ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




ගණන් කථාව 20:10 - Sinhala Revised Old Version

මෝසෙස් සහ ආරොන් සභාව පර්වතය ඉදිරියට රැස් කළෝය. ඔහු: කැරළිකාරයිනි, අසන්න; අප විසින් මේ පර්වතයෙන් නුඹලාට වතුර ගෙන්වා දෙන්ටදැයි ඔවුන්ට කියා,

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

ඔවුන් දෙදෙන පර්වතය ඉදිරිපිට ජනතාව එක්රැස් කළහ. ඉන්පසු මෝසෙස් ඔවුන් අමතමින්, “දැන් ඉතින්, කැරලිකරුවෙනි, මට සවන් දෙනු. මේ පර්වතයෙන් වතුර ගලා එවන්නට දැ”යි ඇසී ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

ඔවුන් දෙදෙන පර්වතය ඉදිරිපිට ජනතාව එක්රැස් කළහ. ඉන්පසු මෝසෙස් ඔවුන් අමතමින්, “දැන් ඉතින්, කැරලිකරුවෙනි, මට සවන් දෙනු. මේ පර්වතයෙන් වතුර ගලා එවන්නට දැ”යි ඇසී ය.

පරිච්ඡේදය බලන්න



ගණන් කථාව 20:10
18 හුවමාරු යොමු  

ඔව්හුද: අපි හීනයක් දුටිමුව, ඒකේ තේරුම කියාදෙන්ට පුළුවන් කෙනෙක් නැත්තේයයි ඔහුට කීවෝය. තේරුම කියාදීම දෙවියන්වහන්සේට අයිති නොවේද? එය මට කියන්නැයි යෝසෙප් ඔවුන්ට කීවේය.


යෝසෙප් ඵාරාවෝට උත්තරදෙමින්: මා නොව දෙවියන්වහන්සේ ඵාරාවෝට සමාදාන උත්තරයක් දෙනසේකැයි කීවේය.


පර්වතයෙන් දිය පාරවල්ද නගා, ගංගා මෙන් ජලය ගලායන්ට සැලැස්වූසේක.


බලව, මම හොරේබ්හි පර්වතය පිට එහි නුඹ ඉදිරියෙහි සිටිමි; නුඹ පර්වතයට ගසන්න, සෙනඟට බොන්ට වතුර එයින් නික්මෙන්නේයයි කීසේක. මෝසෙස් ඉශ්‍රායෙල් වැඩිමහල්ලන්ගේ ඇස් හමුවෙහි එසේ කෙළේය.


ආරොන් තමාගේ සෙනඟට එකතුවන්නේය. මක්නිසාද නුඹලා මෙරිබාහි වතුර ළඟදී මාගේ වචනයට විරුද්ධව කැරළිකාරව සිටිය බැවින් ඉශ්‍රායෙල් පුත්‍රයන්ට මා විසින් දුන් දේශයට ඔහු ඇතුල්නොවන්නේය.


නුමුත් මම නුඹලාට කියමි: තමාගේ සහෝදරයාට කෝපවෙන කවරෙක් නුමුත් විනිශ්චයට සුදුස්සෙක් වන්නේය. තමාගේ සහෝදරයාට රකායයි කියන කවරෙක් නුමුත් මන්ත්‍රණ සභාවෙන් දඬුවම් ලබන්ට සුදුස්සෙක් වන්නේය, නුඹ ජඩයායයි කියන කවරෙක් නුමුත් නිරාගින්නට සුදුස්සෙක් වන්නේය.


එබැවින් වර්ධනය දෙන දෙවියන්වහන්සේ මිස හිටවන තැනැත්තේද වතුර වත්කරන තැනැත්තේද කිසිත් නැත.


කෝපවුණත් පව් නොකරන්න. ඉර බසින තුරු නුඹලාගේ කෝපය පවතින්ට ඉඩ නාරින්න.


මා නුඹලා දැනගත් දවස පටන් නුඹලා ස්වාමීන්වහන්සේට විරුද්ධව කැරළිකාරව සිටියහුය.


මක්නිසාද බොහෝ වර අපි සියල්ලෝ පැකිලෙමුව. යමෙක් වචනයෙන් නොපැකිලේ නම්, ඔහු මුළු ශරීරය දමනයකරගන්ට පුළුවන් සම්පූර්ණ මනුෂ්‍යයෙක්ය.