නුඹලා යෝසෙප්ට මෙලෙස කියන්න; ඔබගේ සහෝදරයන්ගේ අපරාධයත් ඔබට නපුරුකම්කළ ඔවුන්ගේ පාපයත් කමාකළ මැනවි. දැනුදු ඔබගේ පියාගේ දෙවියන්වහන්සේගේ මෙහෙකරුවන්ගේ වරද ක්ෂමාකරන ලෙස ඉල්ලමුයයි කීවෝය. ඔවුන් යෝසෙප්ට කථාකළ විට ඔහු හැඬුවේය.
ගීතාවලිය 146:5 - Sinhala Revised Old Version යාකොබ්ගේ දෙවියන්වහන්සේ උපකාරකොට ඇත්තාවූ, තමාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ කෙරෙහි තමාගේ බලාපොරොත්තුව ඇත්තාවූ තැනැත්තේ වාසනාවන්තය. Sinhala New Revised Version ජාකොබ්ගේ දෙවිඳුන් සරණ පතන, සිය දෙවි සමිඳුන් කෙරෙහි බලාපොරොත්තු තබන තැනැත්තේ වාසනාවන්ත ය. Sinhala New Revised Version 2018 ජාකොබ්ගේ දෙවිඳුන් සරණ පතන, සිය දෙවි සමිඳුන් කෙරෙහි බලාපොරොත්තු තබන තැනැත්තේ වාසනාවන්ත ය. |
නුඹලා යෝසෙප්ට මෙලෙස කියන්න; ඔබගේ සහෝදරයන්ගේ අපරාධයත් ඔබට නපුරුකම්කළ ඔවුන්ගේ පාපයත් කමාකළ මැනවි. දැනුදු ඔබගේ පියාගේ දෙවියන්වහන්සේගේ මෙහෙකරුවන්ගේ වරද ක්ෂමාකරන ලෙස ඉල්ලමුයයි කීවෝය. ඔවුන් යෝසෙප්ට කථාකළ විට ඔහු හැඬුවේය.
එකල්හි ඒ ආකාර සෙනඟ වාසනාවන්තයෝය. එසේය, ස්වාමීන්වහන්සේ තමුන්ගේ දෙවියන්වහන්සේ කොට ගත් සෙනඟ වාසනාවන්තයෝය.
ස්වකීය දෙවියන් කොට ස්වාමීන්වහන්සේ ඇතුව සිටින ජාතියද, උන්වහන්සේ විසින් ස්වකීය උරුමය කොට තෝරාගත් සෙනඟද ආශීර්වාද ලද්දෝය.
මක්නිසාද ස්වාමිවූ දෙවියන්වහන්ස, මාගේ බලාපොරොත්තුව ඔබය. තරුණ වයස පටන් මාගේ විශ්වාසය ඔබය.
සේනාවල දෙවිවූ ස්වාමීන්වහන්ස, මාගේ යාච්ඤාව ඇසුව මැනව. යාකොබ්ගේ දෙවියන්වහන්ස, කන්දුන මැනව.
උන්වහන්සේ තව දුරටත්: මම නුඹේ පියාගේ දෙවියන්වහන්සේය, ආබ්‍රහම්ගේ දෙවියන්වහන්සේය, ඊසාක්ගේ දෙවියන්වහන්සේය, යාකොබ්ගේ දෙවියන්වහන්සේයයි කීසේක. මෝසෙස් තමාගේ මුහුණ වසාගත්තේය; මක්නිසාද ඔහු දෙවියන්වහන්සේ දෙස බලන්ට භයවිය.
දේව වචනය සලකන්නාට ශුභසිද්ධ වන්නේය; ස්වාමීන්වහන්සේ කෙරෙහි විශ්වාස කරන්නාද වාසනාවන්තයෙක්ය.
එම්බා ඉශ්‍රායෙල්, නුඹ වාසනාවන්තය. ස්වාමීන්වහන්සේ විසින් මුදන ලද සෙනඟක්වූ නුඹට සමාන කවුද? උන්වහන්සේ නුඹට උපකාර කරන පලිහත් නුඹේ මහිමයේ කඩුවත්ය. නුඹේ සතුරෝ නුඹට යටත් වන්නෝය; නුඹද ඔවුන්ගේ උසස්ථාන පාගන්නෙහියයි කීය.
උන්වහන්සේ කාලවල කෙළවරදී ප්‍රකාශකරනු ලැබූසේක; මෙසේ නුඹලාගේ ඇදහිල්ල සහ බලාපොරොත්තුව දෙවියන්වහන්සේ කෙරෙහි ඇත්තේය.