දැනුදු නුඹේ අතින් නුඹේ සහෝදරයාගේ ලෙය පිළිගන්නා පිණිස මුඛය ඇරියාවූ භූමියෙන් නුඹ ශාපලද්දෙක්ය.
ගණන් කථාව 16:32 - Sinhala Revised Old Version පොළොව ඇගේ මුඛය ඇර ඔවුන්ද ඔවුන්ගේ පවුල්ද කෝරාට අයිති සියලු මනුෂ්‍යයන්ද ඔවුන්ගේ සියලු සම්පත්ද ගිලගත්තාය. Sinhala New Revised Version භූමිය කට අයා ගත්තේ ය. ඔවුනුත්, නිවාසත්, කෝරාගේ සියලු පිරිසත්, සකල සම්පතත් භූමිය ගිලදැමී ය. Sinhala New Revised Version 2018 භූමිය කට අයා ගත්තේ ය. ඔවුනුත්, නිවාසත්, කෝරාගේ සියලු පිරිසත්, සකල සම්පතත් භූමිය ගිලදැමී ය. |
දැනුදු නුඹේ අතින් නුඹේ සහෝදරයාගේ ලෙය පිළිගන්නා පිණිස මුඛය ඇරියාවූ භූමියෙන් නුඹ ශාපලද්දෙක්ය.
කොහාත්ගේ පුත්‍රයෝ නම්: ඔහුගේ පුත්‍රයා අම්මිනාදාබ්ය, ඔහුගේ පුත්‍රයා කෝරාය, ඔහුගේ පුත්‍රයා අස්සීර්ය;
ඔහු තහත්ගේ පුත්‍රයාය, ඔහු අස්සීර්ගේ පුත්‍රයාය, ඔහු එබියාසාප්ගේ පුත්‍රයාය, ඔහු කෝරාගේ පුත්‍රයාය;
එබැවින් මිනීවළ ස්වකීය ආශාව අධික කොට, ප්‍රමාණයක් නැතුව කට ඇරගත්තේය. ඔවුන්ගේ ඉසුරද ඔවුන්ගේ සමූහයාද ඔවුන්ගේ ඝෝෂාවද ඔවුන් අතරේ ප්‍රීතිවන්නාද ඊට බැසයනවා ඇත.
එකිනෙකා තම තමාගේ ධූප භාජන රැගෙන එහි සුවඳ ද්‍රව්‍ය ලා එකිනෙකා ධූප භාජනයක් බැගින් ධූප භාජන දෙසිය පනසක්ද නුඹ හා ආරොන් තම තමාගේ ධූප භාජනයද ස්වාමීන්වහන්සේ ඉදිරියට ගෙනෙන්නැයි කීවේය.
නුමුත් ස්වාමීන්වහන්සේ අමුතු දෙයක් කළොත්, භූමිය ඇගේ මුඛය ඇර ඔවුන් සන්තක සියල්ල සමඟ ඔවුන් ගිලගත්තොත්, ඔවුන් පණපිටින් පාතාලයට ගියොත්, මේ මනුෂ්‍යයන් විසින් ස්වාමීන්වහන්සේ හෙළාදැක්ක බව නුඹලා දැනගන්නවා ඇතැයි කීවේය.
මෙසේ ඔව්හුද ඔවුන්ට අයිති සියල්ලෝද පණපිටින් පාතාලයට කිඳා ගියෝය. පොළොව ඔවුන් වසාගත්තාය, එසේ ඔව්හු සභාව අතරෙන් විනාශ වූවෝය.
ඒ සමාගම නැසුණු කල්හි එනම් ගින්නෙන් දෙසිය පනස් දෙනෙක් විනාශවූ කල්හි භූමිය ඇගේ මුඛය ඇර කෝරා සමඟ ඔවුන් ගිලගත්තාය. එසේ ඔව්හු අවවාද ලකුණක් වූහ.
අපේ පියා කාන්තාරයෙහි මළේය, ඔහු කෝරාගේ සමාගම වන ස්වාමීන්වහන්සේට විරුද්ධව රැස්වුණ සභාව අතරේ නොසිටියේය. ඔහු තමාගේ පාපය නිසාම මළේය; ඔහුට පුත්‍රයෝ නොසිටියෝය.
උන්වහන්සේ රූබෙන්ගේ පුත්‍රයා වන එලියාබ්ගේ පුත්‍රයන්වූ දාතාන් සහ අබිරාම්ට කළ දෙය එනම් පොළොව ඇගේ මුඛය ඇර ඔවුන් සහ ඔවුන්ගේ පවුල්ද කූඩාරම්ද ඔවුන් අනුව ගිය පණ ඇති සියල්ලන්ද මුළු ඉශ්‍රායෙල් මධ්‍යයෙහි ගිලගත් හැටිද දන්නේවත් දුටුවේවත් නැත.