Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ද්විතීය නීතිය 5:5 - Sinhala Revised Old Version

5 (ස්වාමීන්වහන්සේගේ වචන නුඹලාට දන්වන පිණිස එකල්හි මම ස්වාමීන්වහන්සේටත් නුඹලාටත් අතරේ සිටියෙමි; මක්නිසාද නුඹලා ගින්න නිසා භයවී කන්දට නොනැගී සිටියහුය) උන්වහන්සේ කථාකොට මෙසේ කීසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

5 උන් වහන්සේ වදාළ දේ ඔබට දැන්වීමට මම එකල සමිඳාණන් වහන්සේටත්, ඔබටත් අතර සිටියෙමි. ගින්න නිසා බිය වූයෙන් ඔබ කන්දට නොනැංගහු ය. “උන් වහන්සේ මෙසේ වදාළ සේක:

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

5 උන් වහන්සේ වදාළ දේ ඔබට දැන්වීමට මම එකල සමිඳාණන් වහන්සේටත්, ඔබටත් අතර සිටියෙමි. ගින්න නිසා බිය වූයෙන් ඔබ කන්දට නොනැංගහු ය. “උන් වහන්සේ මෙසේ වදාළ සේක:

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ද්විතීය නීතිය 5:5
15 හුවමාරු යොමු  

එසේවී නම් ව්‍යවස්ථාව කිමෙක්ද? ඒක වනාහි පොරොන්දුව ලැබූ ඒ බීජය එන තුරු දේවදූතයන් ලවා මැදහත්කාරයෙකුගේ අතින් නියමකරවනු ලැබ, පසුව අපරාධ නිසා එකතුකරන ලද්දේය.


තුන්වෙනි දින උදය වූ කල ගිගිරුම්ද විදුලිද කන්ද පිට ඝන වලාකුළක්ද ඉතා තද හොරණෑ ශබ්දයක්ද විය; එවිට කඳවුරෙහි සිටිය මුළු සෙනඟ වෙවුලුවෝය.


මක්නිසාද ක්‍රිස්තුස්වහන්සේ සැබෑ ශුද්ධස්ථානයේ ආදෘශවන, අතින් සෑදූ ශුද්ධස්ථානයකට නොව අප උදෙසා දෙවියන්වහන්සේගේ අභිමුඛයෙහි දැන් පෙනී සිටින පිණිස ස්වර්ගයටම ඇතුල්වූසේක.


ඔවුන්ගේ අධිපතියා ඔවුන්ගෙන්ම කෙනෙක් වන්නේය, ඔවුන්ගේ ආණ්ඩුකාරයාද ඔවුන් අතරෙන්ම නික්ම එන්නේය; ඔහු මා වෙතට ළංවන පිණිස ඔහු ළඟට පමුණුවා ගනිමි. මක්නිසාද මා වෙතට ළං වීමට නිර්භීතකම ඇති තැනැත්තා කවුදැයි ස්වාමීන්වහන්සේ කියනසේක.


එබැවින් උන්වහන්සේ: ඔවුන් විනාශකරන්නෙමියි කීසේක. උන්වහන්සේ ඔවුන් විනාශ නොකරන ලෙස උන්වහන්සේගේ උදහස පහකරන පිණිස, උන්වහන්සේ විසින් තෝරාගත් මෝසෙස් උන්වහන්සේ ඉදිරියේ කෝප දොරටුවෙහි නොසිටියේ නම්, එසේ කරනවා ඇත.


නුඹ ළංවී අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේ කියන සියල්ල අසා අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹට කථාකරන සියල්ල අපට කියන්න; අපි ඒ අසා ඒ හැටියට කරන්නෙමුයයි කීවෝය.


එසේ ඔහු මළවුන්ටත් ජීවතුන්ටත් අතරේ සිටියේය; එවිට වසංගතය නැවතුණේය.


ඒ මනුෂ්‍යයෝ එතැනින් හැරී සොදොම දෙසට ගියෝය. නුමුත් ආබ්‍රහම් ස්වාමීන්වහන්සේ ඉදිරියෙහිම නැවතී සිටියේය.


ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට: බැස යව, බලන පිණිස සෙනඟ ස්වාමීන්වහන්සේ වෙතට සීමා බිඳගන අවුත් ඔවුන්ගෙන් බොහෝදෙනෙක් නොනස්නා පිණිස සීමාව ඉක්මවා නොයනලෙස ඔවුන්ට අණකරව.


එවිට මෝසෙස් සෙනඟ ළඟට බැස ඔවුන්ට එසේ කීවේය.


ඔහු උස් තැන් පහකර, රූපස්තම්භ කඩා, අෂේරා කණු කපාදමා, මෝසෙස් විසින් සෑදූ පිත්තල සර්පයාත් කැබලිකොට දැමුවේය; මක්නිසාද ඒ දවස් දක්වා ඉශ්‍රායෙල් පුත්‍රයෝ ඊට සුවඳ දුම් ඔප්පුකළෝය; ඔහු ඊට නෙහුෂ්තාන්යයි නම් තැබුවේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්