ඉශ්‍රායෙල් පුත්‍රයෝ මනුෂ්‍ය පථයකට එන තෙක් සතළිස් අවුරුද්දක් මන්නා කෑවෝය; ඔව්හු කානාන් දේශයේ සීමාවලට පැමිණෙනතෙක් මන්නා කෑවෝය.
ගණන් කථාව 26:10 - Sinhala Revised Old Version ඒ සමාගම නැසුණු කල්හි එනම් ගින්නෙන් දෙසිය පනස් දෙනෙක් විනාශවූ කල්හි භූමිය ඇගේ මුඛය ඇර කෝරා සමඟ ඔවුන් ගිලගත්තාය. එසේ ඔව්හු අවවාද ලකුණක් වූහ. Sinhala New Revised Version පොළොව පැළී ඔවුන් ගිලදැමී ය. ගින්නෙන් දෙසිය පණස්දෙනෙකු වැනසී ගිය විට, ඔවුන් සමඟ කෝරා සහ ඔහුගේ පිරිස ද මළහ. මෙසේ ඔව්හු අනතුරු ඇඟවීමේ ලකුණක් වූ හ. Sinhala New Revised Version 2018 පොළොව පැළී ඔවුන් ගිලදැමී ය. ගින්නෙන් දෙසිය පනස්දෙනෙකු වැනසී ගිය විට, ඔවුන් සමඟ කෝරා සහ ඔහුගේ පිරිස ද මළහ. මෙසේ ඔව්හු අනතුරු ඇඟවීමේ ලකුණක් වූ හ. |
ඉශ්‍රායෙල් පුත්‍රයෝ මනුෂ්‍ය පථයකට එන තෙක් සතළිස් අවුරුද්දක් මන්නා කෑවෝය; ඔව්හු කානාන් දේශයේ සීමාවලට පැමිණෙනතෙක් මන්නා කෑවෝය.
බබිලෝනියේ දාසව සිටින සියලුම යූදාවරුන්ද බබිලෝනියේ රජු විසින් ගින්නෙන් පිළිස්සුවාවූ ශෙදෙකියාටත් අහාබ්ටත් ස්වාමීන්වහන්සේ නුඹ සමානකරනසේක්වයි කියා ඔවුන් ගැන ශාප-වචනයක් ව්‍යවහාරකරනවා ඇත.
මම ඒ මනුෂ්‍යයාට විරුද්ධව මාගේ මුහුණ තබා, ලකුණක්ද උපමාවක්ද පිණිස ඔහු නාස්තිකර, මාගේ සෙනඟ අතරෙන් ඔහු සිඳදමන්නෙමි; මෙසේ මා ස්වාමීන්වහන්සේ බව නුඹලා දැනගන්නහුය.
ඉශ්‍රායෙල් පුත්‍රයන්ගෙන් සභාවේ අධිපතීන් වන සභාවෙන් කැඳවාගනු ලැබුවාවූ කීර්තිමත්වූ මනුෂ්‍යයන් දෙසිය පනස්දෙනෙකු සමඟ මෝසෙස්ට එදිරිව නැගිට,
තමුන්ගේම ප්‍රාණවලට විරුද්ධවුණ මේ පව්කාරයන්ගේ ධූප භාජනවලින් පූජාසනය වැසීමට තළාපු තහඩු සාදනු ලැබේවා. ඔවුන් ඒවා ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ඔප්පු කළ බැවින් ඒවා ශුද්ධය. ඒවා ඉශ්‍රායෙල් පුත්‍රයන්ට ලකුණක් පිණිස වන්නේයයි කීසේක.
ආරොන්ගේ නම ලෙවීගේ සැරයටිය පිට ලියන්න. මක්නිසාද ඔවුන්ගේ පිය වංශවල එක එක ප්‍රධානියාට එක සැරයටියක් බැගින් තිබිය යුතුය.
අපේ පියා කාන්තාරයෙහි මළේය, ඔහු කෝරාගේ සමාගම වන ස්වාමීන්වහන්සේට විරුද්ධව රැස්වුණ සභාව අතරේ නොසිටියේය. ඔහු තමාගේ පාපය නිසාම මළේය; ඔහුට පුත්‍රයෝ නොසිටියෝය.
උන්වහන්සේ රූබෙන්ගේ පුත්‍රයා වන එලියාබ්ගේ පුත්‍රයන්වූ දාතාන් සහ අබිරාම්ට කළ දෙය එනම් පොළොව ඇගේ මුඛය ඇර ඔවුන් සහ ඔවුන්ගේ පවුල්ද කූඩාරම්ද ඔවුන් අනුව ගිය පණ ඇති සියල්ලන්ද මුළු ඉශ්‍රායෙල් මධ්‍යයෙහි ගිලගත් හැටිද දන්නේවත් දුටුවේවත් නැත.
සොදොම හා ගොමොරාව යන නුවරවල් අළුකරමින් ඒවා පෙරළා දමා විනාශයට නියමකොට, මතු අභක්තිකලෙස හැසිරෙන්නන්ට ඒවා ආදර්ශයක් කළසේක් නම්,
එසේ සොදොම සහ ගොමොරාවද අවට නුවරවල්ද මොවුන් සේම තුමූම වේශ්‍යාකමට භාරවී, අන්‍ය මාංසය පස්සේ ගොස්, සදාකාල ගින්නේ දඬුවම විඳිමින්, අවවාද ආදර්ශයක් කොට දක්වනු ලැබ සිටිති.
නුඹේ පුත්‍රයන් දෙදෙනා වන හොප්නී සහ පීනෙහාස් කෙරෙහි පැමිණෙන දෙය නුඹට ලකුණක් වන්නේය; එනම් ඔවුන් දෙදෙනාම එක දවසේදී මැරෙන්නෝය.