කථාකොට: මාගේ ස්වාමියා මා ගණනට කිසි අපරාධයක් නොතැබුව මැනවි, මාගේ ස්වාමිවූ රජ්ජුරුවන් යෙරුසලමෙන් පිටත්ව ගිය දවසේදී ඔබගේ දාසයා හිතුවක්කාරකමින් කළ දේ රජතුමා සිහිනොකළ මැනවි, එය සිතට නොගත මැනවි.
ගණන් කථාව 12:11 - Sinhala Revised Old Version ආරොන් මෝසෙස්ට කථාකොට: අහෝ මාගේ ස්වාමිනි, අප විසින් මෝඩ ලෙස හැසිර කළාවූ පාපය අප කෙරෙහි නොතැබුවමැනවි. Sinhala New Revised Version එවිට ආරොන් මෝසෙස්ට කතා කොට, “අහෝ ස්වාමීනි! අපගේ මෝඩකමින් අප කළ පාපයේ වගකීම අප පිට පවරනු නොමැනවි. Sinhala New Revised Version 2018 එවිට ආරොන් මෝසෙස්ට කතා කොට, “අහෝ ස්වාමීනි! අපගේ මෝඩකමින් අප කළ පාපයේ වගකීම අප පිට පවරනු නොමැනවි. |
කථාකොට: මාගේ ස්වාමියා මා ගණනට කිසි අපරාධයක් නොතැබුව මැනවි, මාගේ ස්වාමිවූ රජ්ජුරුවන් යෙරුසලමෙන් පිටත්ව ගිය දවසේදී ඔබගේ දාසයා හිතුවක්කාරකමින් කළ දේ රජතුමා සිහිනොකළ මැනවි, එය සිතට නොගත මැනවි.
දාවිත් සෙනඟ ගණන්කළ පසු ඔහුගේ සිත ඔහුට දොස් තැබුවේය. දාවිත් ස්වාමීන්වහන්සේට කථාකොට: මම මේ දේ කිරීමෙන් බොහෝසෙයින් පව්කෙළෙමි. දැන් ස්වාමීන්වහන්ස, ඔබගේ මෙහෙකරුවාගේ අපරාධය පහකළ මැනව; මක්නිසාද බොහෝ අනුවණ ලෙස ක්‍රියාකෙළෙමියි කීවේය.
රජතෙමේ දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයාට කථාකොට: මාගේ අත සුවවෙන පිණිස නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේට කන්නලව්කර මා උදෙසා යාච්ඤාකරන්නැයි කීවේය. දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයා ස්වාමීන්වහන්සේට කන්නලව් කෙළේය. එවිට රජුගේ අත සුවවී පෙර තිබුණාක් මෙන් විය.
මක්නිසාද ස්වාමීන්වහන්සේ කෙරෙහි සම්පූර්ණ සිත් ඇත්තන්ට පිහිටවෙන පිණිස උන්වහන්සේගේ බලය පාමින්, උන්වහන්සේගේ ඇස් පොළොව මුළුල්ලෙහි ඔබමොබ දුවන්නේය. මේ ගැන නුඹ අණුවණ ලෙස ක්‍රියාකෙළෙහිය; මෙතැන් පටන් නුඹට විරුද්ධව යුද්ධ ඇතිවන්නේයයි කීවේය.
නුඹලා කී ලෙස නුඹලාගේ එළු බැටළු රැළවල්ද ගව රැළවල්ද රැගෙන යන්න; මටත් ආශීර්වාද කරන්නැයි කීවේය.
අනේ නුඹ අපේ කන්නලව්ව පිළිගෙන අප විසින් යා යුතු මාර්ගයත් අප විසින් කරන්ට යුතුදේත් නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ අපට දන්වන හැටියට මෙහි ඉතිරිව සිටින අප සියල්ලන් උදෙසා නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේට යාච්ඤාකරන්න;
එවිට සෙනඟ මෝසෙස්ට මොර ගැසුවෝය; මෝසෙස් ස්වාමීන්වහන්සේට යාච්ඤා කෙළේය, ගින්න නිවීගියේය.
ඈ තමාගේ මාංසයෙන් භාගයක් දිරාගොස්, මවු කුසෙන් බිහිවෙන මළ දරුවෙකු මෙන් වෙන්ට නොහරින මෙන් අයදිමියි කීවේය.
සීමොන් උත්තරදෙමින්: නුඹලා කීවාවූ දෙයින් කිසිවක් මා කරා නොපැමිණෙන පිණිස, මා උදෙසා ස්වාමීන්වහන්සේට යාච්ඤාකරන්නැයි කීවේය.
බලව, යුදෙව්වරුව නොසිට තුමූ යුදෙව්වරුයයි බොරුවෙන් කියන්නාවූ, සාතන්ගේ සිනගෝගයේවූ අය ඇවිත් නුඹේ පාද ඉදිරියෙහි වැඳවැටෙන්ටත් මම නුඹට ප්‍රේමකළ බව දැනගන්ටත් සලස්වන්නෙමි.
එවිට මුළු සෙනඟද: අප නොනසින පිණිස ඔබගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට ඔබගේ මෙහෙකරුවන් උදෙසා යාච්ඤාකළමැනවි. මක්නිසාද රජෙකු ඉල්ලීමේ වැරුද්ද අපේ අනික් සියලු පාපවලට එකතුකෙළෙමුයයි සාමුවෙල්ට කීවෝය.
එබැවින් ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: නුඹේ වංශයත් නුඹේ පියාගේ වංශයත් සෑම කල්හිම මා ඉදිරියෙහි හැසිරෙනවා ඇතැයි සැබවින්ම කීවෙමි. නුමුත් දැන් ස්වාමීන්වහන්සේ කියන්නේ නම්: එය මාගෙන් දුරුවේවා කියාය; මක්නිසාද මට ගෞරවකරන්නන්ට මමත් ගෞරව කරමි, මා සුළුකොට සිතන්නෝ නීචකොට සලකනු ලබති.