ගණන් කථාව 11:12 - Sinhala Revised Old Version මේ සියලු සෙනඟ කුසේ දැරුවේ මමද? ඇතිකරන පියෙක් කිරි බොන දරුවා උසුලාගෙන යන්නාක්මෙන් ඔවුන්ගේ පියවරුන්ට ඔබ දිවුළ දේශයට ඔවුන් නුඹේ ළයේ උසුලාගෙන යන්නැයි ඔබ මට කියන්ට ඔවුන් ඉපදෙවූවේ මමද? Sinhala New Revised Version මම මේ මුළු සෙනඟ පිළිසිඳ නොගත්තෙමි. ‘ඔවුන්ගේ පියවරුන්ට පොරොන්දු වූ දේශයට, කිරි මවක කිරි බොන දරුවෙකු උසුලාගෙන යන ලෙස, ඔවුන් ඔබේ තුරුල්ලේ රැගෙන යන්න’ කියා ඔබ මට කීමට ඇත්තෙන් ම ඔවුන් ජනිත කෙළේ මම ද? Sinhala New Revised Version 2018 මම මේ මුළු සෙනඟ පිළිසිඳ නොගත්තෙමි. ‘ඔවුන්ගේ පියවරුන්ට පොරොන්දු වූ දේශයට, කිරි මවක කිරි බොන දරුවෙකු උසුලාගෙන යන ලෙස, ඔවුන් ඔබේ තුරුල්ලේ රැගෙන යන්න’ කියා ඔබ මට කීමට ඇත්තෙන් ම ඔවුන් ජනිත කෙළේ මම ද? |
මාගේ පියාණන්ගේ ගෙදරින්ද මා උපන් දේශයෙන්ද මා ගෙනාවාවූ, මේ දේශය නුඹේ වංශයට දෙන්නෙමියි කියා මට කීවාවූ මට දිවුළාවූ ස්වර්ගයේ දෙවිවූ ස්වාමීන්වහන්සේම තමන් වහන්සේගේ දූතයා නුඹට පෙරටුව යවනසේක; නුඹ එතැනින් මාගේ පුත්‍රයාට භාර්යාවක් ගෙනෙන්නෙහිය.
මම නුඹ සමඟ සිට නුඹට ආශීර්වාදකරන්නෙමි; මක්නිසාද මම නුඹටද නුඹේ වංශයටද මේ සියලු දේශයන් දෙන්නෙමි, මම නුඹේ පියවූ ආබ්‍රහම්ට දිවුළ දිවිරීම ඉෂ්ටකරන්නෙමි;
යෝසෙප් තමාගේ සහෝදරයන්ට කථාකොට: මම නසිමි. එහෙත් දෙවියන්වහන්සේ සැබවින් නුඹලා බලා වදාරා ආබ්‍රහම්ටද ඊසාක්ටද යාකොබ්ටද දෙන පිණිස දිවුළ දේශයට මේ දේශයෙන් නුඹලා ගෙනයනවා ඇතැයි කීවේය.
ආහබ්ගේ පුත්‍රයන් සැත්තෑදෙනෙක් සමාරියේ සිටියෝය. යේහු ලියුම් ලියා සමාරියේ සිටි යෙස්‍රෙයෙල්හි අධිපතීන්වූ වැඩිමහල්ලන්ටද ආහබ්ගේ දරුවන් ඇතිදැඩිකළ තැනැත්තන්ටද ඇරියේය.
එවිට ගෙයි ප්‍රධානියාද නුවර ප්‍රධානියාද වැඩිමහල්ලෝද රාජ කුමාරයන් ඇතිදැඩිකළ අයද යේහු වෙතට පණිවිඩයක් යවමින්: අපි ඔබගේ මෙහෙකරුවෝය, ඔබ අපට අණකරන සියල්ල කරන්නෙමුව; කිසිවෙකු රජකර නොගන්නෙමුව. ඔබට යහපත්ව පෙනෙන හැටියට කළමැනවැයි කීවෝය.
ස්වාමීන්වහන්සේ නුඹටත් නුඹේ පියවරුන්ටත් දිවුළ ලෙස කානානිවරුන්ගේ දේශයට නුඹ ගෙනවුත් එය නුඹට දුන් කල්හි,
තවද ස්වාමීන්වහන්සේ නුඹට දෙන පිණිස නුඹේ පියවරුන්ට දිවුළාවූ, කානානිවරුන්ගේත් හිත්තීවරුන්ගේත් අමෝරිවරුන්ගේත් හිවීවරුන්ගේත් යෙබූසිවරුන්ගේත් දේශය වන කිරි සහ මීපැණි ගලායන දේශයට නුඹ ගෙනා කල මේ මාසයේ මේ මෙහෙය පැවැත්විය යුතුය.
ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට: නුඹ සහ නුඹ විසින් මිසර දේශයෙන් ගෙනා සෙනඟද මෙතැනින් පිටත්ව: නුඹේ වංශයට දෙන්නෙමියි මම ආබ්‍රහම්ටත් ඊසාක්ටත් යාකොබ්ටත් දිවුළ දේශයට යන්න.
ආබ්‍රහම්ටත් ඊසාක්ටත් යාකොබ්ටත් දෙන ලෙස යම් දේශයක් ගැන මාගේ අත එසවීම්ද ඒ දේශයට නුඹලා පමුණුවා උරුමයක් කොට ඒක නුඹලාට දෙන්නෙමි. මම යෙහෝවඃවහන්සේයයි කියන්නැයි කීසේක.
එඬේරෙකු මෙන් උන්වහන්සේ තමන්ගේ රැළ පෝෂ්‍යකරනසේක, බැටළුපැටවුන්ද තමන්ගේ හස්තයෙන් රැගෙන, තමන්ගේ ළයේ දරමින්, කිරිදෙන බැටළුදෙනුන් හෙමින් ගෙනයනසේක.
ස්ත්‍රියෙක් ඇගේම කුසේ පුත්‍රයාට අනුකම්පා නොකරන ලෙස ඇගේ කිරි දරුවා මතකනැතිකරන්ට ඈට පුළුවන්ද? එසේය, මොවුන්ට මතකනැතිවෙන්ට පුළුවන, එහෙත් මම නම් නුඹ මතකනැති නොකරන්නෙමි.
රජවරු නුඹ ඇතිකරන පියවරුද ඔවුන්ගේ බිසෝවරු නුඹේ කිරිමවුවරුද වන්නෝය. ඔව්හු මුහුණින් බිමට නැමී නුඹට වැඳ, නුඹේ පාදවල ධූලි ලෙවකන්නෝය; නුඹද ස්වාමීන්වහන්සේ වන මා කෙරෙහි බලාපොරොත්තු වන අය ලජ්ජාවට නොපැමිණෙන බව දැනගන්නෙහිය.
ඔවුන් පෝෂ්‍යකිරීමට එකම එඬේරෙක් වන මාගේ සේවකයාවූ දාවිත් නැගුටුවා ඔවුන් කෙරෙහි පත්කරන්නෙමි; හෙතෙම ඔවුන් පෝෂ්‍යකොට ඔවුන්ගේ එඬේරා වන්නේය.
මක්නිසාද ක්‍රිස්තුස්වහන්සේ තුළ නුඹලාට දසදහසක් ගුරුවරු ඇතත් නුඹලාට බොහෝ පියවරු නැත. මක්නිසාද ශුභාරංචිය කරණකොටගෙන ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ මම නුඹලා ජනිතකෙළෙමි.
මාගේ දරුවෙනි, ක්‍රිස්තුස්වහන්සේ නුඹලා තුළ සෑදෙන තුරු නුඹලා නිසා නැවත ප්‍රසවවේදනා විඳිමි.
මනුෂ්‍යයෙකු තමාගේ පුත්‍රයා උසුලා ගෙනයන්නාක් මෙන් නුඹලා මේ ස්ථානයට පැමිණෙන තෙක් ආවාවූ මුළු මාර්ගයෙහිම නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹ උසුලා ගෙනා බව නුඹ දැකලා තිබේ.
එසේ නොව, කිරිමවක් ඇගේම දරුවන් පෝෂණයකරන්නාක්මෙන්, නුඹලා අතරෙහි අපි මොළොක් ගුණයෙන් සිටියෙමුව.