ඉශ්රායෙල් පුත්‍රයෝ ගොස් එසේ කළෝය; ඔව්හු ස්වාමීන්වහන්සේ මෝසෙස් සහ ආරොන්ට අණ කළ ලෙසම කළෝය.
ගණන් කථාව 1:54 - Sinhala Revised Old Version ඉශ්‍රායෙල් පුත්‍රයෝ එසේ කළෝය; ස්වාමීන්වහන්සේ මෝසෙස්ට අණකළ සියල්ල ලෙස ඔව්හු කළෝය. Sinhala New Revised Version සමිඳාණන් වහන්සේ මෝසෙස්ට අණ දුන් පරිදි ඉශ්රායෙල් ජනයා ද සියල්ල ඉටු කළහ. Sinhala New Revised Version 2018 සමිඳාණන් වහන්සේ මෝසෙස්ට අණ දුන් පරිදි ඉශ්රායෙල් ජනයා ද සියල්ල ඉටු කළහ. |
ඉශ්රායෙල් පුත්‍රයෝ ගොස් එසේ කළෝය; ඔව්හු ස්වාමීන්වහන්සේ මෝසෙස් සහ ආරොන්ට අණ කළ ලෙසම කළෝය.
සම්මුඛවීමේ කූඩාරමේ මණ්ඩපයේ සියලු කර්මාන්ත මෙසේ නිමවනලද්දේය. ඉශ්‍රායෙල් පුත්‍රයෝද ස්වාමීන්වහන්සේ මෝසෙස්ට අණකළ සියල්ල ලෙස කළෝය.
මෝසෙස් ඒ සියලු කර්මාන්ත බලා ස්වාමීන්වහන්සේ අණකළ ලෙසම ඔවුන් ඒවා සාදා තිබෙන බව දැක ඔවුන්ට ආශීර්වාද කෙළේය.
ඔව්හු සම්මුඛවීමේ කූඩාරම ඇතුළට ගිය කල්හිද පූජාසනයට ළංවූ කල්හිද ස්වාමීන්වහන්සේ මෝසෙස්ට අණකළ ලෙස සෝදාගත්තෝය.
එහෙත් ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ සභාව කෙරෙහි උදහස නොපැමිණෙන පිණිස ලෙවීවරු සාක්ෂි මණ්ඩපය වටකරින් කූඩාරම් ගසා ගන්නෝය. ලෙවීවරුන්ම සාක්ෂි මණ්ඩපයේ සේවය භාරගත යුතුයයි කීසේක.
ස්වාමීන්වහන්සේ මෝසෙස්ට අණකළ සියල්ල ලෙස ඉශ්‍රායෙල් පුත්‍රයෝ කළෝය. එසේ ඔව්හු තමුන්ගේ වංශවල ප්‍රකාරයට තමුන්ගේ පිය පෙළපත් ලෙස තමුන්ගේ ධජවල හැටියට කූඩාරම් ගසාගත්තෝය, එසේම නික්ම ගියෝය.
මෝසෙස් සහ ආරොන්ද ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ මුළු සභාවද ලෙවීවරුන්ට එසේ කළෝය. ස්වාමීන්වහන්සේ ලෙවීවරුන් ගැන මෝසෙස්ට අණකළ සියල්ල ලෙස ඉශ්‍රායෙල් පුත්‍රයෝ ලෙවීවරුන්ට කළෝය.
වලාකුළ දෙදවසක් හෝ මසක් හෝ අවුරුද්දක් හෝ මණ්ඩපය පිට නැවතී තිබුණු කල ඉශ්‍රායෙල් පුත්‍රයෝ ගමන් නොකර තමුන්ගේ කූඩාරම්වල නැවතී සිටියෝය. නුමුත් එය ඔසවනු ලැබූ කල ඔව්හු ගමන් කළෝය.
එසේ ඔව්හු පළමුවෙනි මස දසසතරවෙනි දින සවස සීනයි කාන්තාරයේදී පාස්කුව පැවැත්වූහ. ස්වාමීන්වහන්සේ මෝසෙස්ට අණකළ සියල්ල ලෙස ඉශ්‍රායෙල් පුත්‍රයෝ කළෝය.
මා විසින් නුඹලාට අණකළ සියල්ලම පවත්වන්ට ඔවුන්ට උගන්වන්න. මමද ලෝකාන්තිමය දක්වා සෑම කල්හිම නුඹලා සමඟ සිටිමියි කීසේක.
මා විසින් නුඹලාට අණකරන සියලුම දේ කරන්ට බලාගන්න. නුඹ ඊට කිසිවක් එකතු නොකළ යුතුය, එයින් කිසිවක් අඩු නොකළ යුතුය.
සාමුවෙල්ද: ස්වාමීන්වහන්සේගේ හඬට කීකරුවීම පමණ දවන පූජාවලටත් යාග පූජාවලටත් ස්වාමීන්වහන්සේ ප්‍රසන්නවන සේක්ද? පූජාවට වඩා කීකරුවීමත් බැටළුවන්ගේ තෙලට වඩා ඇහුම්කන්දීමත් හොඳය.