ්වාසකමත් මාගේ කරුණාවත් ඔහු සමඟ වන්නේය; මාගේ නාමයෙන් ඔහුගේ අඟ උසස්වන්නේය.


ස්වාමීන්ටද උන්වහන්සේගේ අභිෂේකලත් තැනැත්තාණන්ටද විරුද්ධව පොළොවේ රජවරු සැරසෙති, අධිපතියෝද එක්ව මන්ත්‍රණයකෙරෙති.


ඉතින් මම එක ඉල්ලීමක් නුඹෙන් ඉල්ලා සිටිමි, ඒක ඉෂ්ට නොකර නොසිටින්නැයි කීවේය. ඈද: කියන්නැයි ඔහුට කීවාය.


එහිදී ශාදොක් පූජකයා සහ නාතාන් අනාගතවක්තෘ ඔහු ඉශ්‍රායෙල් කෙරෙහි රජකොට ආලේප කෙරෙත්වා. නුඹලාත් හොරණෑව පිඹ–සාලමොන් රජු සැරදේවයි කියන්න.


මක්නිසාද ඔබගේ මණ්ඩපවල එක දවසක් දවස් දහසකට වඩා යහපත. දුෂ්ටකමේ කූඩාරම්වල විසීමට වඩා මාගේ දෙවියන්වහන්සේගේ ගෘහයෙහි දොරටුපාලයෙක්ව ඉන්ට කැමැත්තෙමි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්