ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




ගණන් කථාව 33:52 - Sinhala Revised Old Version

දේශයේ සියලු වැසියන් නුඹලා ඉදිරියෙන් පන්නා දමා ඔවුන්ගේ සියලු රූප සහිතවූ කැටයම් ගල්ද ඔවුන්ගේ සියලු වාත්තු පිළිමද නැතිකර දමා ඔවුන්ගේ සියලු උස් තැන් නටබුන්කරන්න.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

නුඹලාට ඉදිරියෙන් එහි සිටින දේශවාසී සියල්ලන් පලවා හැරිය යුතු ය. ඔවුන් ගලින් නෙළූ, ලෝහයෙන් වාත්තු කළ පිළිම නසා වනසා, ගිරිකුළු දේවාල නටබුන් කළ යුතු ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

නුඹලාට ඉදිරියෙන් එහි සිටින දේශවාසී සියල්ලන් පලවා හැරිය යුතු ය. ඔවුන් ගලින් නෙළූ, ලෝහයෙන් වාත්තු කළ පිළිම නසා වනසා, ගිරිකුළු දේවාල නටබුන් කළ යුතු ය.

පරිච්ඡේදය බලන්න



ගණන් කථාව 33:52
18 හුවමාරු යොමු  

එකල සාලමොන් යෙරුසලම ඉදිරියෙහිවූ කන්දේ මෝවබ්වරුන්ගේ පිළිකුලවූ කෙමොෂ්ටත් අම්මොන් පුත්‍රයන්ගේ පිළිකුලවූ මොලෙක්ටත් උස්තැනක් ගොඩනැගුවේය.


නුඹ ඔවුන්ගේ දෙවිවරුන්ට නමස්කාර නොකරන්න, ඔවුන්ට මෙහෙනොකරන්න, ඔවුන්ගේ ක්‍රියාවල හැටියට නොකරන්න. එසේ නොව ඔවුන් මුළුමනින්ම පෙරළාදමා ඔවුන්ගේ රූපස්තම්භ කැබලිකොට බිඳදමන්න.


රූප සාදානොගන්න, කැපූ පිළිමයක්වත් රූපස්තම්භයක්වත් සිටුවා නොගන්න, නමස්කාර කරන පිණිස නුඹලාගේ දේශයෙහි කැටයම්කළ කිසි ගලක් නොතබන්න. මක්නිසාද මම නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේය.


ස්වාමීන්වහන්සේ මොවුන් නුඹලාට පාවාදුන් කල්හි මා විසින් නුඹලාට අණකළ මුළු ආඥාවේ හැටියට ඔවුන්ට කරන්න.


එම්බා ඉශ්‍රායෙල්, නුඹ වාසනාවන්තය. ස්වාමීන්වහන්සේ විසින් මුදන ලද සෙනඟක්වූ නුඹට සමාන කවුද? උන්වහන්සේ නුඹට උපකාර කරන පලිහත් නුඹේ මහිමයේ කඩුවත්ය. නුඹේ සතුරෝ නුඹට යටත් වන්නෝය; නුඹද ඔවුන්ගේ උසස්ථාන පාගන්නෙහියයි කීය.


ස්වාමීන්වහන්සේ තමන්ගේ මෙහෙකරුවූ මෝසෙස්ට අණකළ ලෙස මෝසෙස් යෝෂුවාට අණකෙළේය. යෝෂුවාද එසේ කෙළේය; ස්වාමීන්වහන්සේ මෝසෙස්ට අණකළ සියල්ලෙන් ඔහු කිසිවක් නොකොට නොසිටියේය.


මෝසෙස්ගේ ව්‍යවස්ථා පොතෙහි ලියා තිබෙන සියල්ලෙන් දකුණටවත් වමටවත් නොහැරී ඒවා පවත්වන්ටත් රක්ෂාකරන්ටත් ඉතා ධෛර්යවත්වන්න.


ඉශ්‍රායෙල් මනුෂ්‍යයෝද: නුඹලා අප අතරේ වසනවා වෙන්ට පුළුවන; කෙසේ අපි නුඹලා සමඟ ගිවිසුමක් කරමුදැයි හිවීවරුන්ට කීවෝය.


මේ දේශයේ වැසියන් සමඟ කිසි ගිවිසුමක් නොකොට ඔවුන්ගේ පූජාසන කඩාදමන්නය කියාද කීවෙමි. නුමුත් නුඹලා මාගේ හඬට ඇහුම්කන් නුදුන්නහුය. නුඹලා මෙසේ කළේ මක්නිසාද?