අපිද ඔබගේ මුළු ඕනෑකමේ හැටියට ලෙබනොන් සිට ලී කපා ඒවා පහුරුබැඳ, යොප්පාවට මුහුදෙන් ඔබට ගෙනැවිත් දෙන්නෙමුව; එවිට ඔබට ඒවා යෙරුසලමට ගෙන්වා ගත හැකි යයි කීවේය.
ක්‍රියා 9:36 - Sinhala Revised Old Version දොර්කස් යන අර්ථ ඇති තබීතා නම් එක්තරා ගෝල ස්ත්‍රියෙක් යොප්පාවෙහි සිටියාය. මේ ස්ත්‍රී බොහෝ යහපත් ක්‍රියාවලද දාන දීමෙහිද යෙදී සිටියාය. Sinhala New Revised Version දොර්කස්, හෙවත් මුවදෙන යන අර්ථය ඇති, තබිතා නම් එක්තරා සැදැහැවත් කාන්තාවක් ජොප්පාවෙහි සිටියා ය. ඈ යහපත කිරීමේ දී හෝ දන්දීමෙහි දී හෝ කිසි විටෙක වෙහෙසට පත් නොවූවා ය. සිංහල කාලීන පරිවර්තනය දොර්කස් හෙවත් මුව දෙන යන අරුතැති තබීතා නම් ඇදහිලිවන්තියක් යොප්පාහි විසුවා ය. යහපත් ක්‍රියා කිරීමේ ද දුප්පතුන්ට උපකාර කිරීමේ ද නියැළුණු ඕ, Sinhala New Revised Version 2018 දොර්කස්, හෙවත් මුවදෙන යන අර්ථය ඇති, තබිතා නම් එක්තරා සැදැහැවත් කාන්තාවක් ජොප්පාවෙහි සිටියා ය. ඈ යහපත කිරීමේ දී හෝ දන්දීමෙහි දී හෝ කිසි විටෙක වෙහෙසට පත් නොවූවා ය. |
අපිද ඔබගේ මුළු ඕනෑකමේ හැටියට ලෙබනොන් සිට ලී කපා ඒවා පහුරුබැඳ, යොප්පාවට මුහුදෙන් ඔබට ගෙනැවිත් දෙන්නෙමුව; එවිට ඔබට ඒවා යෙරුසලමට ගෙන්වා ගත හැකි යයි කීවේය.
තවද ඔව්හු ගල් වඩුවන්ටත් වඩුවන්ටත් මුදල්ද පාර්සියාවේ රජවූ කෝරෙෂ්ගෙන් තමුන්ට ලැබුණු අවසරයේ හැටියට ලෙබනොන්හි සිට මුහුදෙන් යොප්පාවට කිහිරි ගස් ගෙනෙන පිණිස ශීදොන් වැසියන්ටත් තීර් වැසියන්ටත් කෑම බීම හා තෙල්ද දුන්නෝය.
ප්‍රේමවත් මුවදෙනකු සහ ප්‍රියකරු වැලිමුවදෙනකු මෙන් ඇගේ පියයුරුවලින් සෑමවිටම සතුටුවී, ඇගේ ආදරයෙන් නිතරම ප්‍රීතිමත්වෙන්න.
මාගේ ප්‍රේමවන්තයා මුවෙකු නොහොත් මුවපැටවෙකු මෙන්ය. අන්න, ඔහු අපේ තාප්පයට පිටතින් සිට, කවුළුවලින් බලයි, ගරාදි අතුරෙන් එබීබලයි.
යෙරුසලමේ දූවරුනි, ප්‍රේමය කැමතිවන තුරු එය නොනැගුටුවන ලෙසත් නුපුබුදු වන ලෙසත් වනයේ මුවදෙනුන් සහ ඕලුදෙනුන් නමින් නුඹලා දිවුරවමි.
මාගේ ප්‍රේමවන්තය, ඉක්මන්කොට, සුවඳ ගස් ඇති කඳු පිට, තිත්මුවෙකු නොහොත් මුවවස්සෙකු මෙන් යුහුසුලුවෙන්න.
එහෙත් යෝනා ස්වාමීන්වහන්සේ ඉදිරියෙන් තර්ෂිෂ්ට පලා යන පිණිස නැගිට, යොප්පාවට බැසගොස්, තර්ෂිෂ්ට යන නැවක් එහි සම්බවී, ඊට ගාස්තුව ගෙවා, ස්වාමීන්වහන්සේ ඉදිරියෙන් ඔවුන් සමඟ තර්ෂිෂ්ට යන පිණිස ඒකට නැගුණේය.
මිදිවැල මමය, නුඹලා අතුය. යමෙක් මා තුළෙහි පවතින්නේද, මම ඔහු තුළෙහි පවතිම්ද, ඒ තැනැත්තේ බොහෝ ඵල දරයි. මක්නිසාද මාගෙන් වෙන්ව කිසිවක් කරන්ට නුඹලාට බැරිය.
මාගේ පියාණන්වහන්සේට ගෞරව ලැබෙන්නේ නුඹලා විසින් බොහෝ ඵල දැරීමෙන්ය; මෙසේ නුඹලා මාගේ ගෝලයෝ වන්නෝය.
එකල ඔහු ඔවුන් ඇතුළට කැඳවා නවාතැන් දුන්නේය. පසුවදා ඔහු නැගිට ඔවුන් සමඟ පිටත්ව ගියේය, යොප්පාවේ සහෝදරයන්ගෙන් සමහරෙක්ද ඔහු කැටුව ගියෝය.
කොර්නේලියස්, නුඹේ යාච්ඤාව අසනලද්දේය, නුඹේ දානද දෙවියන්වහන්සේගේ ඇස් හමුවෙහි සිහිකරන ලද්දේය.
එවිට ඔහු තමාගේ ගෙයි දේවදූතයා සිටිනවා දුටු හැටිත්, යොප්පාවට මනුෂ්‍යයන් යවා පේතෘස් නම්ලත් සීමොන් කැඳවන්න,
මම යොප්පා නුවර යාච්ඤාකරමින් සිටි කල මූර්ඡාවූයෙම්, සතර කොනෙන් අහසෙන් බස්වනලද මහත් ඇතිරිල්ලක් වැනිවූ එක්තරා භාජනයක් බැස එනවා දර්ශනයෙන් දුටිමි; ඒක මා ළඟටම පැමිණියේය.
ලිද්දාව යොප්පාවට සමීප බැවින්, පේතෘස් එහි සිටින බව ගෝලයෝ අසා: ප්‍රමාද නොවී අප වෙතට අව මැනවයි ඉල්ලමින් මනුෂ්‍යයන් දෙදෙනෙකු ඔහු වෙතට යැවුවෝය.
මක්නිසාද අපි වනාහි යහපත් ක්‍රියා කරන පිණිස ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ මවනු ලැබ දෙවියන්වහන්සේගේ කර්මාන්තයව සිටිමුව. ඒ යහපත් ක්‍රියාවල අප හැසිරෙන පිණිස දෙවියන්වහන්සේ ඒවා කලින් සූදානම්කළ-සේක.
නුඹලාගේ ප්‍රේමය දැනගැන්මෙන් හා සියලු ආකාර විමසීමෙන් තව වඩ වඩා බොහෝ වන පිණිස යාච්ඤාකරමි.
සැබවින් නුඹලා මකිදෝනිය මුළුල්ලෙහි සිටින සියලු සහෝදරයන්ට එසේ ප්‍රේමකරන්නහුය. එහෙත්, සහෝදරයෙනි, වඩ වඩා එසේ කරන මෙන්ද,
යහපත් ක්‍රියා ගැන ප්‍රසිද්ධවූ, දරුවන් ඇතිකළාවූ, ආගන්තුක සත්කාරකළාවූ, ශුද්ධවන්තයන්ගේ පාද සේදුවාවූ, පීඩා විඳින්නන්ට උපකාරකළාවූ, සියලු ආකාර යහපත් ක්‍රියාවල යෙදී සිටියාවූ තැනැත්තියක්ය.
උන්වහන්සේ සියලු අධර්මිෂ්ඨකම්වලින් අප මුදා, යහපත් ක්‍රියා ගැන ජ්වලිතවූ සෙනඟක් ස්වකීය සම්පතක් කොට පවිත්‍රකරගන්න පිණිස, අප උදෙසා තමන්ම දුන්සේක.
සියල්ලෙහිදී නුඹම යහපත් ක්‍රියාවල ආදර්ශයක් වෙන්න; විරුද්ධකාරයාට අප ගැන කිසි නපුරක් කියන්ට නැතුව,
මේක විශ්වාසවූ කීමක්ය. දෙවියන්වහන්සේ කෙරෙහි අදහාගන සිටින්නන් යහපත් ක්‍රියාවල යෙදී සිටින්ට බලාගන්නා පිණිස නුඹ විසින් මේ දේවල් සහතිකලෙස කියනවාට කැමැත්තෙමි. මේවා මනුෂ්‍යයන්ට යහපත්වූ ප්‍රයෝජනවත්වූ දේවල්ය.
තමන් ඉදිරියෙහි ප්‍රසන්නව තිබෙන දේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කරණකොටගෙන අප තුළ කරමින්, නුඹලා උන්වහන්සේගේ කැමැත්ත කරන පිණිස සියලු යහපත් ක්‍රියාවලට නුඹලා සම්පූර්ණකරනසේක්වා. උන්වහන්සේට සදාකාලේටම ගෞරවය වේවා. ආමෙන්.
අපගේ පියවූ දෙවියන්වහන්සේ ඉදිරියෙහි පිරිසිදුවූ නොකිලුටුවූ භක්තිය නම්, මවුපියන් නැති දරුවන්ද වැන්දඹු ස්ත්‍රීන්ද ඔවුන්ගේ විපත්තියේදී බලාගැනීමත්, ලෝකයෙන් කිලුටු නොවන ලෙස තමාම ආරක්ෂාකරගැනීමත්ය.