එබැවින් උන්වහන්සේ: ඔවුන් විනාශකරන්නෙමියි කීසේක. උන්වහන්සේ ඔවුන් විනාශ නොකරන ලෙස උන්වහන්සේගේ උදහස පහකරන පිණිස, උන්වහන්සේ විසින් තෝරාගත් මෝසෙස් උන්වහන්සේ ඉදිරියේ කෝප දොරටුවෙහි නොසිටියේ නම්, එසේ කරනවා ඇත.
ගලාති 3:19 - Sinhala Revised Old Version එසේවී නම් ව්‍යවස්ථාව කිමෙක්ද? ඒක වනාහි පොරොන්දුව ලැබූ ඒ බීජය එන තුරු දේවදූතයන් ලවා මැදහත්කාරයෙකුගේ අතින් නියමකරවනු ලැබ, පසුව අපරාධ නිසා එකතුකරන ලද්දේය. Sinhala New Revised Version එසේ නම් ව්‍යවස්ථාව කුමට ද? එය දෙන ලද්දේ පොරොන්දුව ලැබූ ‘වංශය’ වූ ක්‍රිස්තුන් වහන්සේ එන තෙක් නීති විරෝධී ක්‍රියා මේ යයි පෙන්වා දෙන පිණිස ය. තවද, එය දෙන ලද්දේ මැදහත්කාරයෙකු අතින් දේව දූතයන් විසිනි. සිංහල කාලීන පරිවර්තනය එසේ නම් දහම් නීතිය කුමට ද? සැබවින් ම එය පොරොන්දුව අදහස් කළ “වංශය” පැමිණෙන තෙක්, අපරාධ ඇඟවීමට එකතු කරන ලද්දකි. එය පනවන ලද්දේ මැදහත්කරුවකු අතින්, දේව දූතයින් මඟිනි. Sinhala New Revised Version 2018 එසේ නම් ව්‍යවස්ථාව කුමට ද? එය දෙන ලද්දේ පොරොන්දුව ලැබූ ‘වංශය’ වූ ක්‍රිස්තුන් වහන්සේ එන තෙක් නීති විරෝධී ක්‍රියා මේ යයි පෙන්වා දෙන පිණිස ය. තවද, එය දෙන ලද්දේ මැදහත්කාරයෙකු අතින් දේව දූතයන් විසිනි. |
එබැවින් උන්වහන්සේ: ඔවුන් විනාශකරන්නෙමියි කීසේක. උන්වහන්සේ ඔවුන් විනාශ නොකරන ලෙස උන්වහන්සේගේ උදහස පහකරන පිණිස, උන්වහන්සේ විසින් තෝරාගත් මෝසෙස් උන්වහන්සේ ඉදිරියේ කෝප දොරටුවෙහි නොසිටියේ නම්, එසේ කරනවා ඇත.
වැගිරීමක් ඇත්තාද ශුක්‍ර වැගිරීමෙන් අපවිත්‍ර වෙන්නාද ඔසප් ඇතිවීමෙන් අසනීපව සිටින්නීද,
ආබ්‍රහම්ද: මෝසෙස්ගෙත් අනාගතවක්තෘවරුන්ගෙත් වචන ඔව්හු නොඅසත් නම්, යමෙක් මළවුන්ගෙන් නැගුටුණත් ඔවුන් විශ්වාසකරන්නේ නැත කියා ඔහුට කීවේයයි කීසේක.
මක්නිසාද ව්‍යවස්ථාව මෝසෙස් කරණකොටගෙන දෙනලද්දේය; අනුග්‍රහයද සත්‍යයද පැමුණුණේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කරණකොටගෙනය.
මම ඇවිත් ඔවුන්ට කථා නොකෙළෙම් නම්, ඔවුන්ට පාපයක් නැත. නුමුත් දැන් ඔවුන්ගේ පාපය ගැන ඔව්හු නිරුත්තරව සිටිති.
සීනයි කන්දේදී තමාට කථාකළ දේවදූතයා සමඟද අපගේ පියවරුන් සමඟද කාන්තාරයේ සභාවෙහි සිටියෙත්, අපට දෙන පිණිස ජීවන වාක්‍යයන් ලැබුවෙත් මොහුය.
නුඹලා දේවදූතයන් කරණකොටගෙන නියමකරන ලද ආකාරයෙන් ව්‍යවස්ථාව ලැබත්, එය රක්ෂා නොකළහුය යනුයි.
ව්‍යවස්ථාවක් නැතුව පව්කළාවූ සියල්ලෝ ව්‍යවස්ථාව නැතුව විනාශවන්නෝය. ව්‍යවස්ථාවක් ඇතුව පව්කළාවූ සියල්ලෝ ව්‍යවස්ථාව කරණකොටගෙන විනිශ්චයකරනු ලබන්නෝය.
ඉතින් පොරොන්දු දෙනලද්දේ ආබ්‍රහම්ටත් ඔහුගේ වංශයටත්ය. බොහෝදෙනෙකුට මෙන්: වංශයන්ටය නොකියා, එක්කෙනෙකුට මෙන්: නුඹේ වංශයටයයි උන්වහන්සේ කියනසේක.
ඔහු මෙසේ කීවේය: ස්වාමීන්වහන්සේ සීනයිහි සිට ආසේක, සේයිර්හි සිට ඔවුන් කෙරෙහි උදාවූසේක, උන්වහන්සේ පාරාන් කන්දෙන් බැබළුණු සේක, දසදහසක් ශුද්ධවන්තයන් අතරේ සිට ආසේක. ඔවුන් උදෙසා ගිනිමය වූ ව්‍යවස්ථාවක් උන්වහන්සේගේ දකුණතෙහි තිබුණේය.
(ස්වාමීන්වහන්සේගේ වචන නුඹලාට දන්වන පිණිස එකල්හි මම ස්වාමීන්වහන්සේටත් නුඹලාටත් අතරේ සිටියෙමි; මක්නිසාද නුඹලා ගින්න නිසා භයවී කන්දට නොනැගී සිටියහුය) උන්වහන්සේ කථාකොට මෙසේ කීසේක.
මක්නිසාද දේවදූතයන් කරණකොටගෙන කියනලද වචනය ස්ථිරවී, සියලු වරද ක්‍රියාවලටත් අකීකරුකම්වලටත් සාධාරණ විපාකයක් ලැබුණේ වීනම්,
මක්නිසාද අපි යම් ලෝකයක් ගැන කථාකරමුද, පැමිණෙන්ට තිබෙන ඒ ලෝකය උන්වහන්සේ යටත්කළේ දේවදූතයන්ට නොවේය.