Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




ගණන් කථාව 12:11 - Sinhala New Revised Version

11 එවිට ආරොන් මෝසෙස්ට කතා කොට, “අහෝ ස්වාමීනි! අපගේ මෝඩකමින් අප කළ පාපයේ වගකීම අප පිට පවරනු නොමැනවි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

11 එවිට ආරොන් මෝසෙස්ට කතා කොට, “අහෝ ස්වාමීනි! අපගේ මෝඩකමින් අප කළ පාපයේ වගකීම අප පිට පවරනු නොමැනවි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

11 ආරොන් මෝසෙස්ට කථාකොට: අහෝ මාගේ ස්වාමිනි, අප විසින් මෝඩ ලෙස හැසිර කළාවූ පාපය අප කෙරෙහි නොතැබුවමැනවි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගණන් කථාව 12:11
15 හුවමාරු යොමු  

රජු ඉදිරියෙහි වැටී, කතා කොට, “රජතුමනි, ඔබතුමා ජෙරුසලම අත්හැර ගිය දවසේ දී ඔබේ දාසයා හිතුවක්කාරකමින් කළ දේ සිහි නො‍කළ මැනව; එය මට විරුද්ධ දෙයක් ලෙස නො‍සැලකුව මැනව; එය සිතට නො‍ගත මැනව.


දාවිත් සෙනඟ ගණන් කළ පසු ඔහුගේ සිත ඔහුට දොස් තැබී ය. දාවිත් සමිඳාණන් වහන්සේට කතා කොට, “මම මේ දේ කිරීමෙන් බොහෝ සෙයින් පව් කෙළෙමි. දැන් සමිඳුනි ඔබේ මෙහෙකරුවාගේ අපරාධ පහ කළ මැනව; මන්ද, මම බොහෝ අනුවණ ලෙස ක්‍රියා කෙළෙමි”යි කී ය.


රජ තෙම දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයාට කතා කොට, “මාගේ අත සුව වන පිණිස ඔබේ දෙවි සමිඳාණන් වහන්සේට කන්නලව් කර මා උදෙසා යාච්ඤා කරන්නැ”යි කී ය. ඒ මනුෂ්‍යයා ද සමිඳාණන් වහන්සේට කන්නලව් කළ විට රජුගේ අත සුව වී පෙර තිබුණාක් මෙන් විය.


මන්ද, සමිඳාණන් වහන්සේ තමන් කෙරෙහි සම්පූර්ණ විශ්වාසය ඇති අයට පිහිට වන පිණිස උන් වහන්සේගේ බලය පාමින්, උන් වහන්සේගේ බැල්ම පොළොව මුළුල්ලෙහි සෑම තැන ම යොමු කරන සේක. මේ ගැන ඔබ අනුවණ ලෙස ක්‍රියා කෙළෙහි ය. මෙතැන් පටන් ඔබට විරුද්ධ ව යුද්ධ ඇති වන්නේ ය”යි කීවේ ය.


තවද, නුඹලා කිවූ පරිදි නුඹේ එළු බැටළු ගව පට්ටි ද රැගෙන යන්න. මට ද ආශීර්වාද කරන්නැ”යි කී ය.


නුඹ මෝඩකමින් උඩඟු වී නපුරු බස් දොඩන්න පෙළෙඹෙන විට කට පියාගෙන නිහඬ වන්න.


දිවැසිවර ජෙරමියා වෙත පැමිණ, “අනේ! අපේ කන්නලව්ව ඇසුව මැනව. අප උදෙසා ඔබේ දෙවි ස්වාමීන් වහන්සේට යාච්ඤා කරන්න. ඉතිරි ව සිටින අප සියල්ලන් උදෙසා යාච්ඤා කරන්න. වරක් අපි බොහෝ දෙනෙක් සිටියෙමු; එහෙත්, ඔබට පෙනෙන පරිදි ඉතිරි ව සිටින්නේ අපි ස්වල්ප දෙනෙක් පමණි.


එවිට සෙනඟ මෝසෙස්ට මොරගෑ හ. ඔහු සමිඳාණන් වහන්සේ අයැදි කල, ගින්න නිවී ගියේ ය.


ඈ මවු කුසින් බිහි වන, මාංසයෙන් කොටසක් දිරා ගිය, මළ කෙනෙකු මෙන් නො වේ වා”යි කීවේ ය.


සීමොන් පිළිතුරු දෙමින්, “ඔබ කී දෙයින් කිසිවක් මට සිදුනොවන පිණිස, මා උදෙසා සමිඳාණන් වහන්සේට යාච්ඤා කරන්නැ”යි කී ය.


බලන්න, ජුදෙව්වරුන් නොවන නමුත්, තුමූ ජුදෙව්වරු යයි බොරුවට කියා ගන්නා වූ සාතන්ගේ හවුලේ අයට පැමිණ ඔබේ පා ඉදිරියෙහි වැඳ වැටෙන්නටත්, මා ඔබට ප්‍රේම කළ බව දැනගන්නටත් සලසන්නෙමි.


ඔව්හු සාමුවෙල් අමතා, “අප නොනසින පිණිස ඔබේ දෙවි සමිඳාණන් වහන්සේට ඔබේ මෙහෙකරුවන් උදෙසා යාච්ඤා කළ මැනව; මන්ද, රජෙකු ඉල්ලීමේ වරද අපේ අනික් සියලු පාපවලට අප එකතු කර ඇතැ”යි කී හ.


එබැවින් ඉශ්රායෙල්වරුන්ගේ දෙවි ස්වාමීන් වන මම මෙසේ කියමි: නුඹේ වංශයත්, නුඹේ පියාගේ වංශයත් මා ඉදිරියෙහි සදහට ම සේවය කරනු ඇත. එහෙත්, දැන් ස්වාමීන් වන මම එය මාගෙන් දුරු වේ වා යි කියමි. මන්ද, මට ගෞරව කරන්නන්ට මම ගෞරව කරමි. මා හෙළා දකින්නන් නින්දාවට පමුණුවන්නෙමි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්