Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




හබක්කුක් 3:12 - Sinhala Revised Old Version

12 ඔබවහන්සේ කෝපයෙන් දේශයෙහි ගමන්කළසේක, උදහසින් ජාතීන් මැඩලූසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

12 ඔබ වහන්සේ කෝපයෙන් ලෝකය හරහා ගමන්ගත් සේක. උදහසින් ජාතීන් පාගා දැමූ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

12 ඔබ වහන්සේ කෝපයෙන් ලෝකය හරහා ගමන්ගත් සේක. උදහසින් ජාතීන් පාගා දැමූ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




හබක්කුක් 3:12
14 හුවමාරු යොමු  

මක්නිසාද: බබිලොන් දුව මඩිනු ලබන කලවිටක් මෙන්ය; තව ටිකකින් ගොයම් කපන කාලය ඈට පැමිණේයයි ඉශ්‍රායෙල්ගේ දෙවිවූ සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක.


උන්වහන්සේ කානාන් දේශයේ ජාතීන් හතක් විනාශකොට, අවුරුදු හාරසිය පනහක් පමණ කාලයකට ඒ ජාතීන්ගේ දේශය උරුමයක් කොට ඔවුන්ට දුන්සේක.


ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: දමස්කයේ වරද තුනක්ද, එසේය, හතරක්ද නිසා මම එහි දඬුවම පහනොකරන්නෙමි; මක්නිසාද මඩින යකඩ යන්ත්‍රවලින් ඔවුන් විසින් ගිලියද් දේශය මඩිනලද්දේය.


බලව, මම නුඹ මුවහත්වූ අලුත් දැති ඇත්තාවූ මඩින යන්ත්‍රයක් කරන්නෙමි. නුඹ කඳු මැඩ පොඩිකර, හෙල් බොල්මෙන් කරන්නෙහිය.


ඔවුන් ඉදිරියෙන් ජාතීන් එළවා, ලනුවෙන් ඔවුන්ට උරුමයක් බෙදාදී, ඔවුන්ගේ කූඩාරම්වල ඉශ්‍රායෙල් ගෝත්‍රයන් වාසයකෙරෙවුසේක.


දෙවියන්වහන්ස, ඔබ තමන් සෙනඟට පෙරටුව නික්ම ගිය කලද වනාන්තරය මැදින් ගිය කලද


මක්නිසාද ඔබගේ කෝපයෙන් අපි විනාශවෙමුව, ඔබගේ උදහසින් කැලඹෙමුව.


ඔබගේ දකුණු පැත්තෙහි සිටින ස්වාමීන්වහන්සේ ස්වකීය උදහසේ දවසේදී රජුන් ගසා හෙළනසේක.


නොසැලකිලි ජාතීන් කෙරෙහි මහත් අප්‍රසන්නකමකින් අප්‍රසන්නව සිටිමි. මක්නිසාද මා ස්වල්ප වශයෙන් අප්‍රසන්නව සිටි විට ඔව්හු පීඩාව වැඩිකළෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්