Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යොහන් 15:22 - Sinhala Revised Old Version

22 මම ඇවිත් ඔවුන්ට කථා නොකෙළෙම් නම්, ඔවුන්ට පාපයක් නැත. නුමුත් දැන් ඔවුන්ගේ පාපය ගැන ඔව්හු නිරුත්තරව සිටිති.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

22 මම පැමිණ ඔවුන්ට කතා නොකෙළෙම් නම්, ඔවුන්ට පාපයක් නැත. එහෙත්, දැන් ඔවුන්ගේ පාපය ගැන නිදහසට කරුණක් ඔවුන්ට නැත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

22 මා නො පැමිණියා නම්, හා ඔවුන්ට නො පැවසුවා නම් පාපය ගැන ඔවුන් වරදකරුවන් නො වේ. එහෙත් දැන් තම පාපය ගැන නිදහසට කරුණු ඔවුන්ට නැත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

22 මම පැමිණ ඔවුන්ට කතා නොකෙළෙම් නම්, ඔවුන්ට පාපයක් නැත. එහෙත්, දැන් ඔවුන්ගේ පාපය ගැන නිදහසට කරුණක් ඔවුන්ට නැත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යොහන් 15:22
17 හුවමාරු යොමු  

යේසුස්වහන්සේ ඔවුන්ට කියනසේක්: නුඹලා අන්ධයෝ නම් නුඹලාට පාපයක් නැත; නුමුත් දැන්–අපට පෙනේයයි නුඹලා කියන නිසා නුඹලාගේ පාපය පවතින්නේයයි ඔවුන්ට කීසේක.


එබැවින් යමෙක් යහපත කරන්ට දැන එය නොකරන්නේ නම්, ඔහුට ඒක පාපයය.


ඉතින් මේ නොදන්නාකමේ කාලවල් දෙවියන්වහන්සේ නොබලා හැරිය නුමුත් සියලු මනුෂ්‍යයන්ට හැමතැන්හි පසුතැවිලිවෙන්ට දැන් අණකරනසේක.


මක්නිසාද ලෝකය මැවූ තැන් පටන් දෙවියන්වහන්සේගේ අදෘශ්‍යමාන දේ වන උන්වහන්සේගේ සදාකාලිකවූ බලය හා දෙවිකම මවනලද දේවලින් තේරුම් ගොස් පැහැදිලි ලෙස පෙනීයන්නේය; එබැවින් ඔව්හු නිරුත්තරව සිටිති.


මා එපාකොට මාගේ වචන පිළිනොගන්නා විනිශ්චයකරන්නෙක් සිටිනසේක. මා කී වචනයම අන්තිම දවසේදී ඔහු විනිශ්චයකරන්නේය.


එසේය, නුඹලා නිදහස් අය නුමුත්, ඒ නිදහස නපුරට වැස්මක් කොට නොව දෙවියන්වහන්සේගේ දාසයන් මෙන් ව්‍යවහාරකරන්න. සියල්ලන්ටම ගෞරවකරන්න.


එබැවින් විනිශ්චයකරන මනුෂ්‍යය, නුඹ කවරෙක් වුවත් නිරුත්තරව සිටිනෙහිය. මක්නිසාද යමක් ගැන නුඹ අනිකෙකු විනිශ්චයකෙරෙහිද, නුඹම එම දේවල් කරන නිසා නුඹටම වරද තබාගන්නෙහිය.


ඔහු බලා නොසිටින දවසකදීද නොදන්නා පැයකදීද ඒ දාසයාගේ ස්වාමියා ඇවිත් ඔහුට තදබලලෙස දඬුවම්කර, අවිශ්වාසයන් සමඟ ඔහුගේ කොටස නියමකරන්නේය.


ඔවුන් කැරළිකාර වංශයක් බැවින්, ඔවුන් අසතත් නොඅසතත් තමුන් අතරෙහි අනාගතවක්තෘ කෙනෙක් සිටි බව ඔවුන් දැනගන්නවා ඇත.


යේසුස්වහන්සේ ඔහුට උත්තරදෙමින්: ඉහළින් එය නුඹට නොදෙනලද්දේ නම්, මට විරුද්ධව නුඹට කිසි බලයක් නැත. එහෙයින් මා නුඹට පාවාදුන් තැනැත්තාගේ පාපය වඩා මහත්යයි කීසේක.


මට වෛරවෙන්නා මාගේ පියාණන්වහන්සේටත් වෛරවන්නේය.


වෙන කිසිවෙකු විසින් නොකළ ක්‍රියා මම ඔවුන් අතරෙහි නොකෙළෙම් නම්, ඔවුන්ට පාපයක් නැත. නුමුත් දැන් ඔව්හු මාද මාගේ පියාණන්වහන්සේද දැක වෛරවූවෝය.


පාපය ගැනයයි කීවේ ඔවුන් මා කෙරෙහි නොඅදහන නිසාය;


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්