Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගණන් කථාව 16:2 - Sinhala Revised Old Version

2 ඉශ්‍රායෙල් පුත්‍රයන්ගෙන් සභාවේ අධිපතීන් වන සභාවෙන් කැඳවාගනු ලැබුවාවූ කීර්තිමත්වූ මනුෂ්‍යයන් දෙසිය පනස්දෙනෙකු සමඟ මෝසෙස්ට එදිරිව නැගිට,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

2 ඔවුන් සමඟ ඉශ්රායෙල් ජනයා අතර සභාව කැඳවන, ජනප්‍රිය, කීර්තිමත් දෙසිය පණස්දෙනෙක් ද මෝසෙස්ට විරුද්ධ ව කැරලි ගැසූ හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

2 ඔවුන් සමඟ ඉශ්රායෙල් ජනයා අතර සභාව කැඳවන, ජනප්‍රිය, කීර්තිමත් දෙසිය පනස්දෙනෙක් ද මෝසෙස්ට විරුද්ධ ව කැරලි ගැසූ හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගණන් කථාව 16:2
10 හුවමාරු යොමු  

මොව්හු ඇගේ නග්නකම ප්‍රකාශකොට, ඇගේ පුත්‍රයන්ද දූවරුන්ද අරගෙන ගොස්, ඈ කඩුවෙන් මැරුවෝය. ඈ වනාහි ස්ත්‍රීන්ට නින්දා පාඨයක් වුණාය; මෙසේ ඔව්හු ඈ කෙරෙහි විනිශ්චය ඉෂ්ට කළෝය.


ඔවුන්ගේ පිය වංශවල ප්‍රධානියෝ මොව්හුය: ඒපෙර්, ඉෂී, එලියෙල්, අස්‍රීයෙල්, යෙරෙමියා, හෝදවියා සහ යාදියෙල්ය. ඔව්හු බලවන්තයෝව කීර්තිමත් මනුෂ්‍යයෝ ව තමුන්ගේ පිය වංශවල ප්‍රධානියෝ ව සිටියෝය.


ඒ දවස්හි යෝධයෝ පොළොවෙහි සිටියෝය, ඉන්පසුත් දෙවියන්වහන්සේගේ පුත්‍රයන් මනුෂ්‍යයන්ගේ දූවරුන් වෙතට පැමිණිකල ඒ ස්ත්‍රීන් ඔවුන් නිසා බිහිකළාවූ දරුවෝ පුරාණයෙහි සිටි කීර්තිමත්වූ බලසම්පන්න මනුෂ්‍යයෝ වූය.


නුඹේ ශෝභනකම නිසා නුඹේ කීර්තිය ජාතීන් අතරේ පැතිරගියේය; මක්නිසාද මා විසින් නුඹ කෙරෙහි තැබූ මාගේ තේජස නිසා ඒක සම්පූර්ණව තිබුණේයයි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේක


එප්‍රායිම් පුත්‍රයන්ගෙන් බලවන්තයෝව තමුන්ගේ පිය වංශවල කීර්තිමත් මනුෂ්‍යයෝව සිටි විසිදාස් අටසිය දෙනෙක්ය.


සභාවෙන් කැඳවාගන්නාලද්දෝ මොව්හුය, මොව්හු තමුන්ගේ පියවරුන්ගේ ගෝත්‍රවල අධිපතියෝව ඉශ්‍රායෙල් දහස් ගණන්වලට මුලාදෑනියෝව සිටියෝය.


තවද ස්වාමීන්වහන්සේ කෙරෙන් ගිනි නික්ම අවුත් සුවඳ දුම් ඔප්පුකළ දෙසිය පනස්දෙනා දවාදැමීය.


මෝසෙස් පාවාගත් කුෂ් ස්ත්‍රිය නිසා මිරියාම් සහ ආරොන් ඔහුට විරුද්ධව කථාකළෝය. මක්නිසාද ඔහු කුෂ් ස්ත්‍රියෙක් සරණපාවාගෙන සිටියේය.


අපේ පියා කාන්තාරයෙහි මළේය, ඔහු කෝරාගේ සමාගම වන ස්වාමීන්වහන්සේට විරුද්ධව රැස්වුණ සභාව අතරේ නොසිටියේය. ඔහු තමාගේ පාපය නිසාම මළේය; ඔහුට පුත්‍රයෝ නොසිටියෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්