Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගණන් කථාව 1:53 - Sinhala Revised Old Version

53 එහෙත් ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ සභාව කෙරෙහි උදහස නොපැමිණෙන පිණිස ලෙවීවරු සාක්ෂි මණ්ඩපය වටකරින් කූඩාරම් ගසා ගන්නෝය. ලෙවීවරුන්ම සාක්ෂි මණ්ඩපයේ සේවය භාරගත යුතුයයි කීසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

53 ඉශ්රායෙල් ජනයා මත මාගේ උදහස නොපැමිණෙන පිණිස, ගිවිසුම් කරඬුව ඇති මණ්ඩපය වටේට ලෙවීවරුන් තමන්ගේ කූඩාරම් ගැසිය යුතු ය. මෙලෙස ඔවුන් එය රැකවල් කළ යුතු වේ.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

53 ඉශ්රායෙල් ජනයා මත මාගේ උදහස නොපැමිණෙන පිණිස, ගිවිසුම් කරඬුව ඇති මණ්ඩපය වටේට ලෙවීවරුන් තමන්ගේ කූඩාරම් ගැසිය යුතු ය. මෙලෙස ඔවුන් එය රැකවල් කළ යුතු වේ.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගණන් කථාව 1:53
26 හුවමාරු යොමු  

එවිට ඔව්හු මුහුණින් වැටුණෝය. එවිට මෝසෙස් ආරොන්ට කථාකොට: නුඹේ ධූප භාජනය රැගෙන පූජාසනයෙන් ගිනි අරන් එහි බහා, සුවඳ ද්‍රව්‍ය ලා, වහාම සභාව ළඟට ගෙන ගොස් ඔවුන් උදෙසා සමඟිකමක් කරන්න. මක්නිසාද ස්වාමීන්වහන්සේ කෙරෙන් උදහස නික්ම ගියේය; වසංගතය පටන් ගත්තේයයි කීවේය.


සම්මුඛවීමේ කූඩාරමේ භාරයද ශුද්ධස්ථානයේ භාරයද ස්වාමීන්වහන්සේගේ ගෘහයේ සේවය සම්බන්ධයෙන් තමුන්ගේ සහෝදරයන්වූ ආරොන්ගේ පුත්‍රයන්ගේ භාරයද බලාගැනීමත්ය.


මෝසෙස් ආරොන්ටත් ඔහුගේ පුත්‍රවූ එලෙයාසර්ට හා ඊතාමාර්ටත් කථාකොට: නුඹලා නොනස්නා පිණිසද උන්වහන්සේ මුළු සභාව කෙරෙහි උදහස් නොවන පිණිසද නුඹලාගේ හිසකේ විදහා නොගන්න, නුඹලාගේ වස්ත්‍ර ඉරානොගන්න. එහෙත් නුඹලාගේ සහෝදරයෝ වන මුළු ඉශ්‍රායෙල් වංශය ස්වාමීන්වහන්සේ ඇවිලෙවු දැවීම ගැන වැලපෙත්වා.


මෝසෙස් ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ කොටසෙන් මනුෂ්‍යයන්ගෙන් හා මෘගයන්ගෙනුත් පනසකින් එකෙකු බැගින් වෙන්කර රැගෙන උන් ස්වාමීන්වහන්සේ මෝසෙස්ට අණකළ ලෙස ස්වාමීන්වහන්සේගේ මණ්ඩප භාරය රක්ෂා කරන ලෙවීවරුන්ට දුන්නෝය.


ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ කොටසෙන් මිනිසුන්ගෙන්ද ගවයන්ගෙන්ද කොටළුවන්ගෙන්ද එළු බැටළුවන්ගෙන්ද සියලු ආකාර මෘගයන්ගෙන්ද පනසකින් එකෙකු බැගින් වෙන්කොට රැගෙන ස්වාමීන්වහන්සේගේ මණ්ඩපය භාරකාරවූ ලෙවීවරුන්ට දෙන්නැයි කීසේක.


ඉශ්‍රායෙල් පුත්‍රයන් ශුද්ධස්ථානයට ළංවෙන කල ඔවුන් අතරට වසංගතයක් නොපැමිණෙන පිණිස, සම්මුඛවීමේ කූඩාරමෙහි ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ මෙහෙය කිරීමටත් ඉශ්‍රායෙල් පුත්‍රයන් උදෙසා සමඟිකමක් කිරීමටත් ඉශ්‍රායෙල් පුත්‍රයන් අතරෙන් ලෙවීවරුන් ත්‍යාගයක් කොට ආරොන්ටද ඔහුගේ පුත්‍රයන්ටද දුනිමියි කීසේක.


වචනය දේශනා කරන්න; කලටත් අකලටත් වැඩේ යෙදී සිටින්න; සියලු ආකාර ඉවසිලිවන්තකමෙන් සහ ඉගැන්වීමෙන් තරවටුකර, අවවාදකර, අනුශාසනාකරන්න කියාය.


එබැවින් ප්‍රොපේතවරුන් ගැන සේනාවල ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: බලව, මම ඔවුන්ට කොසඹ ඵල කවන්නෙමි, වසදිය පොවන්නෙමි. මක්නිසාද යෙරුසලමේ ප්‍රොපේතවරුන්ගෙන් දූෂිතය දේශය මුළුල්ලෙහි පැතිර ගියේය.


අනාගතවක්තෘවරු බොරුවට අනාගතවාක්‍ය කියති, පූජකයෝද ඔවුන්ගේ ආධාරයෙන් ආණ්ඩුකෙරෙති. මාගේ සෙනඟද එසේ වීමට ප්‍රියවෙති; නුමුත් එහි කෙළවරදී නුඹලා කරන්නේ කුමක්ද?


නුමුත් අපේ දෙවියන්වහන්සේ නම් ස්වාමීන්වහන්සේය, අපි උන්වහන්සේ අත්නොහැරියෙමුව; ස්වාමීන්වහන්සේට සේවයකරන පූජකයෝවූ ආරොන්ගේ පුත්‍රයෝද තමුන්ගේ මෙහෙයේ යෙදෙන ලෙවීවරුද අපට සිටිති.


බෙත්-ෂෙමෙෂ්හි මනුෂ්‍යයන් ස්වාමීන්වහන්සේගේ පෙට්ටිය ඇර බැලූ නිසා උන්වහන්සේ සෙනඟගෙන් සැත්තෑ දෙනෙකුටත් පනස් දහසකටත් පහර දුන්සේක. ස්වාමීන්වහන්සේ සෙනඟ අතරෙහි මහත් නාස්තියක් කළ බැවින් සෙනඟ වැලපුණාහ.


නැගෙනහිර පැත්තෙහි මණ්ඩපයට ඉස්සරහපිටින් නැගෙන ඉරට සම්මුඛවීමේ කූඩාරම ඉදිරිපිට කඳවුරු බැඳගන්නෝනම් මෝසෙස් හා ආරොන්ද ඔහුගේ පුත්‍රයෝද වෙත්. ඔව්හු ඉශ්‍රායෙල් පුත්‍රයන් වෙනුවට ශුද්ධස්ථානයේ සේවය භාරගන්නෝය; ළංවන්නාවූ අන්‍යයා මරනු ලබන්නේය.


එහෙත් ලෙවීවරුන් සාක්ෂි මණ්ඩපය කෙරෙහිද එහි සියලුම භාණ්ඩ කෙරෙහිද ඊට අඩංගු සියල්ල කෙරෙහිද පත්කරන්න. ඔව්හු මණ්ඩපයද එහි සියලු භාණ්ඩද උස්සා ගෙන යන්නෝය; ඔව්හු එහි මෙහෙය කරමින් මණ්ඩපය හාත්පස කූඩාරම් ගසාගෙන සිටින්නෝය.


ඉශ්‍රායෙල් පුත්‍රයෝ එසේ කළෝය; ස්වාමීන්වහන්සේ මෝසෙස්ට අණකළ සියල්ල ලෙස ඔව්හු කළෝය.


එවිට සම්මුඛවීමේ කූඩාරම කඳවුරුවලට මැදිව ලෙවීවරුන්ගේ කඳවුර සමඟ පිටත්ව යන්නේය. ඔව්හු කූඩාරම් ගසාගන්න පිළිවෙළටම තම තමුන්ගේ ස්ථානවල සිට තමුන්ගේ ධජවල හැටියට පිටත්ව යා යුතුය.


ගේර්ෂොන්වරුන්ගේ පවුල් මණ්ඩපය පිටිපස අපරදිගින් කූඩාරම් පිහිටුවාගන්නෝය.


කොහාත් පුත්‍රයන්ගේ පවුල් මණ්ඩපයට දකුණු පැත්තෙහි කූඩාරම් පිහිටුවාගන්නෝය.


මෙරාරීවරුන්ගේ පවුල්වල පිය පෙළපතේ අධිපතියා නම් අබිහයිල්ගේ පුත්‍රවූ ශූරියෙල්ය. ඔව්හු මණ්ඩපයට උතුරු පැත්තෙහි කූඩාරම් පිහිටුවාගන්නෝය.


මෝසෙස් ඒ සැරයටි සාක්ෂි මණ්ඩපයෙහි ස්වාමීන්වහන්සේ ඉදිරිපිට තැබුවේය.


ස්වාමීන්වහන්සේගේ මණ්ඩපයේ මෙහෙය කිරීමටත් සභාවට සේවයකරන පිණිස ඔවුන් ඉදිරියෙහි සිටීමටත් නුඹලා තමන්වහන්සේ ළඟට පමුණුවන ලෙස ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේ ඉශ්‍රායෙල් සභාවෙන් නුඹලා වෙන්කරගත් එකත්,


ඔව්හු ස්වාමීන්වහන්සේට හැම උදයද හැම සවසද දවන පූජාත් සුවඳ දුම් ඔප්පුකරති. පිදීමේ රොටි රන් මේසය උඩ තබති, රන් පහන්-රුක සමඟ එහි පහන් හැම සවසම දල්වති. මක්නිසාද අපි අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ භාරය පවත්වමුව; නුමුත් නුඹලා උන්වහන්සේ අත්හැරියහුය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්