ස්වාමීන්වහන්සේට ස්තුතිකරව්; මක්නිසාද උන්වහන්සේ යහපත්ය. උන්වහන්සේගේ කරුණාව සදාකල් පවත්නේය.
ගීතාවලිය 107:1 - Sinhala Revised Old Version ස්වාමීන්ට ස්තුතිකරව්; මක්නිසාද උන්වහන්සේ යහපත්ය. උන්වහන්සේගේ කරුණාව සදාකල් පවත්නේය. Sinhala New Revised Version සමිඳුන් හට තුති පුදන්න. එතුමාණෝ යහපත් ය; එතුමන්ගේ තිර පෙම සදහට පවත්නේ ය. Sinhala New Revised Version 2018 සමිඳාණන් වහන්සේ හට තුති පුදන්න. එතුමාණෝ යහපත් ය; එතුමාණන්ගේ තිර පෙම සදහට පවත්නේ ය. |
ස්වාමීන්වහන්සේට ස්තුතිකරව්; මක්නිසාද උන්වහන්සේ යහපත්ය. උන්වහන්සේගේ කරුණාව සදාකල් පවත්නේය.
ඔවුන් සමඟ හේමාන්ද යෙදූතුන්ද නම් සඳහන්කර තෝරාගනු ලැබූ අනික් අයද: ස්වාමීන්වහන්සේගේ කරුණාව සදාකාලයටම පවත්නේය කියා උන්වහන්සේට ස්තුතිකිරීමට නියමකෙළේය.
ඔහු සෙනඟ සමඟ මන්ත්‍රණයකොට ස්වාමීන්වහන්සේට ගීතිකාකරන්නන් පත්කෙළේය. ඔව්හු යුද්ධ සේනාවට පෙරටුව යමින්, ශුද්ධකමේ අලංකාරයෙන් යුක්තව ප්‍රශංසා කරමින්–ස්වාමීන්වහන්සේට ස්තුතිකරන්න, මක්නිසාද උන්වහන්සේගේ කරුණාව සදාකල්ම පවත්නේයයි කීවෝය.
එවිට පූජකයන් ශුද්ධස්ථානයේ සිට පිටතට අවුත් ස්වාමීන්වහන්සේට ස්තුති ප්‍රශංසා කිරීමට නළා පිඹින්නන් හා ගීතිකාකාරයන් එක ශබ්දයක් ඇසෙන පිණිස එක්කෙනෙකු මෙන් සිට, නළාවලින්ද අත්තල්වලින්ද වෙනත් තූර්ය භාණ්ඩවලින්ද: මක්නිසාද උන්වහන්සේ යහපත්ය. උන්වහන්සේගේ කරුණාව සදාකාලේටම පවත්නේය කියා ස්වාමීන්වහන්සේට ප්‍රශංසාකිරීමෙන් ශබ්ද පැවැත්වූ කල, ගෘහය වලාපටලයෙන් පිරීගියේය.
සියලු ඉශ්‍රායෙල් පුත්‍රයෝ ගිනි බසිනවාත් ස්වාමීන්වහන්සේගේ තේජස ගෘහය පිට තිබෙනවාත් දැක, ගල් අතුළ බිමට තමුන්ගේ මුහුණු නමා නමස්කාරකොට: මක්නිසාද උන්වහන්සේ යහපතය; උන්වහන්සේ කරුණාව සදාකල් පවත්නේය කියමින් ස්වාමීන්වහන්සේට ස්තුතිකළෝය.
පූජකයෝද තම තමුන්ගේ තනතුරුවල යෙදී සිටියෝය; ලෙවීවරුත් ස්වාමීන්වහන්සේගේ තූර්ය භාණ්ඩ රැගෙන සිටියෝය, ඔවුන් ලවා දාවිත් රජ ප්‍රශංසාකරවන විට: මක්නිසාද උන්වහන්සේගේ කරුණාව සදාකාලේටම පවත්නේය කියා ස්වාමීන්වහන්සේට ස්තුතිකිරීමට දාවිත් විසින් ඒවා සාදවා තිබුණේය. පූජකයෝද ඔවුන් ඉදිරිපිටින් සිට නළා පිම්බෝය; සියලු ඉශ්‍රායෙල්වරුද නැගිට සිටියෝය.
මක්නිසාද ස්වාමීන්වහන්සේ යහපත්ය; උන්වහන්සේගේ කරුණාව සදාකාලේටද උන්වහන්සේගේ විශ්වාසකම සියලු පරම්පරාවලටද පවත්නේය.
නුමුත් ස්වාමීන්වහන්සේගේ කරුණාව තමන්ට භය ඇත්තන් කෙරෙහි සදාකාලයෙන් සදාකාලයටද, උන්වහන්සේගේ ධර්මිෂ්ඨකම දරුවන්ගේ දරුවන්ටද පවත්නේය.
ස්වාමීන්ට ස්තුතිකරව්. උන්වහන්සේගේ නාමය කියා යාච්ඤාකරව්. මනුෂ්‍ය වර්ගයන් අතරේ උන්වහන්සේගේ ක්‍රියා ප්‍රකාශකරව්.
ස්වාමීන්ට ප්‍රශංසාකරව්. ස්වාමීන්ට ස්තුතිකරව්; මක්නිසාද උන්වහන්සේ යහපත්ය. උන්වහන්සේගේ කරුණාව සදාකල් පවත්නේය.
ස්වාමීන්ට ස්තුතිකරව්; මක්නිසාද උන්වහන්සේ යහපත්ය. උන්වහන්සේගේ කරුණාව සදාකාලයට පවත්නේය.
උන්වහන්සේද: නුඹ යහපත ගැන මාගෙන් විචාරන්නේ මක්නිසාද? යහපත්ව සිටින්නේ එක්කෙනෙක්මය. නුමුත් නුඹ ජීවනයට ඇතුල්වෙන්ට කැමැත්තෙහි නම් ආඥාවන් පවත්වන්නැයි ඔහුට කීසේක.