Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගණන් කථාව 9:5 - Sinhala Revised Old Version

5 එසේ ඔව්හු පළමුවෙනි මස දසසතරවෙනි දින සවස සීනයි කාන්තාරයේදී පාස්කුව පැවැත්වූහ. ස්වාමීන්වහන්සේ මෝසෙස්ට අණකළ සියල්ල ලෙස ඉශ්‍රායෙල් පුත්‍රයෝ කළෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

5 ඔව්හු සීනයි පාළුකරයේ දී, පළමු වන මාසයේ දහහතර වන දින සවස පාස්කු මංගල්‍යය පැවැත් වූ හ. සමිඳාණන් වහන්සේ මෝසෙස්ට අණ කළ සියල්ල ලෙස ඉශ්රායෙල්වරු කළෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

5 ඔව්හු සීනයි පාළුකරයේ දී, පළමු වන මාසයේ දහහතර වන දින සවස පාස්කු මංගල්‍යය පැවැත් වූ හ. සමිඳාණන් වහන්සේ මෝසෙස්ට අණ කළ සියල්ල ලෙස ඉශ්රායෙල්වරු කළෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගණන් කථාව 9:5
18 හුවමාරු යොමු  

ඉශ්‍රායෙල් පුත්‍රයෝ ගිල්ගාල්හි කඳවුරු බැඳගෙන මාසේ දසසතරවෙනි දා සවස යෙරිකෝවේ සමභූමිවලදී පාස්කුව පැවැත්තුවෝය.


ඇදහිල්ලෙන්, ආබ්‍රහම් කැඳවනු ලැබූ කල තමාට උරුමයක් පිණිස පසුව ලැබෙන්ට තිබුණු ස්ථානයකට පිටත්ව යන හැටියට කීකරුවී, තමා කොතැනට යනවාදැයි නොදැන පිටත්ව ගියේය.


සැබවින් මෝසෙස් මතු කියන්ට තිබුණු දේ ගැන සාක්ෂියක් ලෙස උන්වහන්සේගේ මුළු ගෘහයේ සේවකයෙකු මෙන් විශ්වාසව සිටියේය;


එසේහෙයින්, අග්‍රිපා රජ්ජුරුවනි, මම ස්වර්ගීය දර්ශනයට අකීකරු නොවී,


මා නුඹලාට ආඥාකරන දේ නුඹලා කරනවානම්, නුඹලා මාගේ මිත්‍රයෝය.


මා විසින් නුඹලාට අණකළ සියල්ලම පවත්වන්ට ඔවුන්ට උගන්වන්න. මමද ලෝකාන්තිමය දක්වා සෑම කල්හිම නුඹලා සමඟ සිටිමියි කීසේක.


බලව, නුඹලා හිමිකරගන්ට ඇතුල්වන දේශයේදී නුඹලා විසින් පවත්වන පිණිස මාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ මට අණකළ ලෙසම පනත්ද විනිශ්චයන්ද නුඹලාට ඉගැන්වීමි.


ඉශ්‍රායෙල් පුත්‍රයන්ට කියන්ට ස්වාමීන්වහන්සේ මෝසෙස්ට අණකළ සියල්ල ලෙස ඔහු සතළිස්වෙනි අවුරුද්දේ එකොළොස්වෙනි මාසයේ පළමුවෙනි දින ඔවුන්ට කීවේය.


මෝසෙස්ද ස්වාමීන්වහන්සේ තමාට අණකළ සියල්ල ලෙස ඉශ්‍රායෙල් පුත්‍රයන්ට කීවේය.


මෝසෙස් සහ ආරොන්ද ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ මුළු සභාවද ලෙවීවරුන්ට එසේ කළෝය. ස්වාමීන්වහන්සේ ලෙවීවරුන් ගැන මෝසෙස්ට අණකළ සියල්ල ලෙස ඉශ්‍රායෙල් පුත්‍රයෝ ලෙවීවරුන්ට කළෝය.


ස්වාමීන්වහන්සේ මෝසෙස්ට අණකළ සියල්ල ලෙස ඉශ්‍රායෙල් පුත්‍රයෝ ඒ සියලු කර්මාන්ත කළෝය.


සම්මුඛවීමේ කූඩාරමේ මණ්ඩපයේ සියලු කර්මාන්ත මෙසේ නිමවනලද්දේය. ඉශ්‍රායෙල් පුත්‍රයෝද ස්වාමීන්වහන්සේ මෝසෙස්ට අණකළ සියල්ල ලෙස කළෝය.


නෝවා ස්වාමීන්වහන්සේ තමාට අණ කළ සියල්ල ලෙස කෙළේය.


නෝවා එසේ කෙළේය; දෙවියන්වහන්සේ ඔහුට අණ කළ සියල්ල ලෙස ඔහු කෙළේය.


මෝසෙස්ද පාස්කුව පවත්වන්ට ඉශ්‍රායෙල් පුත්‍රයන්ට කීවේය.


සියලු ඉශ්‍රායෙල් පුත්‍රයෝ මෙසේ කළෝය; ඔව්හු ස්වාමීන්වහන්සේ මෝසෙස් සහ ආරොන්ට අණකළ ලෙසම කළෝය.


ඉශ්‍රායෙල් පුත්‍රයෝ එසේ කළෝය; ස්වාමීන්වහන්සේ මෝසෙස්ට අණකළ සියල්ල ලෙස ඔව්හු කළෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්