Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




ගීතාවලිය 107:1 - Sinhala New Revised Version 2018

1 සමිඳාණන් වහන්සේ හට තුති පුදන්න. එතුමාණෝ යහපත් ය; එතුමාණන්ගේ තිර පෙම සදහට පවත්නේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

1 සමිඳුන් හට තුති පුදන්න. එතුමාණෝ යහපත් ය; එතුමන්ගේ තිර පෙම සදහට පවත්නේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

1 ස්වාමීන්ට ස්තුතිකරව්; මක්නිසාද උන්වහන්සේ යහපත්ය. උන්වහන්සේගේ කරුණාව සදාකල් පවත්නේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගීතාවලිය 107:1
15 හුවමාරු යොමු  

සමිඳුන් හට තුති පුදන්න; මන්ද, එතුමාණෝ යහපත් ය; එතුමන්ගේ ස්ථිරසාර ප්‍රේමය සදහට ම පවත්නේ ය.


ඔවුන් සමඟ හේමන් ද ජෙදුතුන් ද නම් කියා තෝරාගනු ලැබූ අනික් අය ද, “සමිඳාණන් වහන්සේගේ කරුණාව සදහට ම පවත්නේ ය” කියමින් උන් වහන්සේට ස්තුති කිරීමට නියම කෙළේ ය.


ඔහු සෙනඟ සමඟ සම්මන්ත්‍රණය කොට සමිඳාණන් වහන්සේට ගායනා කරන්නන් පත් කෙළේ ය. ඔව්හු නමස්කාරයට සුදුසු ඇඳුම් ලා ගෙන යුද්ධ සේනාවට පෙරටු ව යමින්, උන් වහන්සේට ප්‍රශංසා කරමින්, “සමිඳාණන් වහන්සේට ස්තුති කරන්න; මන්ද, උන් වහන්සේගේ කරුණාව සදහට ම පවත්නේ ය”යි ගැයුවෝ ය.


එවිට පූජකයන් ශුද්ධස්ථානයේ සිට පිටතට අවුත්, සමිඳාණන් වහන්සේට ස්තුති ප්‍රශංසා කිරීමට නළා පිඹින්නන් හා ගීතිකාකාරයන් සියල්ලන් ම එක ශබ්දයක් ඇසෙන පිණිස එක් කෙනෙකු මෙන් සිට, නළාවලින් ද අත්තල්වලින් ද වෙනත් තූර්ය භාණ්ඩවලින් ද “උන් වහන්සේ යහපත් ය. උන් වහන්සේගේ ස්ථිරසාර ප්‍රේමය සදාකාලයට ම පවත්නේ ය” කියා සමිඳාණන් වහන්සේට ප්‍රශංසා කිරීමෙන් ශබ්ද පැවැත්වූ කල, මාලිගාව එනම්, සමිඳාණන් වහන්සේගේ මාලිගාව වලාපටලයෙන් පිරී ගියේ ය.


සියලු ඉශ්රායෙල්වරු ගිනි බසිනවාත් සමිඳාණන් වහන්සේගේ තේජාලංකාරය මාලිගාව පිට තිබෙනවාත් දැක, ගල් ඇල්ලූ බිමට තමන්ගේ හිස් නමා නමස්කාර කොට, “උන් වහන්සේ යහපත් ය; උන් වහන්සේගේ කරුණාව සදහට පවත්නේ ය”යි කියමින් සමිඳාණන් වහන්සේට ස්තුති කළෝ ය.


පූජකයෝ ද තම තමන්ගේ තනතුරුවල යෙදී සිටියහ. ලෙවීවරුත් සමිඳාණන් වහන්සේගේ තූර්ය භාණ්ඩ රැගෙන සිටියෝ ය. ඔව්හු දාවිත් රචිත ගී ගයමින්, “සමිඳාණන් වහන්සේගේ කරුණාව සදහට ම පවත්නේ ය”යි කියමින් උන් වහන්සේට ප්‍රශංසා කළහ. උන් වහන්සේට ස්තුති කිරීමට දාවිත් විසින් ඒවා රචනා කරනු ලැබ තිබිණි. පූජකයෝ ද ඔවුන් ඉදිරිපිටින් සිටගෙන නළා පිම්බෝ ය; සියලු ඉශ්රායෙල්වරු ද නැඟිට සිටියහ.


මන්ද, සමිඳාණෝ යහපත් ය; එතුමාණන්ගේ ප්‍රේමය ස්ථිර ය; සදහට ම පවත්නේ ය. පරපුරෙන් පරපුරට එතුමාණන්ගේ විශ්වාසවන්තකම පවත්නේ ය.


සමිඳුන්ගේ තිර පෙම, තමන්ට ගරුබිය පාන අය කෙරෙහි සදාකාලයෙන් සදාකාලයට වේ.


සමිඳාණන් වහන්සේට තුති පුදන්න, එතුමාණන්ගේ නාමයෙන් අයැදින්න, ජාතීන් අතරේ එතුමාණන්ගේ ක්‍රියා පළ කරන්න.


සමිඳාණන් වහන්සේ පසසන්න; සමිඳුන්ට තුති පුදන්න; මන්ද, එතුමාණෝ යහපත් ය; එතුමාණන්ගේ තිර පෙම සදහට ම පවතින්නේ ය.


සමිඳාණන් වහන්සේට ස්තුති කරන්න. මන්ද, එතුමාණෝ යහපත් ය. එතුමාණන්ගේ තිර පෙම සදාකාලයට පවත්නේ ය.


ඔබ යහපත් ය; යහපත කරන සේක. ඔබේ පනත් මට ඉගැන්නුව මැනව.


උන් වහන්සේ පිළිතුරු දෙමින්, “ඔබ යහපත ගැන මාගෙන් විචාරන්නේ මන් ද? යහපත් ව සිටින්නේ එක ම එක කෙනෙකි. එහෙත්, ඔබ ජීවනයට ඇතුළු වන්න කැමැත්තෙහි නම් ආඥා පිළිපදින්නැ”යි ඔහුට වදාළ සේක.


එතුමන්ගේ දයාව සිය බැතිමතුන් කෙරේ, පරපුරෙන් පරපුරට පැතිරේ.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්