මාගේ එදිරිකාරයන්ටත් මාගේ ප්‍රාණයට විරුද්ධව නපුර කථාකරන්නන්ටත් ස්වාමීන්ගෙන් ලැබෙන විපාකය මේය.
ගීතාවලිය 110:5 - Sinhala Revised Old Version ඔබගේ දකුණු පැත්තෙහි සිටින ස්වාමීන්වහන්සේ ස්වකීය උදහසේ දවසේදී රජුන් ගසා හෙළනසේක. Sinhala New Revised Version සමිඳාණෝ ඔබ දකුණු පස වැඩ සිටින සේක. උදහස් දිනයේ දී එතුමාණෝ රජුන්ගේ ඔද බිඳදමන සේක. Sinhala New Revised Version 2018 සමිඳාණෝ ඔබ දකුණු පස වැඩ සිටින සේක. උදහස් දිනයේ දී එතුමාණෝ රජුන්ගේ ඔද බිඳදමන සේක. |
මාගේ එදිරිකාරයන්ටත් මාගේ ප්‍රාණයට විරුද්ධව නපුර කථාකරන්නන්ටත් ස්වාමීන්ගෙන් ලැබෙන විපාකය මේය.
ස්වාමීන්වහන්සේ මාගේ ස්වාමීන්ට කථාකොට: මා විසින් නුඹේ සතුරන් නුඹේ පාපුටුව කරනතෙක් මාගේ දකුණු පැත්තෙහි හිඳින්නැයි කීසේක
ස්වාමීන් නිතර මා ඉදිරියෙහි තබාගතිමි. උන්වහන්සේ මාගේ දකුණු පැත්තෙහි සිටින බැවින් මම නොසෙල්වන්නෙමි.
සර්වපරාක්‍රමයාණන්වහන්සේ විසින් රජවරුන් එහි විසිරවූ කල, එය ශල්මෝන පිටට හිම වැටෙන්නාක්මෙන් විය.
නළාගස් අතරෙහිවූ වල් සතාටද ගොන් සමූහයා සහ වස්සන් වැනි ජනයන්ටද තරවටුකළ මැනව; රිදී මිල සහිතව එකිනෙකා යටත්වේ; යුද්ධයට ප්‍රියවූ මනුෂ්‍ය වර්ගයන් විසරවුව මැනව.
මෙසේ ස්වාමිවූ යේසුස්වහන්සේ ඔවුන්ට කථාකළ පසු, ස්වර්ගයට ඔසවාගනු ලැබ, දෙවියන්වහන්සේගේ දකුණු පැත්තෙහි වාඩිවූසේක.
නුඹේ සිතේ මුරණ්ඩුකමෙන්ද පසුතැවිලි නොවන සිතින්ද දෙවියන්වහන්සේගේ ධර්මිෂ්ඨවූ විනිශ්චය එළිදරව්වන උදහසේ දවසට නුඹ උදහස රැස්කරගන්නෙහිද?
ජාතීහු උදහස්වූවෝය, ඔබගේ උදහසද මළවුන් විනිශ්චය කරන කාලයද ඔබ ස්වකීය මෙහෙකරුවූ ප්‍රොපේතවරුන්ටත් ශුද්ධවන්තයන්ටත් ඔබගේ නාමයට භයවන ලොකු කුඩා තැනැත්තන්ට විපාක දෙන්නාවූ, පොළොව විනාශකරන්නවුන් විනාශකරන්නාවූ කාලයද පැමුණුණේයයි කීවෝය.