ඔහුගේ ඊමෙන් පමණක් නොව නුඹලා ගැන ඔහු ලැබූ සැනසිල්ලත් කරණකොටගෙනය; නුඹලාගේ මහත් ආශාවද නුඹලාගේ වැලපීමද මා උදෙසා නුඹලාගේ ජ්වලිතකමද ගැන ඔහු දැන්වූ කල, මම තව වඩා ප්‍රීතිවීමි.
කොලොස්සි 1:4 - Sinhala Revised Old Version අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පියවූ දෙවියන්වහන්සේට අපි ස්තුතිකර, නිතරම නුඹලා ගැන යාච්ඤාකරමුව. Sinhala New Revised Version මන්ද, ඔබගේ ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ තුළ ඇති ඇදහිල්ලත්, සියලු සැදැහැවතුන් කෙරෙහි පවත්නා ඔබේ ප්‍රේමයත් ගැන අප අසා ඇති බැවිනි. සිංහල කාලීන පරිවර්තනය යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළ ඇති ඔබගේ ඇදහිල්ලත්, සියලු ශුද්ධවන්තයින් වෙත ඇති ඔබගේ ප්‍රේමයත් ගැන අප අසා ඇති බැවිනි. Sinhala New Revised Version 2018 මන්ද, ඔබගේ ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ තුළ ඇති ඇදහිල්ලත්, සියලු සැදැහැවතුන් කෙරෙහි පවත්නා ඔබේ ප්‍රේමයත් ගැන අප අසා ඇති බැවිනි. |
ඔහුගේ ඊමෙන් පමණක් නොව නුඹලා ගැන ඔහු ලැබූ සැනසිල්ලත් කරණකොටගෙනය; නුඹලාගේ මහත් ආශාවද නුඹලාගේ වැලපීමද මා උදෙසා නුඹලාගේ ජ්වලිතකමද ගැන ඔහු දැන්වූ කල, මම තව වඩා ප්‍රීතිවීමි.
මක්නිසාද නුඹලා සියල්ලෝම ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ ඇදහිල්ල කරණකොටගෙන දෙවියන්වහන්සේගේ පුත්‍රයෝය.
නුඹලා සියල්ලන් ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ එක්කෙනෙක්ව සිටින නිසා, යුදෙව්වෙක් හෝ ග්‍රීකයෙක් නැත්තේය, දාසයෙක් හෝ නිර්දාසයෙක් නැත්තේය, පුරුෂයෙක් හා ස්ත්‍රියෙක් නැත්තාහ.
මක්නිසාද ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ ප්‍රේමය කරණකොටගෙන ක්‍රියාකරන ඇදහිල්ලෙන් මිස, චර්මඡේද්‍යයෙන්වත් අචර්මඡේද්‍යයෙන්වත් ප්‍රයෝජනයක් නැත.
මේ නිසා මමත් ස්වාමිවූ යේසුස්වහන්සේ තුළ නුඹලා අතරේ ඇත්තාවූ, නුඹලා සියලු ශුද්ධවන්තයන්ට දක්වන්නාවූ ඇදහිල්ල ගැන අසා, නුඹලා මාගේ යාච්ඤාවලදී සඳහන්කරමින්,
එබැවින් අපිත් ඒ ඇසූ දා පටන් නුඹලා උදෙසා නොකඩවම යාච්ඤාකරමින්, නුඹලා සියලු ආකාර ප්‍රඥාවද ආත්මික නුවණද ලබන ලෙස උන්වහන්සේගේ කැමැත්ත දැනගැනීමෙන් පූර්ණවී,
අපේ යාච්ඤාවලදී නුඹලා ගැන මතක්කරමින්, නුඹලා සියල්ලන් ගැන සෑමවේලේම දෙවියන්වහන්සේට ස්තුතිකරමුව.
දැන් තිමෝතියස් නුඹලා වෙතින් අප ළඟට ඇවිත්, නුඹලාගේ ඇදහිල්ලත් ප්‍රේමයත් නිතරම නුඹලා අප හොඳාකාර සිහිපත්කරමින්, අප නුඹලා දකින්ට ආශාවෙන් සිටින්නාක්මෙන්ම අප දකින්ට නුඹලාත් ආශාවෙන් සිටින බවත් යන යහපත් ආරංචි අපට දැන්වූ කල,
සහෝදරයෙනි, නුඹලා ගැන දෙවියන්වහන්සේට නිතරම ස්තුතිකරන්ට අපි බැඳී සිටිමුව. නුඹලාගේ ඇදහිල්ල අතිශයින් වැඩිවන නිසාත්, එකිනෙකා කෙරෙහි තිබෙන නුඹලා සියල්ලන්ගේ ප්‍රේමය අධිකව තිබෙන නිසාත් එසේ ස්තුතිකරන්ට යුතුය;
නුඹ තුළ පවතින සියලු යහපත් දේ ගැන දැනගැනීමෙන් නුඹේ ඇදහිල්ලේ හවුල්කාරකම ක්‍රිස්තුස්වහන්සේ උදෙසා බලවත්වන පිණිස,
මක්නිසාද නුඹලාගේ වැඩයද නුඹලා ශුද්ධවන්තයන්ට කළාවූ, කරන්නාවූ උපස්ථානයෙන් දෙවියන්වහන්සේගේ නාමයට පෙන්නූ ප්‍රේමයද මතකනැතිකරන්ට උන්වහන්සේ අධර්මිෂ්ඨ නැත.
අප සහෝදරයන්ට ප්‍රේමකරන බැවින්, අප මරණින් ජීවනයට පැමිණ සිටින බව අපි දනිමුව. ප්‍රේම නොකරන තැනැත්තේ මරණයෙහි පවතියි.
උන්වහන්සේගේ ආඥාව නම් උන්වහන්සේගේ පුත්‍රවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමය කෙරෙහි ඇදහීමත් උන්වහන්සේ අපට ආඥාකළ ලෙස එකිනෙකාට ප්‍රේමකිරීමත්ය.
දෙවියන්වහන්සේ අප කෙරෙහි ඇති ප්‍රේමය අපි දැන විශ්වාසකරගන සිටිමුව. දෙවියන්වහන්සේ ප්‍රේමයය; ප්‍රේමයෙහි පවතින්නා දෙවියන්වහන්සේ තුළ සිටි, දෙවියන්වහන්සේද ඔහු තුළ සිටිනසේක.