Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යොෂුවා 9:7 - Sinhala Revised Old Version

7 ඉශ්‍රායෙල් මනුෂ්‍යයෝද: නුඹලා අප අතරේ වසනවා වෙන්ට පුළුවන; කෙසේ අපි නුඹලා සමඟ ගිවිසුමක් කරමුදැයි හිවීවරුන්ට කීවෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

7 එහෙත්, ඉශ්රායෙල් සෙනඟ ඔවුන්ට පිළිතුරු දෙමින්, “ඔබ අප අසල වාසය කරනු වන්නට පුළුවන. එසේ නම් අප ඔබ සමඟ ගිවිසුමක් කරගන්නේ කෙසේ දැ”යි හිවීවරුන්ගෙන් ඇසූ හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

7 එහෙත්, ඉශ්රායෙල් සෙනඟ ඔවුන්ට පිළිතුරු දෙමින්, “ඔබ අප අසල වාසය කරනු වන්නට පුළුවන. එසේ නම් අප ඔබ සමඟ ගිවිසුමක් කරගන්නේ කෙසේ දැ”යි හිවීවරුන්ගෙන් ඇසූ හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යොෂුවා 9:7
14 හුවමාරු යොමු  

ගිබියොන්හි වැසියන්වූ හිවීවරුන් මිස වෙන කිසි නුවරක් ඉශ්‍රායෙල් පුත්‍රයන් සමඟ සමාදාන නොවීය. ඔව්හු යුද්ධයෙන් අවශේෂ සියල්ලම අල්වාගත්තෝය.


මේ දේශයේ වැසියන් සමඟ කිසි ගිවිසුමක් නොකොට ඔවුන්ගේ පූජාසන කඩාදමන්නය කියාද කීවෙමි. නුමුත් නුඹලා මාගේ හඬට ඇහුම්කන් නුදුන්නහුය. නුඹලා මෙසේ කළේ මක්නිසාද?


යොර්දානෙන් මෙගොඩ කඳු රටෙහිත් පාත රටෙහිත් ලෙබනොන් ඉදිරිපිට තිබෙන මහ මුහුද අසබඩ මුළුල්ලෙහිත් සිටිය හිත්තීවරුන්ගේද අමෝරිවරුන්ගේද කානානිවරුන්ගේද පෙරිස්සිවරුන්ගේද හිවීවරුන්ගේද යෙබූසිවරුන්ගේද සියලු රජවරුන් ඒ ඇසූ කල,


එහෙත් නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ උරුමයක් කොට නුඹට දෙන්නාවූ මේ සෙනඟගේ නුවරවල හුස්ම ඇති කිසිවෙක්වත් ඉතුරු නොකරන්න.


දේශයේ සියලු වැසියන් නුඹලා ඉදිරියෙන් පන්නා දමා ඔවුන්ගේ සියලු රූප සහිතවූ කැටයම් ගල්ද ඔවුන්ගේ සියලු වාත්තු පිළිමද නැතිකර දමා ඔවුන්ගේ සියලු උස් තැන් නටබුන්කරන්න.


නුඹ යන දේශයේ වැසියන් නුඹලා අතරේ මළපතක් නොවන පිණිස ඔවුන් සමඟ ගිවිසුමක් නොකරන්ට බලාගන්න.


එබැවින් මිසරවරුන්ගේ අතින් ඔවුන් නිදහස්කර ඒ රටින් පිටත්කොට යහපත්වූ විශාලවූ දේශයකට, කිරි සහ මීපැණි ගලායන්නාවූ දේශයකට, එනම් කානානිවරුන්ගේද හිත්තීවරුන්ගේද අමෝරිවරුන්ගේද පෙරිස්සිවරුන්ගේද හිවීවරුන්ගේද යෙබූසිවරුන්ගේද ඉඩමට පමුණුවන්ට බැස්සෙමි.


එවිට දේශයේ අධිපතිවූ හිවීය හාමොර්ගේ පුත් ෂෙඛෙම් ඈ දුටුවේය; ඔහු ඈ රැගෙන ඈ සමඟ සයනය කොට ඈ අපවිත්‍ර කෙළේය.


හිවීවරුද අර්කිවරුද සිනිවරුද


පිලිස්තිවරුන්ගේ අධිපතිවරු පස්දෙනාත් සියලු කානානිවරුත් ශීදොන්වරුත් බාල්හෙර්මොන් කන්දේ පටන් හමාත්ට ඇතුල්වෙන තැන දක්වා ලෙබනොන් කඳුකරයේ වාසයකළ හිවීවරුත්ය.


එහෙත් නුඹ සැබවින් උන්වහන්සේගේ හඬට ඇහුම්කන්දී මා කියන සියල්ල කළොත් මම නුඹේ සතුරන්ට සතුරෙක්ද නුඹේ විරුද්ධකාරයන්ට විරුද්ධකාරයෙක්ද වන්නෙමි.


එතනින් පවුරු ඇති තීර්ටත් හිවීවරුන්ගේද කානානිවරුන්ගේද සියලු නුවරවලටත් පැමිණියාහ. යූදාහි දකුණු දිශාවේ බෙයෙර්-ෂෙබා දක්වාද ගියෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්