ගණන් කථාව 14:5 - Sinhala Revised Old Version එවිට මෝසෙස් හා ආරොන් ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ සභාවේ මුළු සමූහයා ඉදිරියෙහි මුහුණින් වැටුණෝය. Sinhala New Revised Version එවිට මෝසෙස් සහ ආරොන් මුළු ඉශ්රායෙල් ජනතාව ම ඉදිරියෙහි මුණින්තලා වැටුණාහ. Sinhala New Revised Version 2018 එවිට මෝසෙස් සහ ආරොන් මුළු ඉශ්රායෙල් ජනතාව ම ඉදිරියෙහි මුණින්තලා වැටුණාහ. |
මුළු සෙනඟ ඒ දැක මුහුණින් වැටී: ස්වාමීන්වහන්සේම දෙවියන්වහන්සේය, ස්වාමීන්වහන්සේම දෙවියන්වහන්සේයයි කීවෝය.
දාවිත් තමාගේ ඇස් ඔසවා ස්වාමීන්වහන්සේගේ දූතයා තමාගේ කඩුව ඇද යෙරුසලම කෙරෙහි දිගුකරගන පොළොවටත් අහසටත් අතරේ සිටිනවා දුටුවේය. එවිට ගෝණි රෙදි ඇඳගන සිටි දාවිත්ද වැඩිමහල්ලෝද මුහුණින් වැටුණෝය.
ඔවුන් පහරදෙද්දී මම ඉතිරිවී මුහුණින් වැටී: අහෝ ස්වාමිවූ දෙවියන්වහන්ස! ඔබගේ කෝපය යෙරුසලම පිට වගුරුවන අතර ඉශ්‍රායෙල්වරුන්ගෙන් ඉතිරිව සිටින සියල්ලන්ම ඔබ නාස්තිකරනසේක්දැයි කියා මොරගැසීමි.
එහෙත් ඔහුගේ වචනවල හඬ මට ඇසුණේය. ඔහුගේ වචනවල හඬ මට ඇසුණු කල මුර්ඡාවී මුහුණින් බිම වැටුණෙමි.
ස්වාමීන්වහන්සේ ඉදිරියෙන් ගිනි නික්ම අවුත් පූජාසනය පිට දවන පූජාවද තෙල්ද දවා දැමුවේය. මුළු සෙනඟ ඒ දැක ශබ්ද පවත්වා මුහුණින් වැටුණෝය.
දේශය සෝදිසිකළවුන්ගෙන් නූන්ගේ පුත්‍රවූ යෝෂුවාද යෙඵුන්නෙගේ පුත්‍රවූ කාලෙබ්ද තමුන්ගේ වස්ත්‍ර ඉරාගෙන,
එවිට ඔව්හු මුහුණින් වැටී: අහෝ, දෙවියන්වහන්ස, මාංසය වූ සියල්ලන්ගේ ආත්මවල දෙවියන්වහන්ස, එක මනුෂ්‍යයෙක් පව්කරන විට ඔබ මුළු සභාව කෙරෙහි උදහස්වනසේක්දැයි කීවෝය.
ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට: ඔවුන් නොනසින පිණිස නුඹ විසින් ඔවුන්ගේ කෙඳිරීම නිමකිරීම සඳහා ආරොන්ගේ සැරයටිය කැරළිකාර පුත්‍රයන්ට ලකුණක් කොට තිබෙන්ට නැවත සාක්ෂි පෙට්ටිය ඉදිරියෙහි තබන්නැයි කීසේක.
මෝසෙස් හා ආරොන් සභාව ඉදිරියෙන් සම්මුඛවීමේ කූඩාරමේ දොරකඩ ළඟට ගොස් මුහුණින් වැටුණෝය. ස්වාමීන්වහන්සේගේ තේජස ඔවුන්ට පෙනුණේය.
උන්වහන්සේ මඳක් ඉස්සරහට ගොස් මුහුණින් වැටී: අහෝ මාගේ පියාණෙනි, මේ කුසලාන මා කෙරෙන් පහවෙන්ට පුළුවන් නම් එසේ වේවා. එසේවී නුමුත් මා කැමතිලෙස නොව ඔබ කැමති ලෙස වේවයි කියා යාච්ඤාකළසේක.
ඒ තෙමේද: එසේ නොවෙයි; මම දැන් ස්වාමීන්වහන්සේගේ සේනාවේ අධිපතියාව ආවෙමියි කීවේය. එවිට යෝෂුවා මුහුණින් බිම වැටී නමස්කාරකොට: මාගේ ස්වාමීන්වහන්සේ ඔබගේ මෙහෙකරුවාට කුමක් කියනසේක්දැයි ඇසීය.
එවිට ස්වාමීන්වහන්සේ යෝෂුවාට කථාකොට: නැගිටින්න; මක්නිසා මෙසේ මුහුණින් වැතිර ඉන්නෙහිද?
වැඩිමහල්ලන් විසිහතරදෙනාද සිංහාසනයෙහි වැඩසිටින තැනන්වහන්සේ ඉදිරියෙහි වැටී, සදාකල්ම ජීවත්වන්නාවූ තැනන්වහන්සේට නමස්කාරකර, තමුන්ගේ ඔටුනු සිංහාසනය ඉදිරියෙහි හෙළා:
සියලු දේවදූතයෝ සිංහාසනයද වැඩිමහල්ලන්ද ජීවමාන සත්වයන් සතරදෙනාද වටකර සිට, සිංහාසනය ඉදිරියෙහි මුහුණින් වැටී, දෙවියන්වහන්සේට නමස්කාරකරමින්: ආමෙන්.