නුමුත් ස්වාමීන්වහන්සේගේ කරුණාව තමන්ට භය ඇත්තන් කෙරෙහි සදාකාලයෙන් සදාකාලයටද, උන්වහන්සේගේ ධර්මිෂ්ඨකම දරුවන්ගේ දරුවන්ටද පවත්නේය.
ගීතාවලිය 111:3 - Sinhala Revised Old Version උන්වහන්සේගේ ක්‍රියාව ගෞරවයෙන් හා මහිමයෙන් යුක්තය. උන්වහන්සේගේ ධර්මිෂ්ඨකම සදාකල් පවත්නේය. Sinhala New Revised Version එතුමන්ගේ ක්‍රියා ගෞරවයෙන් හා මහිමයෙන් පූර්ණ ය; එතුමන්ගේ දැහැමිකම සදාතන ය. Sinhala New Revised Version 2018 එතුමාණන්ගේ ක්‍රියා ගෞරවයෙන් හා මහිමයෙන් පූර්ණ ය; එතුමාණන්ගේ දැහැමිකම සදාතන ය. |
නුමුත් ස්වාමීන්වහන්සේගේ කරුණාව තමන්ට භය ඇත්තන් කෙරෙහි සදාකාලයෙන් සදාකාලයටද, උන්වහන්සේගේ ධර්මිෂ්ඨකම දරුවන්ගේ දරුවන්ටද පවත්නේය.
ඔහු විසිරවූයේය, දිළිඳුන්ට දුන්නේය; ඔහුගේ ධර්මිෂ්ඨකම සදාකල් පවත්නේය. ඔහුගේ අඟ ගෞරවයෙන් උසස්වන්නේය.
ස්වාමීන්වහන්සේ ස්වකීය සියලු මාර්ගයන්හි ධර්මිෂ්ඨය, ස්වකීය සියලු ක්‍රියාවලින් දයාවන්තය.
ස්වාමීන්වහන්ස, දෙවිවරුන් අතරේ ඔබට සමාන කවුද? ශුද්ධකමින් මහිමවත්වූ, ප්‍රශංසාවලින් භයංකරවූ, පුදුම දේ කරන්නාවූ ඔබ සමාන කවුද?
මක්නිසාද කාවා ඔවුන් වස්ත්‍රයක් මෙන් කාදමන්නේය, පණුවාද ඔවුන් ලෝම මෙන් කන්නේය. නුමුත් මාගේ ධර්මිෂ්ඨකම සදාකාලයටත් මාගේ ගැළවීම සියලු පරම්පරාවලටත් පවත්නේය.
වරද තීන්දුකරන්ටත් පව් කෙළවරකරන්ටත් අපරාධය උදෙසා සමඟිකමක්කරන්ටත් සදාකාල ධර්මිෂ්ඨකම පමුණුවන්ටත් දර්ශනය සහ අනාගතවාක්‍යය මුද්‍රකර තබන්ටත් අති ශුද්ධස්ථානය ආලේපකරන්ටත් නුඹේ සෙනඟත් නුඹේ ශුද්ධවූ නුවරත් ගැන සති සැත්තෑවක් නියමකර තිබේ.
එසේ කළේ අපගේ ස්වාමිවූ ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ දෙවියන්වහන්සේ විසින් අභිප්‍රායකරනලද සදාකාල අභිප්‍රායේ ප්‍රකාරයට,