Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




ගණන් කථාව 27:3 - Sinhala Revised Old Version

3 අපේ පියා කාන්තාරයෙහි මළේය, ඔහු කෝරාගේ සමාගම වන ස්වාමීන්වහන්සේට විරුද්ධව රැස්වුණ සභාව අතරේ නොසිටියේය. ඔහු තමාගේ පාපය නිසාම මළේය; ඔහුට පුත්‍රයෝ නොසිටියෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

3 “අපේ පියා පාළුකරයේ දී මළේ ය. සමිඳාණන් වහන්සේට විරුද්ධ ව කැරලිගැසූ කෝරාගේ පිරිසට ඔහු අයත් නො වී ය. ඔහු මළේ තමාගේ පාපය නිසා ම ය. ඔහුට පුත්තු නොසිටිය හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

3 “අපේ පියා පාළුකරයේ දී මළේ ය. සමිඳාණන් වහන්සේට විරුද්ධ ව කැරලිගැසූ කෝරාගේ පිරිසට ඔහු අයත් නො වී ය. ඔහු මළේ තමාගේ පාපය නිසා ම ය. ඔහුට පුත්තු නොසිටිය හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගණන් කථාව 27:3
16 හුවමාරු යොමු  

බලව, සියලුම ප්‍රාණ මට අයිතිය; පියාගේ ප්‍රාණය මෙන් පුත්‍රයාගේ ප්‍රාණයත් මට අයිතිය. පව්කරන ප්‍රාණයම නසින්නේය.


ස්වාමිවූ මම කථාකොට: සැබවින්ම මට විරුද්ධව රැස්ව සිටින මේ මුළු දුෂ්ට සභාවට මම මේක කරන්නෙමි. මේ කාන්තාරයෙහි ඔව්හු නාස්තිවන්නෝය, මෙහි ඔව්හු නසින්නෝයයි කීමියි කීසේක.


කෝරාද ඔවුන්ට විරුද්ධව මුළු සභාව සම්මුඛවීමේ කූඩාරමේ දොරකඩ ළඟට රැස් කෙළේය. එවිට ස්වාමීන්වහන්සේගේ තේජස මුළු සභාවට පෙනුණේය.


කෝරාගේ කාරණය නිසා මැරුණවුන් ඇර වසංගතයෙන් මැරුණු අය දසසතරදාස් හත්සියයක් වූහ.


හේඵෙර්ගේ පුත්‍රවූ ශෙලෝඵෙහාද්ට දූවරු මිස පුත්‍රයෝ නොසිටියෝය. ශෙලෝඵෙහාද්ගේ දූවරුන්ගේ නාම මාලා, නෝවා, හොග්ලා, මිල්කා සහ තිර්ශාය.


ඔව්හු මෝසෙස්ද පූජකවූ එලෙයාසර්ද අධිපතීන්ද මුළු සභාවද ඉදිරියෙහි සම්මුඛවීමේ කූඩාරමේ දොරකඩ ළඟ සිට කථාකොට:


අපේ පියාණන්ට පුත්‍රයෙකු නැති බැවින් ඔහුගේ නාමය ඔහුගේ වංශය අතරෙන් පහවෙන්ට ඕනෑ මක්නිසාද? අපේ පියාගේ සහෝදරයන් අතරේ අපට උරුමයක් දුනමැනවියි කීවෝය.


එබැවින් උන්වහන්සේ නැවත ඔවුන්ට කථාකොට මම අහක්ව යමි, නුඹලා මා සොයනවා ඇත, නුමුත් නුඹලාගේ පාපයෙහි නුඹලා මැරෙනවා ඇත. මා යන ස්ථානයට නුඹලාට එන්ට නුපුළුවනැයි කීසේක.


එහෙයින්, නුඹලාගේ පාපවල නුඹලා මැරෙනවා ඇතැයි නුඹලාට කීයෙමි. මක්නිසාද ඒ මමයයි නුඹලා විශ්වාසකළොත් මිස නැත්නම් නුඹලාගේ පාපවල නුඹලා මැරෙන්නහුයයි කීසේක.


එහෙයින් එක් මනුෂ්‍යයෙකු කර ණකොටගෙන පාපයත් පාපය කරණකොටගෙන මරණයත් ලෝකයට ඇතුල්වුණාක්මෙන්, සියලු මනුෂ්‍යයන් පව්කළ බැවින් සියල්ලන් කෙරෙහි මරණයද පැමුණුණේය.


මක්නිසාද පාපයේ කුලී නම් මරණයය; නුමුත් දෙවියන්වහන්සේගේ දීමනාව නම්, අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළ සදාකාල ජීවනයය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්